දේවාලයක කපුවකු ලෙස පෙනීසිටිමින් අසනීපව සිටි විශ්‍රාමික යුවළකට විවිධ යාතිකා ශාන්තිකර්ම සිදුකර නිවසේ තිබූ වටිනා භාණ්ඩ සහ උපකරණ රැගෙන ගොස් ඇති අපූරු ආවතේවකරුවකු පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
විවිධ රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ශාන්තිකර්ම සිදුකිරීම හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කටයුතු කිරීම සහ වාස්තුවිද්‍යාව සිදුකරන බව පවසමින් නිතරම සිය දක්ෂතාව පිළිබඳව පම්පෝරි ගැසීම පුරුද්දක් ලෙස සිදුකරමින් බලිතොවිල් සිදුකිරීම ජීවිකාව කරගත් පුද්ගලයෙක් සිටියේය. කුමන හෝ නිවසකට ගිය පසු එම නිවසේ හෝ පිහිටි භූමියේ කුමන හෝ දෝෂයක් දැකීම ඔහුගේ සිරිතක් කරගෙන තිබුණි.
එම දෝෂය පිළිබඳව භයානක අන්දමින් නිවැසියන් දැනුම්වත් කර කෙසේ හෝ ශාන්තිකර්මයක් සූදානම්කර ගැනීමේ අපූරු හැකියාවක් මොහු සතුවිය.
දැහැමින් සෙමෙන් මනා දිවිපෙවතක් ගතකළ විශ්‍රාමික යුවළක් නගරයේ විසූහ. ඔවුන්ගේ දරුමල්ලෝ අග නගරයේ සහ විදේශ රටවල ජීවත් වූහ.
පසුගිය කාලයේ විශ්‍රාමික සැමියා රෝගාතුර වූ අතර ඒ බව දරුවන් සහ හිතවතුන් දැනුම්වත් කිරීමට බිරිඳ කටයුතු කළාය. විශ්‍රාමිකයාගේ අසනීප තත්ත්වය පිළිබඳව හිතවතුන් මාර්ගයෙන් කපුවාටද ආරංචිය.
දෙවරක් නොසිතා එම නිවසට ගිය ඔහු බොරු අනුකම්පාවක් පෙන්වා තෙල් සාත්තු කිරීම් ආදී විවිධ ශාන්තිකර්ම සිදුකළේය. රෝගියාට සාත්තු සප්පායම් කිරීමටද ඉදිරිපත් වූයේය.
එලෙස සිදුකරමින් මහලු යුවළ රවටමින් නිවසේ තිබූ විවිධ වටිනා උපකරණ ඉල්ලාගෙන යාම ඔහු පුරුද්දක් කර ගත්තේය.
සැමියාගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා රෝහල් ගතකළ අතර එහිදී ද කපුවා රෝගියාගේ තනියට සිටියේය. රෝගියා හදිසියේ මිය ගිය අතර දරුමල්ලෝ පැමිණ අවසන් කටයුතු සිදුකළහ.
මළගෙරින් පසු නිවස පිරිසිදු කිරීම සිදුකරන අවස්ථාවේ නිවසේ තිබූ තාත්තාගේ වටිනා විවිධ උපකරණ නොමැති බව දරුවන්ගේ ඇස ගැටිණි.
මවගෙන් ඒ පිළිබඳව විමසීමේදී කපුමහතාගේ තොරතුරු මව දරුවන්ට පැවසුවාය.
පියා නොමැතිව උපකරණ අපට කුමටදැයි දරුවන් සිත් නිවාගත් අතර ඔවුහු ඒ බව හිතවතුන් කිහිප දෙනකුටද පැවසූහ.
කතාව හිතමිතුරන් අතර පැතිර යාමට වැඩි කාලයක් ගත නොවීය. ප්‍රදේශය පුරා කතාව පැතිර යාමත් සමග කපුවා දරුමල්ලන් සමග බිරිඳගේ ගමේ ගොස් ඇති බව පැවසේ.
හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශාන්තියට ආ කපුරාළ බඩු මුට්ටු බිල්ලට අරගෙන