කඹුරුපිටිය විශේෂ කේ. අජිත්.
හදිසි කලබලය හේතුවෙන් මහත් අසීරුතාවට පත් වූ ක්ෂේත්‍ර නිලධාරියකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
ඔහු සුළු අපනයන භෝග ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ක්ෂේත්‍ර නිලධාරියෙකි. නිරන්තරයෙන් සෑම කටයුත්තකදීම කලබලයකින් යුතුව ක්‍රියා කිරීම ඔහුගේ ගති ලක්ෂණයකි. ඔහුගේ බිරිඳද එය දන්නා නිසා, සිය සැමියාගේ කටයුතු කඩිනමින් ඉටු කිරීමට වගබලාගත්තේය. ඇය කොතෙකුත් මෙය තේරුම් කර දුන්න ද ඔහුගේ කලබලගතිය නිසා වැඩ වරද්දා ගත් වාර ද අනන්තය. ඒත් ඒ කිසිවකින් ඔහු පාඩමක් ඉගෙන ගත්තේ නැත.
වරක් දෙවරක් නොව කිහිපවාරයක්ම යතුරු පැදියේ බලපත්‍ර රැගෙන නොයාම නිසා පොලීසියට අසු වී කරදරවලටද මුහුණපෑමට සිදුවිය. තවත් වරෙක හෙල්මටය පැළඳ නොයාම නිසා ද ඔහු දඬුවම් ලැබීය. එමෙන් සපත්තු නොපැළඳ මේස් පමණක් පැළඳ කාර්යාලයට ගිය වාර ද විය.
මෙවැනි අකරතැබ්බවලට මුහුණ දුන් මොහු එක් ඉරු දිනක නගරයේ පොළට ගොස් නිවෙසට අවශ්‍ය බඩු ගෙන විත් තබා, කමිසය ගලවා මුහුණ සෝදා ආහාර ගෙන අවසන් වන විට රැස්වීමකට යාමට වේලාව ළං වී තිබුණි. ඔහු සුපුරුදු පරිදි ඉතා කලබලයෙන් සූදානම් වී රැස්වීම පැවැති ප්‍රජා ශාලාවට යනවිටත් ප්‍රදේශවාසීහු හා අනෙකුත් නිලධාරීහු ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියහ.
කලබලයෙන් පැමිණි ඔහු යතුරුපැදිය නවතා වැසිකබාය ඉවත් කරන විට උඩ ඇඳුමක් නොමැතිව මේස් බැනියම පිටින් පැමිණ ඇති බව ඔහුට වැටහී ගියේය. කරකියාගත හැකි කිසිවක් නොවූ ඔහු වැසි කබාය ඉවත් නොකරම කමිසය වෙනුවට කබාය ඇඳගෙන රැස්ව සිටි පිරිස ඇමතුවේය.
මේ අවස්ථාවේ කබාය ඇඳ සිටීමෙන් ඇති වූ උෂ්ණත්වය නිසා ශරීරයෙන් පිටවූ දහඩිය හේතුවෙන් ඔහු දැඩි අපහසුතාවයට පත් විය. මේ පිළිබඳව අවධානයෙන් සිටි රැස්ව සිටි පිරිස සභාව තුළ කසුකුසු ගෑම නිසා ඔහු තව තවත් අපහසුතාවට පත්විය. මේ නිසාම ඔහු ඉතා කෙටියෙන් දේශනය අවසන් කොට එතැනින් පිට වී ගියේ විදුලි වේගයෙනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සභාවට ආ නිලධාරියා වැහි කබායේ පිහිටෙන් ජාමේ බේරාගෙන