IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


සිඟමන් පතා ආ යාචකයා රුපියල් 2000 නෝට්ටුව මාරුකර රුපියල් 100 ක් අරන්

හැඳල පැත්තේ නිවෙස්වලට සතියකට වරක් සිඟමනේ පැමිණීම පුරුද්දක් කරගෙන සිටි එක්තරා යාචකයෙකි. සතියේ දින හත සඳහා එක් එක් ප‍්‍රදේශ බෙදා වෙන්කරගෙන සැලැස්මකට අනුව සිඟමනේ යාම ඔහුගේ පිළිවෙළ විය. මේ සැලසුම්සහගත පිළිවෙළ නිසා කිසිම අවස්ථාවක එක් සතියක් තුළදී කිසියම් නිවසකට එක් වරකට වඩා සිඟමනේ යාමට ඔහුට සිදුවූයේ නැත.ඔහුගේ පැවති විශේෂත්වයක් වූයේ දුගී නිවාස හෝ පැල්පත්වලට සිඟමනේ නොගොස් ඉහළ පැලැන්තියේ නිවෙස්වලට පමණක් සිඟමනේ ඉල්ලා යාමය. මේ හැම නිවසකින්ම ඔහුට අඩුම වශයෙන් රුපියල් දහයක්වත් සිඟමන් වශයෙන් ලැබුණි. ඔහු එම නිවෙස්වලට කොතරම් හුරු පුරුදුවී සිටියෙ ද කිවහොත් එක් එක් නිවසින් තමාට සතිපතා ලැබෙන මුදල කොපමණදැයි හරිහැටි කියන්නට ඔහු දැන සිටියේය.”හොඳ මනුස්සයා, අපට කිසිම කරදරයක් නැහැ” ගමේ මිනිසුන් වැඩිදෙනා මේ යාචකයා ගැන කතා කළේ ඒ විදියටය. තමන්ට කරදර නොකර යමක් කමක් ඇති උදවියගෙන් පමණක් සිඟමන් ඉල්ලීමේ පුරුද්ද පිළිබඳව ගමේ මිනිසුන් වැඩිදෙනකුගේ ප‍්‍රසාදයට ඔහු ලක්වී සිටියේය.සතියකට වරක් මේ යාචකයා තම නිවෙස්වලට සිඟමනේ පැමිණෙන දිනය එම නිවෙස්වල පදිංචිකරුවෝ කල්තියා දැන සිටියහ. යාචකයාගේ රාජකාරිය වූයේ අදාළ නිවෙස් ඉදිරිපිටට ගොස් ගේට්ටුව ශබ්ද කිරීම පමණකි. එම සංඥාව මගින් යාචකයා සිඟමන් ඉල්ලීමට පැමිණ සිටින බව දැනගන්නා නිවෙස් හිමියන් මුදල්ද රැගෙන ගේට්ටුව වෙත දිව ඒම පුරුද්දක් වී තිබිණි. එදා ඉරිදා දිනයකි. වෙනත් ඉරිදා දිනවලදී මෙන් එදාද නියමිත ප‍්‍රදේශයේ හිඟමන් ලබාගැනීම සඳහා ඔහු උදෑසනින්ම පැමිණ සිටියේය. හුරු පුරුදු නියමිත නිවසක් නිවසක් ගානේ ගොස් සිඟමන් ලබාගත් ඔහුගේ බෑගය තුළ පෙරවරු 11.00 වනවිට රුපියල් දහසක පමණ මුදලක් එක්කාසුවී තිබුණි.තවත් ඉතිරිවී තිබූ නිවෙස් තුන හතරක් අතරේ ඔහුට ස්ථිරවම රුපියල් 100ක් ලැබෙන දෙමහල් නිවසක්ද විය. ඒවනවිට දැඩි මහන්සි ගතියක් දැනුන ද ඔහු එම නිවසට ද යාමට අමතක කළේ නැත. ගේට්ටුව ශබ්ද කරගෙන යද්දී ගෙතුළින් එළියට ආවේ සුපුරුදු ගෙහිමි කාන්තාවය.”මැඩම් මම ආවා” ඔහු හිස නමා කියද්දී ගෙහිමි කාන්තාව ගේට්ටුව දෙසට ආවාය.”අද නං දෙන්ඩ විදිහක් නෑ. ලබන ඉරිදා එන්න.” ඇය කීවේ කාරුණික අන්දමිනි.”ඇයි මැඩම් අද සල්ලි නැද්ද?” ඔහු ඇසීය.”සල්ලි තියෙනවා. මාරු කරන්න විදිහක් නැහැ.” ඇය කෙටියෙන් කීවාය.”ලොකු ගානක්ද මැඩම්?” ඔහු ඇසුවේ බලාපොරොත්තු සහිතවය.”රුපියල් දෙදාහේ කොළයක් තියෙන්නේ. ඒ හින්දා ලබන ඉරිදට එන්න. අද ගානත් එක්කම දෙන්නං” ආපසු යාමට සැරසෙමින් ඇය පිළිතුරු දුන්නාය.”දෙදාහක් ගාණක්ද මැඩම්? කෝ මෙහාට දෙන්න මං මාරුකරලා ඉතුරු සල්ලි දෙන්නං.” කරේ එල්ලාගෙන තිබූ බෑගයට අත යවා මුදල් නෝට්ටු මිටියක් එළියට ගත් ඔහු එයින් රුපියල් 1900ක් වෙන්කරගෙන එය කාන්තාවට දී ඇය අත තිබූ රුපියල් දෙදහසේ නෝට්ටුව ඉල්ලා ගත්තේ කිසිදු බියක් සැකක් නැතිවය.ඉතිරි මුදල ද රැගෙන කාන්තාව ආපසු තම නිවස කරා ගමන් කරද්දී යාචකයා හිඟමන් ඉල්ලාගෙන ඊළඟ නිවස කරා පියවර මැන්නේය.



අදහස් (0)

සිඟමන් පතා ආ යාචකයා රුපියල් 2000 නෝට්ටුව මාරුකර රුපියල් 100 ක් අරන්

samara Friday, 04 November 2011 12:58 PM

කරුණාකරලා ශ්‍රී ලංකාවේ යාචකයා පොත කියවන්න

:       0       0

සම්පත් - කුමුදු- තනුජා- ජගත් Friday, 04 November 2011 01:26 PM

පුරුද්දට දෙන්න ගියාම ඔහොම වෙනවා

:       0       0

චන්දු Sunday, 06 November 2011 07:50 PM

හිගන්නා රාජ්‍ය සේවකයන්ට වඩා දවසකට හම්බකරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 542 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 668 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1065 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9374 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 855 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 321 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 495 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1998 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site