කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි.
කතාව මෙසේය.
මෙම අඹුසැමි යුවළට තරුණ වයස නොඉක්මවූ අඩු වයස් දැරියක් සිටියාය. මෙම දැරිය තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් හොර රහසේම නිවෙසින් පලා යාම හේතුවෙන් ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කොට ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ බාල වයස්කාර එම දැරිය පරිවාස කඳවුරක් බාරයේ සිටියාය.
මෙම සිදුවීමෙන් පසුව බිරිය විදෙස්ගතව සිට යළි දිවයිනට පැමිණියේ මෙවර සිංහල අලුත් අවුරුද්දට සතියකට පෙරය.
දියණිය සමග ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගිය තරුණයා ප්‍රදේශයේ මේසන් වැඩ කරමින් ජීවත් වන අතර, මෙම අඹු සැමි දෙදෙනා අතර ද ඉතාමත් කුලුපගව සිටින අයෙකි.
මේ අතර, පරිවාස කාර්යාලයෙන් දියණියට අලුත් අවුරුද්දට කෙටි නිවාඩුවක් දීමෙන් පසුව ඇය තම නිවෙසට පැමිණියාය.
තමාගේ දියණිය සමග ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගිය තරුණයාට අවුරුදු පාටියක් දීමට සැමියා සහ බිරිය තීරණය කළහ.
සාදය ජයටම කෙරීගෙන ගියේය. එදින රාත්‍රියේ එම නිවෙසේ සංගීත බජව්වකි. මාස්ටර්ලා ඔස්තාර්ලා කණ්ඩායමක්ම ඇවිත් සිටියහ. සර්පිනා, තබ්ලා, රවිකි සේරම ගගහා නානාප්‍රකාර සින්දු ගායනා කරන්නට පටන්ගත්හ. තැබෑරුම්වල සීල් අරක්කු මෙන්ම ගමේ ගොඩේ වෙලේ සුදාලා ද සාදයේ සිටි පිරිස චණ්ඩි බවට පත් කරන්නට වැඩි වේලාවක් ගත නොවීය.
මධ්‍යම රාත්‍රිය ගත වන විට සාදයේ පිරිස සීසීකඩ වැටී ගොරවන්නට වූහ.
සැමියා පාන්දර අවදි වී බලන විට දියණියත් බිරියත් නිවෙසින් අතුරුදන් බාල වයස්කාර දියණියගේ පෙම්වතා ද පෙනෙන්නට නොසිටියේය. ඔහු කලබල වී විපරම් කර බලන විට ලියුම් කඩදහියක් මේසය උඩ පෙනෙන්නට තිබුණි.
එහි සඳහන්ව තිබුණේ, බිරියත්, දුවත් දෙදෙනාම ප්‍රේම සම්බන්ධතාව පැවැත්වූ තරුණයා සමග දංකොටුව ප්‍රදේශයේ උළු මෝලකට යන බවය. එපමණක් නොව එහි තවත් විශේෂ වාක්‍යයක් සඳහන්ව තිබුණි. එය මෙසේය. “මම දුව පරිවාසෙට භාර දෙනවා. එයාගේ කල වයස හරි යනකන් මම මෙයා එක්ක උළු මෝලේ වැඩ කරනවා. ඔයා වෙන අතක් බලාගන්න.” යනුවෙනි.
සැමියා අන්දුන්කුන්දුන් විය. ඔහුගේ ඥාති පිරිස පැමිණ මේ බව පොලිසියට දැනුම් දෙන ලෙස කීවත්, සැමියා පොලිසියට පැමිණිලි කිරීමට අකැමැති විය.
මේ වන විට නිවෙසින් එළියට නොබැස තනිපංගලමේ ජීවත් වන සැමියා කම්මුලේ අත තියාගෙන අහස පොළොව ගැටලන්නට කල්පනා කරනවාලු.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
රිතික් Tuesday, 23 April 2024 07:39 PM
දුව පරිවාසෙට...
Lalla Thursday, 25 April 2024 10:38 AM
ජුගුප්සාජනක ම්ලේච්ඡ චරිත...පල නොකල යුතු සිදුවීම්.