උණවටුන ඩී.ජී.සුගතපාල
ගාල්ල නගරය ආසන්නයේ කාර්යාලයක පැවති අලුත් අවුරුදු සාදයකි. සාදයට එක්වූවෝ විවිධ රංගන ඉදිරිපත් කරමින් ගීත ගායනා කරමින් සාදය වර්ණවත් කළහ. ඒ අතර පසෙක මේසයක් උඩ බෝතල් රැසක්ද තබා තිබිණි. සාදයේ ගීත ගායනා කළ අයට ඒවා නැතුවම බැරිවිය. පිරිමි පිරිස එම ස්ථානයට ගොස් හිතේ හැටියට වීදුරු හිස් කරන්නට විය.
දැන් දැන් සාදය උච්චතම අවස්ථාවට පත්වෙමින් තිබිණි. සමහර අයට උන්හිටි තැන්ද අමතකය. සමහරු පාඩම් කියන ආකාරයට ගීත ගායනා කළ අතර සමහර අය නැටුම් ඉදිරිපත් කළේ බාලාංශ පන්තියේ ළමයින්ගේ නැටුම් මෙනි. මධුවිත පදමට ගෙනසිටි පිරිසට ඒවායේ අඩු පාඩු පෙනුණේ නැත.
විවිධ නැටුම් ගැයුම් මැද පැවති සාදය අවසාන කොටසට ළංවත්ම පිරිස එකිනෙකා බදා ගනිමින් සිප වැළඳ ගනිමින් සමුගන්නටත් අලුත් අවුරුද්දට සුබ පතන්නටත් විය. දැන් වේලාව මධ්‍යම රාත්‍රියද ඉක්මවා ගොස් තිබූ නිසා සියල්ලෝම විසිර යන්නට වූහ.
මාතර පාරේ යායුතු නිලධාරියෙක් ගාල්ල බස් නැවතුම්පොළට පැමිණියේය. මධ්‍යම රාත්‍රියද ඉක්මවා ගොස් තිබූ නිසා බස් නැවතුම්පොළ පාලුවට ගොස් තිබිණි. කෙළින් සිට ගැනීමට නොහැකිව සිටි ඔහු බංකුවක ඇලවූයේය. රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු ඔහු ළඟට පැමිණ විස්තර විමසා ඇති අතර ඒ සමගම කොළඹ සිට මාතර බලා යන බස් රථයක් පැමිණියේය.
පොලිස් නිලධාරින්ගේද සහාය ඇතිව ඔහු බස් රථයට ගොඩවිය. පිටුපස අසුනේ ඉඩ තිබූ නිසා ඔහු එම අසුනේ වාඩිවී අතීතය මෙනෙහි කරන්නට විය. සරසවියේ සිටින අවදියේ තම පෙම්වතිය සිහිවූ ඔහු නිවසට යාම පසෙක තබා අතරමගින් බැස්සේය. අඳුරේම පෙම්වතියගේ නිවස සොයා ගිය ඔහු නිවස ඉදිරිපස නතරවිය. ඒ වනවිට ඇය වෙනත් පුරුෂයකු සමග විවාහවී සිටින බව ඔහුට මතක් වූයේ නිවස ඉදිරිපිටට ගිය පසුය.
ඔහු ආපස්සට හැරිණි. එහෙත් නිවසේ බල්ලා ආපසු ඒමට ඉඩ දුන්නේ නැත. ඒ සමගම නිවෙස් හිමියා ඉදිරිපස දොර හැර බැලූ විට දක්නට ලැබුණේ වැනි වැනි සිටින පුද්ගලයෙකි. වහාම ඔහු අල්ලාගත් නිවෙස් හිමියා බිරිඳට කතා කළේය. රාත්‍රී ඇඳුම පිටින්ම පිටතට පැමිණි ඇය දුටු දර්ශනයෙන් මහත් කම්පනයට පත්වූවාය. ඇය සැමියාට කියා සිටියේ ඔහු තම සරසවියේ එකට ඉගෙන ගත් මිතුරකු බවය. පසුව ඇය සැමියා සමග එක්ව ඔහු නිවස තුළට කැඳවාගෙන ගොස් සිදුවූ දෙය විමසුවාය. ඔහු බීමත්ව සිටින බව දැනගත් නිවැසියෝ ඔහුට නිදාගන්නට සැලැස්වූහ.
පසුදා අලුයම නැගිට ගත් ඔහු සිදුවී ඇති දෙය ගැන මහත් ලැජ්ජාවට පත්විය. ඔහු කියා සිටියේ සාදයට ගොස් එමින් සිටියදී අමතකවීමකින් අතරමගදී බැස යාමට තැනක් නොතිබූ නිසා මෙහි පැමිණි බවය. සිදුව ඇති දෙයට කනගාටුව පළකළ ඔහු ආපසු ඒමට පිටත් විය. එහෙත් ඔහු මෝටර් රථයෙන්ම නිවසට ගෙනැවිත් ඇරලවීමට ඔහුගේ පැරණි පෙම්වතියගේ සැමියා කාරුණික විය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සාදයේදී පදම වැඩිවී පැරැණි පෙම්වතියගේ ගෙට රිංගලා