හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
දිනපතා පෝලිමේ ගොස් ත්‍රිරෝද රථයට ලබා ගන්නා පැට්‍රල් ප්‍රමාණය කෑන් එකකට එකතු කර නිවසේ සඟවා තිබිය දී ඩෙංගු පරීක්ෂාවට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට බියවී පැට්‍රල් බූලිය ලඳු කැලෑවක සැඟ වූ පුද්ගලයකුට ලැබුණු අපූරු දඬුවමක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් හිමි යුවළක් සිටි අතර ඔවුන් දෙදෙනා දිනපතාම ඉන්ධන පෝලිමේ සිටියහ. වෑන් රථයට ඩීසල් සහ ත්‍රිරෝද රථයට පෙට්‍රල් ලබා ගන්නා ඔවුන් නිවසට පැමිණ ඒවා බූලිවලට දමා පසුදා නැවත පෝලිමට යාම සිරිතක් කරගත් අතර ඉන්ධන හිඟ අවස්ථාවල දී වැඩි මිලට අලෙවි කිරීම ද හොර රහසේ කරගෙන ගියහ. හදිසි අවස්ථාවකදිවත් ඉන්දන බිඳක්වත් ණයට නොදෙන අඹු සැමි යුවළ හොරෙන් තෙල් විකුණන බවට ගම පුරාම ප්‍රසිද්ධව සිටියහ.
අඹු සැමි යුවළ කුඹුරු යායක් සමීපයේ ජීවත් වූ අතර නිවස දෙසට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව දුරදීම හඳුනා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි. දෙදෙනා පදිංචි නිවස ආසන්නයේ පුද්ගලයකුට මී උණ රෝගය වැළ දී තිබුණු නිසා ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට පසුගිය දිනෙක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණියහ.
යතුරු පැදියක නැගී නිවස දෙසට එමින් සිටි නිලධාරීන් දෙදෙනා දුටු බිරිඳ දිව ගොස් පොලීසියෙන් පැමිණෙන බව සැමියාට සැලකළාය. සැමියා නිවස තුළ තිබු තෙල් බූලිය ද රැගෙන ගොස් නිවස පිටුපස ඇති ලඳු කැලැවේ සැඟ වූයේය. එම අවස්ථාවේ දුරකථන ඇමතුමක් ලැබුණු නිසා යතුරු පැදිය අඹු සැමි යුවළගේ නිවස ඉදිරිපිට නතර කර දුරකතනයට ප්‍රතිචාර දැක්වූහ.
තෙල් බූලිය ලදු කැලැවේ සඟවා සැමියා නිවසට පැමිණි අතර නිලධාරින් දෙදෙනා අසල්වැසි නිවසට යන අයුරු දෙදෙනා බලා සිටියහ. මේ අතර කුඹුරට ගොස් පැමිණෙමින් සිටි තරුණයකු තෙල් බූලිය දැක ඇති අතර ඔහු මිතුරන් දෙදෙනකුට කතාකර ඒ බව පැවසීමෙන් පසු කෑන් එකක් රැගෙන විත් බූලියේ තිබු පැට්‍රල් එයට දමා බූලියට වතුර පුරවා තබා පැට්‍රල් ද රැගෙන ඔවුහු පිටව ගියහ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිටව ගිය පසු ලඳු කැලෑවට දිව ගිය සැමියා තෙල් බූලිය රැගෙවිත් නිවසේ සැඟ වූයේය. පැට්‍රල් බෝතලයක් රැගෙන යාමට පුද්ගලයකු එදින රාත්‍රියේ පැමිණි අතර බුලියේ තිබු තෙල් වලින් බෝතලයක් ඔහුට ලබාදෙනු ලැබීය. තෙල් බෝතලය රැගෙන ගිය පුද්ගලයා එය යතුරු පැදියට දමා පණගැන්වීමට උත්සාහ කළ ද එය නිෂ්පල විය. තෙල් ටැංකිය පරීක්ෂා කිරීමේ දී තෙල් වෙනුවට වතුර ලබා දී ඇති බව දුටු අතර පසු දින උදෑසනම ගොස් අඹු සැමි යුවළට බැණ වැදි පොලිසියට යන බවට ඔහු තර්ජනය කළේය. බියට පත් යුවළ වැඩිපුර මුදලක් ද ඔහුට ලබාදී සිද්ධිය සමතකයකට පත්කර ගත්හ.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’සැන්ටිපෝට්’ ට රැවටී හැංගු තෙල් බූලිය වතුර වෙලා