කාවින්දි කරුණාතිලක
සංගීත ප්‍රසංගයක් නැරැඹීමට ගොස් නැවත නිවෙස්වලට යාමට මුදල් නොමැතිව මහපාරේ රැය පහන් කළ තරුණියන් පිරිසක් පිළිබඳ පුවතක් නුගේගොඩ අවටින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
නව පරපුරේ ගායක ගායිකාවන් රැසක් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් නැරැඹීමට මිතුරියන් පස්දෙනකු ගොස් ඇත.
හිතේ හැටියට කා බී විනෝද වූ ඔවුන්ට නිවෙස්වලට යාමට සිහි වී ඇත්තේ මධ්‍යම රාත්‍රියත් ඉක්මවා ගිය පසුවය. පාරට ගොස් මුදල් පසුම්බිය බැලූ තරුණියන් පස්දෙනාටම දෙයියන් සිහිවී ඇත්තේ අවම බස් ගාස්තුවවත් ගෙවීමට එක් අයකු ළඟ වත් මුදල් නොතිබූ නිසාය. කල්පනා කරමින් අසල තිබූ බස් නැවතුම්පොළට මිතුරියන් පස්දෙනා පයින්ම ගොස් ඇත.
නිශාචර බඹරුන්ගේ ඇස්වලට හසු වූ බස් නැවතුම්පළේ රැඳී සිටි තරුණියන් බිවු රන්කිරි කටින් එන තරමට බිය වී ඇත.
තමාට වූ අකරතැබ්බය නිවෙස්වලට කියාගත නොහැකිව පුරා පැය පහක් පමණ බස් නැවතුම්පළේම මදුරුවන් තළමින් රැය පහන් කරන්නට ඔවුන්ට සිදු වී ඇත.
මිතුරන්ට ද දුරකථන ඇමතුම් ගෙන උදවු පතන්නට ගිය ද කිසිවකුත් ඇමතුම් ලබා ගෙන නැති නිසා තරුණියන්ට තව තවත් දෙයියන් සිහි වී ඇත.
එළිවෙන ජාමේ එක් මිතුරකුට ලබාගත් ඇමතුම සාර්ථක වීමෙන් ඔහුගේ උදවු ඇතිව තරුණියන් පස්දෙනා නිවෙස්වලට ගොස් ඇත.
තම වගකීම් විරහිත බව පිළිබඳ තමාටම බනිමින් මිතුරියන් පස්දෙනා නිවෙස්වලට ගොඩ වී ඇත්තේ ප්‍රසංගය නිම වී යහළුවකුගේ නිවසේ රාත්‍රි ආහාර ගෙන නිදාගත් බව මවුපියන්ට පවසමිනි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
සංගීතයට ලොල් වී පාරේ ලගින්න වෙලා