කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
වැල්ලේදී සුද්දියකගෙන් අපරදිග ක්‍රමයට ලැබුණු ආචාර සමාචාරවලට ගෙදරදී භාර්යාවගෙන් පෙරදිග ක්‍රමයට කොසු උත්තමාචාරයක් ලැබූ තැනැත්තකු පිළිබඳව දකුණු මුහුදු බඩ තීරයේ ගමකින් අසන්නට ලැබේ.
ඇය එංගලන්තයේ සුදු කතකි. නිවාඩුවට ලංකාවට ආවේ ඊයේ පෙරේදාය. ඇය දකුණු වෙරළට ගියේ ඇවිදින්නටය. සුන්දර වෙරළ තීරය අසුන්දර වී තිබෙනු දුටු ඇයගේ පපුව පත්තුවිය. වැල්ල පිරිසුදු කිරීමට ශ්‍රමදානයක් සංවිධානය කළේ මේ වෙනුවෙන් තමන්ට කළ හැකි දේ කිරීමටය.
සුදු අය මෙන්ම අපේ අයගේ සහභාගීත්වයෙන් වැල්ල පිරිසුදු කිරීමේ ශ්‍රමදානය පැවැතියේ අපගේ මිතුරාද ඒ අතරය. ඔහු කැපීපෙනෙන්නත් එක්කම තමන් රැගෙන ආ මිතුරන් සමග හරි හරියට වැල්ල ශුද්ධ පවිත්‍ර කිරීමේ කාර්යයේ යෙදී සිටියේය. මේ වෙනුවෙන් සුදු කතගෙන් ඔහුට යහමින් ලකුණු වැටුණේය.
වැල්ල පිරිසුදු කිරීමේ ශ්‍රමදානය නිමාවට පත්විය. වැල්ල ශුද්ධ පවිත්‍ර කිරීමට තමාට ඇඟෙන්ම සහයෝගය දුන් අයට ඇය සමුදුන්නේ සිප වැළඳ ගැනීමෙන් අනතුරුවය. වැඩිය වැඩ කළ ඔහුට ද එය එසේමය. ජීවිතේ කවදාවත්ම සුදු කතකගේ ස්පර්ෂයක් නොලද ඔහු මේ සිප වැළඳ ගැනීමෙන් උද්දාමයට පත් වී සිටියේය.
නිවසට ගොඩවූයේ ද ඒ සතුටෙනි. සතුට පිට වූයේ ආශා කරන ගීයක පදවැල් කිහිපයක් මුමුණමිනි. ඒ සමගම ඔහු එනතෙක් දොරමුල්ලේ රැකවලේ සිටි භාර්යාවගෙන් කොසු පහරවල් කිහිපයක් වැදුණේ හෙණ ගෙඩි පාත් වෙන්නාක් මෙනි.
කිසිවක් සිතා ගැනීමට නොහැකිවුණ මේ ගෑනිට අද මේ මොකද වෙලා තියෙන්නේ යැයි යටිගිරියෙන් කෑගැසුවේ ඊළඟ පාර ගැසූ කොසු පහර වළකාලමිනි.
වලත්ත මිනිහා අද තමුසේ උදේ සුද්දියෙක් බදාගෙන කොහේද වැල්ලේ හිටියේ? යැයි ඇය ඇසූවිට ඔහුට උතුර දකුණ අමතක විය.
වැල්ලේදී සුදු කත තමාට සිප වැලඳ කළ ආචාර සමාචාරයේ ගත් පින්තූරයක් මිතුරකු තමාගේ භාර්යාවගේ ජංගම දුරකතනයට වට්ස්ඇප් මාර්ගයෙන් එවා ඇති බව ඔහු දැනගත්තේ ඉන් පසුවය. භාර්යාව ඔහුට කොසු උත්තමාචාරයෙන් හොඳටම සලකා හමාර වී තිබිණි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුද්දිගේ හාද්දට බිරියගෙන් තෑග්ගක්