කොළඹ ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක විවාහ උත්සව ප‍්‍රිය සම්භාෂණයකි. හිසකේ බූගාගත් රටේ ප‍්‍රසිද්ධි තරුණ ගායකයකු විසින් පැරැණි ගායකයකුගේ ජනපි‍්‍රය පරණ ගීතයක් පැදුරු වාදක මණ්ඩලයේ සංගීතයට මුල් ගායකයාගේ හඬින් ගායනා කරන්න උත්සාහ කරයි.
මත්පැනින් හොඳට සප්පායම් වූ තරුණ පිරිසක්ද තාලයට අත්වැල් අල්ලමින් ගායනයට සහාය වෙති. උද්දාමයෙන් සිටි තරුණ ගායකයා උපරිම උත්සාහයෙන් ළයාන්විත හඬින් ගායනය අවසන් කරයි. ගීතය අවසන් වනවාත් සමගම අත්පොළසන් හඬින් සංග‍්‍රහයක් ද ලැබේ. ඒ සමගම සංගීත සාජ්ජයේ ඇතිවන තප්පර කිහිපයක නිහඬතාව බිඳමින් එහි සිටි තරුණයෙක් එක්වරම මෙසේ පවසයි. ‘‘අපි දැන් සින්දුවක් කියමු’’ එම කතාවත් සමගම අනෙක් තරුණ පිරිස කොක් හඬලා සිනාසෙයි. ඒ සමගම පරල වූ අර ගායකයා එක්වරම නැගිට ඇයි මම ඒ කිව්වේ සින්දුවක් නොවෙයි ද? විමසමින් කෝපයෙන් යුතුව අර තරුණයාට හොඳටම දෙහි කපයි. කෙසේ හෝ ෂේප් කර ගැනීමෙන් පසු ගායකයා ඉවතට රැගෙන යනු දක්නට ලැබෙන අතර වෙනත් ගායකයකුගේ ගායනයෙන් නැවත පැදුරු සාජ්ජය ආරම්භ වේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සාදයේදී ගැයූ ගීතයට අපහාස කළැයි පරලවෙලා
අමිල Thursday, 14 March 2013 09:03 AM
ඇයි සිංදු කවි කරලද ? (ස)
නිල්මිණි Thursday, 14 March 2013 03:48 PM
වෙන කවුද ඉතින් (ස)
හිල්මි Saturday, 16 March 2013 04:40 AM
මම නම් දන්නවා ඒ ගායකයා. (ස)
ජයතිස්ස Thursday, 14 March 2013 10:37 AM
විනෝදයට වෙච්ච දෙයක්නේ , ගණන් ගන්න එපා (ස)
අනුර Thursday, 14 March 2013 11:15 AM
මෙහෙමත් මිනිස්සු (දී)
චින්තක Thursday, 14 March 2013 11:32 AM
අනුන්ගේ ගීත ප්‍රසිද්ධියේ මුදලට කියන්නේ අලුත් නිර්මාණයක් කරන්න බැරි අයයි. (ස)
අනිල් Thursday, 14 March 2013 06:50 PM
මාර හිනා (අ)
අජන්ත Thursday, 14 March 2013 07:25 PM
කවුද මේ ගායකයා..!(නු)
ඉම්රාන් Friday, 15 March 2013 12:02 PM
බිවුවහම ඉතින් සියල්ල අමතකනේ (නි)
බෝධි පරාක්‍රම Saturday, 16 March 2013 09:26 AM
සමහරු අඩුමගානේ තමන් කියන සිංදු කාගෙද කියලවත් දන්නෙ නැහැ. (නි)
සම්පත් Thursday, 14 March 2013 12:58 PM
තිතට මත (ස)
සිල්වා Thursday, 14 March 2013 01:06 PM
ඕනේනම් කියන්න පුළුවන් මේ කවුද කියලා (ස)
ගුණවර්ධන Friday, 15 March 2013 09:40 PM
වැඩියෙන් ගත්තහම සිංදු කියන්න බැහැ.මටත් ඕක වෙලා තියෙනවා. (නි)
ප්‍රේමරත්න Thursday, 14 March 2013 01:49 PM
කවුද ඒ ගායකයා . මට ආසයි දැන ගන්න. කරුණාකර කියනවද ? (ස)
නාලක Thursday, 14 March 2013 02:12 PM
කවුද මේ ගායකයා..!(නු)
ධම්ම Monday, 18 March 2013 12:01 PM
හිසකේ බූගාගත් රටේ ප‍්‍රසිද්ධ තරුණ ගායකයින් ගොඩක් දෙනෙක් මේ වෙලේ මට මතක් වෙනවා. (නි)
දිනේෂ් Thursday, 14 March 2013 07:01 AM
කලාව එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්නේ. (නි)
ප්‍රනාන්දු Friday, 15 March 2013 01:03 AM
රස කර කර ඉන්නේ නැතුව කවුද ගායකයා කියලා කියන්නකෝ. (නි)
වරුණ Thursday, 14 March 2013 07:48 AM
පැරණි ගායකයන්ගේ ගීත විකෘති කරමින් ගයන ගායකයන් යැයි කියාගන්නා පිරිස් කොච්චර ඉන්නවද මේ රටේ? (නි)
දම්මි Thursday, 14 March 2013 07:56 AM
මතට තිත කොහේද? (නි)