(වියලුව වාර්තාකරු)
උත්සවයක් වෙනුවෙන් රැගෙන ආ ශබ්දවිකාශන ස්පීකරයක් ගස් බඳිමින් සිටියදී කිසියම් අයෙකු විසින් හිටි වනම එය ක්‍රියාත්මක කිරීම නිසා කලබලයට පත් ගසේ සිටි පුද්ගලයා ස්පීකරයද සමග ගසින් බිමට ඇද වැටී තුවාල ලබා රෝහල්ගත කිරීමට සිදුවීමේ පුවතක් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
එය ප්‍රදේශයේ එක්තරා ආයතනයකි.
එහි සේවක පිරිස සංවිධානය කළ උත්සවයකි.
සංග්‍රහ කටයුතු, සැරසිලි ආදී සියල්ල සූදානම් කළ ඔවුහු උත්සව දින සවස් යාමයේ එය ප්‍රදේශයටම ඇසීමට සැලැස්වීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍රයක් යෙදවීමටද තීරණය කර තිබිණි.
අනුව ගස් නැගීමට හැකියාවක් තිබූ තරුණයෙකු ස්පීකර් කට්ටලයද රැගෙන ගසකට ගොඩවී එය ගසේ ඉහළම අත්තකට තබා ගැටගසන්නට උත්සාහ කළේ ඉන් වැඩි ප්‍රයෝජනයක් අත්කර දීමේ අරමුණෙනි.
ඒ අතරතුර එහි අනෙක් කෙළවරෙහි තිබූ යාන්ත්‍රික කොටස්වලට වයර් සම්බන්ධ කරමින් සිටි කාර්මිකයකු එය නිසි පරිදි ක්‍රියා කරන්නේද දැයි සොයා බැලීම සඳහා එය ක්‍රියාත්මක කරනු ලැබූ අතර ඉන් පිටවූ අධික ශබ්දයෙන් දැඩි සේ කලබලයට පත් ගස උඩ සිටි පුද්ගලයා අඩක් ගැටගසා තිබූ ස්පීකරයද සමග අඩි විස්සක් පමණ වූ ගසින් පහළට ඇදවැටුණේ ආයතනයේ සෙසු සේවක පිරිසද අන්ද මන්ද කරමිනි.
වාසනාවකට මෙන් සුළු තුවාල කිහිපයක් සිදුව තිබූ ඔහු රෝහල්ගත කොට පැය කීපයකින් යළිත් උත්සවය වෙත කැඳවාගෙන ඒමට ආයතනයේ පිරිස් කටයුතු කළහ.
පරණ ක්‍රමයටම නිෂ්පාදනය කරනු ලබන ගමේ බඩු අලුත් ක්‍රමයට සිය මිතුරු තෙමේට සප්පායම් වීමට ලබාදුන් අම්බලන්ගොඩ අයකු පිළිබඳ අපූරු කතාවකි මේ.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සද්දෙකට හොල්මන් වෙලා ස්පීකරෙත් එක්ක ගහෙන් බිමට වැටිලා