IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


සංගණනයට ගිහින් උගුලකට අහුවෙලා


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



සත්ව සංගණනයට ගොස් ජීවිතය අනූනවයෙන් බේරාගත් අයකු පිළිබඳව අපූරු කතාවක් කරන්දෙණියෙන් අසන්නට ලැබේ.
වගාවෙන්ම ජීවිතය ගැටගහගත් අයෙකි. කුඹුරු කෑල්ලෙන් හා කුරුඳු ඉඩමෙන් ලැබූ ආදායමෙන් යාන්තමට ජීවිකාව කරගෙන ගියේ වෙනත් විකල්පයක් නැති නිසාය.
මෑතක සිට එන වන සතුන් නිසා ඔහුගේ වගාවටද දැඩි බලපෑම් එල්ලවිය. ඔහුගේ කුඹුරට හා කුරුඳු ඉඩමට එන වන සතුන්ට ඕනෑම දෙයක් කරන්නට යයි ගමේ කොල්ලන්ට කීවේ එක්තරා ඇමැතිවරයකු වගා බිම්වලට එන වන සතුන් සම්බන්ධයෙන් කළ එක්තරා ප්‍රකාශයක් නිසාමය.
ඔහුගේ කුඹුරට මොනරු එති. ඒ ගොයම් ගස්වල වී උරා බීමටය. ඒ මදිවට විල් මුවෝද එති. ඒ ළපටි ගොයම භුක්ති විදීමටය. මොනරුන් කෙසේවෙතත් කුඹුරට එන විල් මුවන් සම්බන්ධයෙන් කොල්ලන් සිටියේ දැඩි සෝදිසියෙනි.
කතානායකයා පෙරේදා (15) උදේ පාන්දරම කුඹුරට ගියේ සත්ව සංගණනයටය. ඒ කුඹුරට එන මොනරුන් ගණන බලා කොළයක සටහන් කරන්නය. පුදුමය කියන්නේ වෙනදා උදේ කුඹුරට ආ මොනරු රැළෙන් එක මොනරෙකුවත් මෙදා ඇවිත් සිටියේ නැත. ඔහුට එය හරි පුදුමය. ඒ නිසා ඔහු කුඹුරේ කෙළවරටම ගියේ අඩු තරමෙන් එක මොනරෙකුවත් ඒදෝයි මාන බැලීමටය.


 ඔහුට වැඩි දුරක් කුඹුරේ නියරේ යාමට නොලැබුණේය. කොල්ලන් කුඹුරට එන විල් මුවන්ට ඇටවූ කම්බි උගුලකට අසුවුණේය. කකුල කම්බියට තදවනවාත් එක්කම ඔහු කුඹුරට වැටුණේය. ඔහු නියරින් කුඹුරට වැටුණේ දුරින් සිටි භාර්යාවද බලා සිටියදීමය.
මවගේ විලාපය අසා පැමිණි දූදරුවෝ කකුලේ පැටලී තිබූ කම්බි පොට ගලවා මඩ සෝදා ඔහු ගොඩට ගත්තෝය. ඔහුගේ තත්ත්වය ටිකක් බරපතළ හෙයින් මඩෙන් ගොඩට ගෙන රෝහල් ගත කිරීමට දරුවන් පියවර ගත්තේ ඔහුගේ රුධිර පීඩනය වැඩි බව අවබෝධ වීමත් සමගය.
එදා උදේ ඔහු රුධිර පීඩනයට බොන බෙහෙත් පෙති නොගෙන උදේම සත්ව සංගණනයට යාමත් කම්බියට පැටලී කුඹුරේ වැටීමෙන් ඇතිවූ කම්පනයත් නිසාම ඔහුගේ රුධිර පීඩනයද වැඩිවීමට හේතුව බව වෛද්‍යවරු කීහ. දූ දරුවන් එම අවස්ථාවේදීම ඔහු රෝහල් ගත නොකළේ නම් සත්ව සංගණනයට ගිය ඔහුට ගණනය කරන්න වෙන්නේ තමන්ගේ ලෝකයට එන මළවුන් බවද වෛද්‍යවරු සිනාසී කීහ.

 



අදහස් (1)

සංගණනයට ගිහින් උගුලකට අහුවෙලා

ගුණරත්න Monday, 17 March 2025 01:16 PM

ඔය විල් මුවා කියන්නේ කුඩා බල්ලෙක්ටත් වඩා පුංචි මුවෙක්, වඳවීයාමේ තර්ජනයට ලක්වෙලා ඉන්න සත්වයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දෙයියෝ සාක්කි

සංගණනයට ගිහින් උගුලකට අහුවෙලා
2025 මාර්තු මස 17 306 1

සත්ව සංගණනයට ගොස් ජීවිතය අනූනවයෙන් බේරාගත් අයකු පිළිබඳව අපූරු කතාවක් කරන්දෙණියෙන් අසන්නට ලැබේ.


කෙළ ගහන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මාර්තු මස 14 680 2

රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක


පියකුගෙන් අපූරු සැලකිල්ලක්
2025 මාර්තු මස 13 785 2

තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය.


බඹර පදම් වී පඩි පැකැට්ටුවම පුදලා
2025 මාර්තු මස 12 938 2

හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.


චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා
2025 මාර්තු මස 11 895 2

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ


යතුරයි සල්ලියි මාරු වී මුදලාලිට තරු පෙනිලා
2025 මාර්තු මස 08 509 1

දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 343 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 800 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 304 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site