IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සද්ගුණවත් අයි.ආර්. සීකාරයෝ උකස් රිසිට් තැපෑලෙන් එවලා

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත

සද්ගුණවත් අයි ආර් සී කාරයන් කිහිපදෙනකු පිළිබද අපූරු පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ.

බුරුවා ගසා දිනාගෙන එන බූරුවාකාරයන් මග රැක සිට කොල්ලකෑමට මෑතක සිට ගමේ අයි ආර් සී කාරයෝ පිරිසක් පෙරමුණ ගෙන සිටියහ. කොහේ බූරුවා ගැසුවත් මේ පිරිස මේ කාර්ය කරගෙන ගියේ කිසිදු කරදරයකින් තොරවය. ඒ මේ සම්බන්ධයෙන් පොලීසි යාමට නොහැකිවූ කරුණු කාරණා දෙකක් නිසාය.

බූරුවා ගැසීම නීතිවිරෝධි බැවින් ඒ පිළිබදව පැමිණිලි කළහොත් වැටෙන ලොකු අමාරුව එයින් පළමුවැන්නය. අවි ආයුධ සහිත ගමේම ඉන්න චණ්ඩි නිසා පසුවට සිදුවීමට යන අනර්ථය ඉන් දෙවැන්නය.

එදා ඔවුන් සෙල්ලම් කළේ පොඩි බූරුවා සූදු පොළකය. දිනූ මුදල ද පොඩිය. එදාත් රෑ ගමේ අයි ආර් සී කාරයෝ මග රැක සිට බූරුවාකාරයන් සුද්ධ කළහ. මේ සඳහා ගිය පිරිස සලකා බැලූ කල එය ඔවුන්ට බෙදා ගැනීමටත් මදිය. ඒ නිසා ඔවුහු  ඒ සඳහා වෙනත් විකල්පයක් ක්‍රියාත්මක කළහ. ඒ බූරුවාකාරයන්ගේ ගෙල පැළඳි හා අත් පැළඳි රන් ආභරණ සියල්ල ගලවාගෙන මුදල් කිරීමය. ඒ අනුව වැඩේ ක්‍රියාත්මක කෙරිණ.

මේ රන් ආභරණ  නිල නොලත් ගමේ උකස් මධ්‍යස්ථානයේ උකස් කළේ කොල්ලකරුවන්ගේ ආරක්ෂාව සඳහාය. ඒ සඳහා ජාතික හැඳුනුම්පත් අවශ්‍ය නොවීමත් කට වචනයට හෝ එයින් නිකුත් කරන ලදු පත පමණක් ඉදිරිපත් කර මුදල් ගෙවා ඕනෑම අයෙකුට රන් භාණ්ඩ බේරා ගැනීමට ඇති හැකියාවත් නිසාය.

නගරයේ රාජ්‍ය හෝ පෞද්ගලික තැනකට මේ භාණ්ඩ උකස් කිරීමට හෝ අලෙවි කිරීමට ගොස් තමන් අමාරුවේ වැටෙයි යන්න තිබූ සැකයත් මේ සඳහා හේතුවී තිබිණ.

මේ  මංකොල්ලකරුවන් පිරිස  එදා ගලවා ගත් රන් ආභරණ ගමේ උකස් මධ්‍යස්ථානයට උකස් කර එයින් ලැබෙන ලදුපත් අදාළ බූරුවාකාරයන්ට ලැබෙනසේ තැපැල්කර යැව්වේ අවශ්‍ය නම් ඒවා ඔවුනට මුදල් ගෙවා බේරා ගැනීමටය. ඔවුන් මේ භාණ්ඩ සඳහා ගත හැකි උපරිම මිල අරගෙන තිබූ බව ද සැලවේ.



අදහස් (3)

සද්ගුණවත් අයි.ආර්. සීකාරයෝ උකස් රිසිට් තැපෑලෙන් එවලා

Saman Wednesday, 26 April 2023 08:54 AM

ඇයි හොරු මාල ගලව ගනිද්දී ඇඩ්‍රස් ලියා ගෙන ද ගලවා ගත්තේ නිකම් බොරු ලියන්න එපා බන්

:       0       7

pakeer Wednesday, 26 April 2023 12:36 PM

අනිත් එකා එහෙම කළත් උකස් ගත්තු කෙනා ඒක දන්නවනේ... මේවා උගස් කළේ කවුද කියලා...

:       0       2

සත්‍ය ගවේෂී. Sunday, 30 April 2023 07:18 AM

හොරුන් ඔවුන්ව හඳුනා ගැනීමට නොහැකි අයුරින් පැමිනුණත්,ඔවුන් හොඳින් අන් අයව හඳුනනවා වෙන්නට බැරිද ? හොරුන් හොරකමක් කරන්නේ,බොහෝවිට හොඳින් හිතා බලා සැලසුම් කරලා.ඒ නිසයි කියමනක් තියෙන්නේ හොරාට ගණදෙවි නුවණ තියෙනවා කියලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 755 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 767 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1136 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9452 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 334 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2032 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site