IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සංගීතය බලාඑද්දී ‘භූතයෙක්’ නැගිටලා

(බුලත්සිංහල විශේෂ - ලක්මි කුඩලිගම)
සංගීතය බලා ගෙදර එද්දී මධ්‍යම රාත්‍රියේ කනත්තේ සිට තමා අමතන්නේ භූතයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් අගනුවරට නුදුරු නගරයකින් වාර්තා වෙයි.


 වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


 පිටිසරින් අගනුවරට පැමිණ පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු මිතුරන් තිදෙනෙකි. සංගීතයට ලැදි මේ මිතුරන් නවාතැන් ගෙන සිටින්නේ එකම බෝඩිං කාමරයකය.


ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගි වන සංගීත සංදර්ශනයක් ආසන්න නගරයේ එදින රාත්‍රියේ පවත්වන බව එක් මිතුරකු තම අනෙක් මිතුරන් දෙදෙනාට කිවේ එය නැරඹීමට තම කාර්යාලීය මිතුරන් කීප දෙනෙකු ද සහභාගි වන බව පවසමිනි.


 මම නම් වැඩි වේලාවක් ඉන්නේ නැහැ හෙට හදිසි වැඩක්. ඒ නිසා මම ඔයාල ගැන බලන්නේ නැහැ. මට හිතුනු ගමන් ආපසු බෝඩිමට යනවා. එක් සගයෙක් කී විට මමත් එහෙමයි නිදිමත වුණ ගමන් යනවා ඔන්න ආයි කියන්නේ නැතිව ගියා කියලා දොස් කියන්න එපා. අනෙක් සගයා ද කීවේ ප්‍රසංගය පැවැති භූමියට බෝඩිම වැඩි ඈතක් නොවූ නිසාය.


 ටික වේලාවක් ප්‍රසංගය නැරඹූ එක් සගයෙක් කලින්ම යන්නට ගියේය. මධ්‍යම රාත්‍රියට ආසන්නව අනෙක් සගයා ද පා ගමනින්ම ආවේ තරමක වැසි තත්ත්වයක් ඇති වූ නිසාය. කනත්තක් මැදින් වැටී ඇති මාර්ගයේ කනත්ත ආසන්නයට ළඟා වන විට වැස්ස තදින් කඩා වැටුණි. හොල්මන් අවතාර පිළිබඳ කිසිදු තැකීමක් නොකරන ඔහු කනත්ත මැද පිහිටි සොහොන් ගෙට දුව ගියේ වැස්සෙන් බේරීමටය.


 මද වේලාවක් එහි රැදී සිටි ඔහු දුටුවේ  වැස්සට තෙමෙමින් වටපිට බලමින් අඩියට දෙකට මාර්ගයේ ගමන් කරන තම අනෙක් මිතුරාය. ඔහු අමතා “මචං තෙමෙන්න එපා අසනීප වෙයි.“ “මෙහෙට වරෙන් වැස්ස පායනකම් මෙතන ඉඳල යන්න පුළුවන්.” කනත්තේ සිටි සගයා හඬ නගා කීය. මේ මහ රෑ කනත්තේ සිට තමා අමතන්නේ භූතයෙකු යැයි සිතූ මිතුරා “බුදු අම්මෝ මට බැරියෝ” කියා මර හඬ දී දුව ගියේය.


 වැස්සෙන් පසු කනත්තේ සිටි සගයා ද නවාතැනට යන විටත් අනෙක් මිතුරෝ ඔහු වටකර ගෙන සිටි අතර ඔහුගේ කෑගැසීමේ අඩුවක් ද නොවීය. මචං හරි වැඬේ මෙයා කනත්ත ළඟදී භූතයෙකුට බය වෙලා. මිතුරෙක් කීය. එහෙත් කනත්තේ සිට ඇමතුවේ තමා යැයි කොතරම් පැහැදිලි කළ ද ඒ බය ඇරීමට පසුදින යකදුරෙකුගේ සහාය පැතීමට මිතුරන්ට සිදුවිය.

 



අදහස් (0)

සංගීතය බලාඑද්දී ‘භූතයෙක්’ නැගිටලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 461 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 907 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 868 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1156 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9495 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site