දිනක වැටුපෙන් පමණක් තම දරු පවුල ගැටගසා ගන්නා පෙදරේරුවකු වූ මැදිවියේ පුද්ගලයකු රාත්රී හතර දෙනකුට කෑමට රෝස් පාන් එකක් පමණක් රැගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් නිසා සැමියා බිරිඳට වැඳ සමාව ගැනීමේ පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය
දක්ෂ පෙදරේරුවකු වූ ඔහු දිනකට අයකළ ගාස්තුව රුපියල් 3000 සිට 4000 වැඩි කළේය. ඒ මේ දිනවල බඩු මිල ඉහළ ගිය බැවිනි. සෑම දිනකම ඔහු ඇඟේ පතේ අමාරුවට මත්පැන් සඳහා ඉන් 2000 ක් වෙන් කළ අතර ඉතිරියෙන් රාත්රී දරු පැටවුන්ට කෑම රැගෙන දරුවන්ගේ පාසල් කටයුතු සඳහා ද කීයක් හෝ බිරිඳගේ අතට දීමට අමතක නොකළේය. එහෙත් කිසි දින ඔහුට ලැබෙන වැටුප ගැන බිරිඳට කීවේ ද නැත.
කෙසේ වුවද ඔහු රාත්රි ආහාරයට රයිස් වැනි දරුවන් හා බිරිඳ කැමති යමක් රැගෙන එන බැවින් බිරිඳ හා දරුවන් මග බලා සිටියේ මහත් ආසාවෙනි.
කෙසේ වුවද පසුගිය දිනෙක වැඩ කළ නිවසේ මුදල් ප්රශ්නයක් වී ඔහුට ලැබුණේ වැටුපෙන් භාගයකි. ඉතිරිය පසු දා ගෙවන බවට ගෙහිමියා පොරොන්දු වූයෙන් ඔහු බරපතළ ගැටලුවකට මුහුණ දුන්නේය.
ඔහු එක්කෝ ගල් අරක්කු බාගය කැප කළ යුතුය. එසේ නැත්නම් දරුවන්ට නිවසට රැගෙන යන ආහාර ටික හා දරුවන් වෙනුවෙන් පාසල් වියදමට දෙන මුදල් කැප කළ යුතුය. ඔහු දෙවරක් නොසිතා පළමු කරුණ ඉටු කර ගැනීමට සුපුරුදු තැනට ගියේ සප්පායම අඩු කර ඉන් කිසියම් මුදලක් ඉතිරි කර ගැනීමේ අටියෙනි.
එහෙත් සිදු වූයේ ඔහු නොසිතූ දෙයකි. ඔහුට පදම එන විට නිවස අමතක විය. බිල ගෙවූ පසු අත ඉතිරි වූයේ සොච්චමකි. ඉන් රාත්රී දරුවන් වෙනුවෙන් මිලදී ගත හැකි වූයේ රෝස්පාන් එකක් පමණි. වෙනත් කළ හැකි දෙයක් නොවූයෙන් ඔහු එය මිලදීගෙන වැනි වැනී නිවසට පැමිණි පසු දරුවන් දෙදෙනා හා බිරිඳ වහා දිව ගොස් බෑගය රැගෙන බලන විට රාත්රී ආහාරයට තිබුණේ රෝස් පාන් එකක් පමණි. දරුවෝ බඩගින්නේ හඬන්නට වූහ.
මේ ගැන දෙදෙනා රණ්ඩු සරුවල් වී බිරිඳ දරු දෙදෙනා ද සමඟ අල්ලපු නිවසට ගොස් හැඬු කඳුලින් සිද්ධිය පවසා නවාතැන් පැතුවාය. එය ඉටු වුවද දරුවන් බඩගින්නේ හඬන්නට වූ බැවින් නිවසේ තිබූ බත් දංකුඩ ටිකක් පොල් සමග දරුවන්ට ලබා දුන්නේ ඔවුන් ද යමක් කමක් තිබුණ ද මේ වන විට ආර්ථික පීඩනයෙන් බැට කා අමාරු අඩියක සිටි බැවිනි.
මේ සිද්ධියෙන් සැමියාගේ වෙරි සිඳිණි. ඔහු බිරිඳ හා දරුවන් දෙදෙනා සොයා ගොස් සිදු වූ සිද්ධිය පැවසුව ද නැවත නිවසට යාම බිරිඳ තරයේ ප්රතික්ෂේප කළාය. කළ හැකි දෙයක් නොවූයෙන් ඔහු බිරිඳට වැඳ සමාව ගෙන දරුවන් සමග නිවසට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනු දුටු එම නිවසේ අය ද ඇයට නැවත නිවසට යන ලෙස කීහ.
ඉන් සිද්ධිය සමථයට පත් වූ බැවින් හුලු අත්තක ආධාරයෙන් මහ රෑ නැවත නිවසට පැමිණියේ මේ ගැන කිසිවකුට නොපවසන ලෙස ඉල්ලීමක් ද කරමිනි. කෙසේ වුවද පසුවදා කනින් කොනින් මේ ආරංචිය පැතිර ගියේය. මෙය දැනගත් ඇතැමුන් මොහු දුටු විට බිරිඳට වඳින ගාතාව අසන විට හොඳ දෙකක් කියා මාරු වෙනවාලු.
රජ්ගම විශේෂ-ධර්මදාස සිරිවර්ධන
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැමියාගෙන් දරුවන්ට වූ වැරැද්දට බිරිඳට වැඳ සමාව අරන්