IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සැමියගෙ කොලොප්පමෙන් ජෝඩුවම අමාරුවේ

සිය ස්වාමිපුරුෂයා මුහුදු වෙරළේ සිට වීඩියෝ දුරකථන ඇමතුමක් ගෙන මුහුදට පැන දිවි නසා ගන්නා බව දැන්වූ බවත්, වෙරළේ තිබී ඔහුගේ පාවහන් යුගල හමුවී ඇති බවත් සඳහන් කරමින් එක්දරු මවක විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වන අතරතුර, අතුරුදන් පුද්ගලයා නැවත නිවසට  පැමිණීමේ සිද්ධියක් එම  කාන්තාවම පොලිසියට දැනුම් දී ඇති පුවතක්  පොලිසියෙන් වාර්තාවෙයි.


එක්තරා කාන්තාවක පොලිසියට පැමිණිලි කර ඇත්තේ, සිය ස්වාමිපුරුෂයා අතුරුදන්ව ඇති බවත්, නිවසින් පිටව ගිය ඔහු මුහුදු වෙරළට ගොස් වීඩියෝ දුරකථන ඇමතුමක් ලබාගෙන මුහුදට පැන දිවි නසාගන්නා බව පවසා තිබේ.


ඒ අනුව ඔවුන් මුහුදු වෙරළේ තිබී ඔහුගේ පාවහන් යුගලද  සොයාගත් බව සඳහන් කර ඇත.


පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර  මුහුදු වෙරළ නිරීක්ෂණය කර තිබේ.


කෙසේ වුවද එදින රාත්‍රි යුවළ නැවත පොලිසියට පැමිණ සඳහන් කර ඇත්තේ, මිතුරන් සමඟ විනෝද ගමනක් ගොස් ඇති බවත් පවුලේ අයවලු‍න් නොමග යැවීම සඳහා මෙසේ දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවත්ය.


ඒ අනුව පැමිණිල්ල ඉවත් කරගැනීමට අදාල  කාන්තාව අවසර ඉල්ලා සිටීමෙන් පසු, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැඩි ලෙස අවවාද කර යුවළ පිටත්කර යවා ඇත.

පානදුර-සුමිත් පොතුපිටිය



අදහස් (0)

සැමියගෙ කොලොප්පමෙන් ජෝඩුවම අමාරුවේ

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 319 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 852 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 831 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1153 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9478 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 882 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 517 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2054 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site