(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ගෑස් මිල ඉහළ යන්නට පෙර අරපිරිමැස්මට බිරිය ගෙදර ගෙනැත් තිබූ අමතර ගෑස් සිලින්ඩරය සැමියා ඇයට හොරෙන් කඩ හිමියකුගේ අවශ්‍යතාවකට වරින් වර ලබා දී අමතක නොවන පාඩමක් ඉගෙනගත් පුවතක් යාපහු පුරවරයට අයත් පිටිසර ගම්බද පෙදෙසකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඇය රජයේ රැකියාවක නිරතව සිටින කතකි.
සතියේ දිනවල උදෑසන නිවෙසින් පටත්ව යන ඇය, සවස් යාමයේ නිවෙසට පැමිණෙනවාය. ඇය සේවයට යන අතරේ සැමියා විශ්‍රාම සුවයෙන් නිවෙසේ පසු වෙයි.
නිවෙසේ මෝටර් රථයක් ඇතත් ඇයට එය පැදවීමට හැකියාවක් නැත. මේ නිසා දිනපතා ඇයව උදේට ආයතනයට ඇරලීමත්, සවසට නිවෙසට ගෙන ඒමත් සැමියාගේ කාර්යයක් වී තිබුණි.
ඒ වන විට ගෑස් එකක පැවැතුණු මිල රුපියල් 1,520කි. ගෑස් මිල ඉහළ යන පුවතකි.
එහි මිල වැඩි වන්නට මත්තෙන් ඇය ගෑස් එකක් නොව දෙකක්ම මිල දී ගත්තාය.
පසු දින සිට ගෑස් මිල නොසිතූ ලෙස ඉහළ ගියේය.
“බලනවා ගෑස් ගියපු ඉහළ. මම අරපිරිමැස්මෙන් කටයුතු කරන නිසා වැඩේ ගොඩ. ඔයා ගෙදර හිටියත් ඒ ගැන වගේ වගක් නැහැනේ.” ඇය ඔහු අමතා කීවාය.
ඉන් එකක් වෙනත් කාමරයක තබා තිබුණේ පාවිච්චියට ගත් ගෑස් එක ඉවර වූ විට ගැනීම සඳහාය.
එවැන්නක් නිවෙසේ තබා තිබෙන පුවත දත් හිතවත් කඩ හිමියකු වහා එහි පැමිණියේය.
“මහත්තයා, ගෑස් එක ඉවර වුණා. ගෑස් ගන්න කොහේවත් නෑ. මේක මට දෙන්න. මම අලුතින් ගෑස් එකක් ගෙනැත් දෙන්නම්.” කඩ හිමියා කීවේය.
මතට ලොල්ව සිටි මහත්තයාට ඒ වන විට මුදල් අහේනියක් ද තිබුණි.
“මේකයි වැඩේ ගෑස් එක දෙන්නේ නෑ. ඔයා මේක අරගෙන යන්න. නෝනා එන්න කලින් හවසට මේක ගෙනැත් දෙන්න.
හෙටත් නෝනා වැඩට ගිය පසුව ඇවිත් අරගෙන යන්න. නැවතත් නෝනා එන්න පෙර ගෙදරට ගෙනැත් දෙන්න. ඔයාට ඕනෑ විදිහට ඔයා වැඩේ කරගන්න.”
ඔහු ගෙනා යෝජනාවට කඩ හිමියා ද කැමැත්ත පළ කළේය.
මත් වතුර පානය කරන්නට ඇවැසි ගතමනාව කඩ හිමියා දිනපතාම වාගේ මහත්තයාට දුන්නේය. දිනක් නෝනා කල්වේලා ඇතිව නිවෙසට පැමිණ සිටියාය.
ඒ අතරවාරයේ කඩ හිමියා රැගෙන ගිය ගෑස් සිලින්ඩරය දෙන්නට ඔහුත් ආවේය.
“මේ සිද්ධිය මට ආරංචි වුණා. ඒක අල්ලන්න තමයි ආයතනයෙන් කල්වේලා ඇතිව මම ගෙදර ආවේ.”
එසේ පැවැසූ ඇය, කඩ හිමියාට ද දොස් නැගුවාය.
දින කිහිපයක් තිස්සේ සිලින්ඩරය රැගෙන ගිය බවත්, ඒ වෙනුවෙන් මහත්තයාට මුදල් දුන් බවත් කඩ හිමියාත් ඇයට හෙළි කළේය.
එන පොට වැරැදුණු බව දත් සැමියා එම ගෑස් සිලින්ඩරයත් අරගෙන ගෙදරින් නික්මුණේය. එය කඩ හිමියාටම බාර දී කඩේ තිබූ හිස් සිලින්ඩරය රැගෙන නගරයට ගියේය. ගෑස් කොහේවත් නැත. එහෙත් ඔහු පත්ව ඇති අසරණතාව දත් ගෑස් අලෙවි නියෝජිතයකු කෙසේ හෝ ගෑස් සිලින්ඩරයක් සොයා දුන්නේ දුර බැහැරිනි. එය රැගෙන ගෙදරට ආවත් ඇයගෙන් නෝක්කාඩු මිසක් හොඳක් නම් අසන්නට නොවිණි.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සැමියාගේ ගෑස් හොරේට බ්රිය මදි නොකියන්න ගෑස් පෙන්වලා