(වියලුව වාර්තාකරු)
හැරගිය සැමියා ආපසු ගෙන්වා දීම සඳහා ශාන්තිකර්මයක් කර දීමට තම දේවාලයට ගෙන්වාගත් කාන්තාවකගෙන් හොඳ හැටි පහරකා දේවාලයේ තිබු වටිනා බඩු මුට්ටු මෙන්ම තම ජීවිකාවද අහිමිකරගත් කපු මහතකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය
ඇය තරුණ විවාහක කාන්තාවකි. සිය කුළුඳුල් දරුවා ප්‍රසූත කිරීමත් සමගම කිසියම් හේතුවක් නිසා ඇයගේ සැමියා ඇය අත්හැර අගනුවර ප්‍රදේශයට ගොස් වෙනත් කාන්තාවක් සමග දීග කමින් සිටියේ තම දරුවා මෙන්ම බිරියද අමතක කර දමමිනි.
ඔහු යළි ගෙන්වා ගැනීමට නීති අංශ මගින් කටයුතු කළද පලක් නොවූ තැන ඇය දෙවියන්ගේ පිහිට පැතීමට තීරණය කළේ මිතුරියකගේ මග පෙන්වීම අනුවය.
ඒ අනුව තම ගම්මානයට තරමක් දුර බැහැරින් පිහිටි දේවාලයක කපුවකු හමුවී තමුන්ට අත්වූ ඉරණම විස්තර කළේ ඔහුගෙන් කිසියම් පිහිටක් බලාපොරොත්තුවෙනි.
සැමියා ගෙන්වා දීම සුළු කටයුත්තක් බව පැවසූ කපු මහතා ඒ වෙනුවෙන් ශාන්තිකර්මයක් කළ යුතු බව කියා සිටියේ ඇය ඉදිරියේ සිහින ලෝකයක් මවමිනි.
කටයුත්ත සුළුපටු නොවන එකක් බව ඇය වෙත අවධාරණය කළ කපු මහතා ඒ වෙනුවෙන් දින තුනක් දිය නා පිරිසුදු වී ඇඳ පැලඳගෙන බුලත් අතක් පමණක් රැගෙන දේවාලයේ වතාවත් නොපැවැත්වෙන දිනකදී තනිවම පැමිණෙන්නැයි කියා සිටියේ සැමියා ගෙන්වාදෙන තුරු සියලු කටයුතු රහසේ සිදු කළ යුතු යැයි ද අවවාද කරමිනි.
කපු මහතා කී පරිදි දින කීපයක් තිස්සේ දිය නා පේවී පිරිසුදුවට හැඳ පැළඳ ගත් ඇය හුදෙකලාවම දේවාලය වෙත පැමිණියේ සිය සැමියා ගෙන්වා ගැනීමට ඕනෑම කැපකිරීමක් කරන්නට සූදානම් බව කපු මහතාටද අවධාරණය කරමිනි.
ඇය පැමිණෙන විටත් දේවාලය පාළු පිටියක ස්වභාවයක් ඉසිලූ අතර දේවාලයේ සිටියේද කපු මහතා පමණි.
කිසිවකුටත් නොදැනෙන පරිදි දේවාලයේ කුටියකට කාන්තාව කැඳවා ගත්ත කපු මහතා ඇයව අසුනක වාඩි කරවා ශාන්තිකර්මය කිරීමට පෙර කළ යුතු වත් පිළිවෙත් කිහිපයක් පිළිබඳව ඇයව දැනුම්වත් කළේ ඒ සඳහා ඇගේ කැමැත්තද ඉල්ලා සිටිමිනි.
ගොනා හැරෙන්නේ පොල් පැළයට බව තේරුම් ගත් කාන්තාව තමුන්ට මුහුණ දීමට සිදුවන ඕනෑම දෙයකට සූදානමින් මුලින්ම ඔහුගේ යෝජනාවන්ට එකඟව කටයුතු කළ ද වැඩ වැරදී ගැන එන බව දැනගත් ඇය කපුවාට අතින් පයින් පහර දී දේවාලයේ තිබූ දේවරූපයක් ඇතුළු බඩු මුට්ටු කීපයක්ද පොඩි කරමින් එළියට පැන මරළතෝනි දෙන්නට පටන් ගත්තේ මෙතෙක් කලක් කපුවා පොරවාගෙන සිටි සුදු පිරුවට ඉවත්කරමිනි.
සිද්ධියෙන් පසු කපුවාද අතුරුදන් වී ඇති අතර ඔහුද ද මේ වන විට නගරයේ වැඩ බිමක් සොයා ගොස් එහි කොන්ක්‍රීට් අනතැයි ගම්මු පවසති.
පරණ ක්‍රමයටම නිෂ්පාදනය කරනු ලබන ගමේ බඩු අලුත් ක්‍රමයට සිය මිතුරු තෙමේට සප්පායම් වීමට ලබාදුන් අම්බලන්ගොඩ අයකු පිළිබඳ අපූරු කතාවකි මේ.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශාන්තිකර්මයට ආ කතට ආලවට්ටම් පෑ ‘කපුවා’ කපෝති
Pradeep Tuesday, 09 June 2020 05:41 PM
මිනිසුනේ.. තමන්ගේ ඇති ප්‍රශ්න, ගැටළු වලට විසඳුම දෙවියන් නොවන බව වටහා ගන්න. එසේ නොකරන තාක් කල් ඔබට කපටිකම් වලට, වංචාවන් වලට හසු නොවී සිටිය නොහැකියි. දේවාලයේ යමක් නැති වුනොත් කපුවා යන්නේ පොලිසියට. ගමේ මිනිසුන්ගේ දෙයක් නැති වුනාම ඔවුන් යන්නේ දේවාලයට. තම භුමියේ සිදුවන දේවල් වලට පිහිට විය නොහැකි දෙවියන් ඔබලාට පිහිට වන්නේ කෙසේද. විවාහ වීමට බලාපොරොත්තුවෙන තරුණ තරුණියනි, වෙන කිසිම ගැලපීමකට පෙර ඔබ දෙදෙනාගේ අදහස්, ගති පැවතුම් ගැලපෙන්නේදැයි පළමුව විමසන්න. එය නොගැලපෙන්නේ නම් වෙනත් කිසිදු ගලපිමකින් පලක් නැත. විවාහය යනු එකිනෙකා අතර හොඳ ආබෝධයකින් යුතුව යා යුතු ගමනක් මිස නීති වලින් බැඳීමෙන් පමණක් යා නොහැකි ගමනකි. මම පෞද්ගලිකව යමෙක් මා හැර යන්නේ නම් ඔහුට හෝ ඇයට යන්න ඉඩ දෙනවා මිස බලෙන් නවත්වා ගන්නේ නැත.