IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සැමියගේ දරුවන් දේව දරුවන් කළැයි බිරියට යකා නැගලා

දේව වරමක් ලදැයි කියමින් දෙවියන්  යදින කාන්තාවක අසල්වැසි නිවසක කාන්තාවකට ‘‘දේව දරුවා’’ කියා හඬ තලමින් කතා කරද්දී තම නිවසේ දේව දරුවන් නැති බවත් ඉන්නේ තම සැමියාගේ දරුවන් බවත් පැවසීමෙන් වරම්කාරියගේ වරම එකවරම ඇණහිටීමේ පුවතක් හඳපාන්ගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ මෙසේය.
ඉංගිරිය ප්‍රදේශයේ නිවසක කාන්තාවකට හිටි අඩියේ වරමක් ලදැයි කියා දෙවියන්ගෙන් ලද වරමින් පහන් තියා පරළ වෙමින් සාස්තර කියනවා යැයි ප්‍රසිද්ධ වීමට උත්සාහ ගනිමින් සිටින අවස්ථාවකි.
ඇය උදේ සවස කහ පැහැති වස්ත්‍ර ඇඳපැළඳ පත්තිනි දෙවියන් දුන් වරමක් යයි කියමින් යන එන අයටත් දන්නා කියන අයටත් කියන්නේ මහත් උජාරුවෙනි. මේ අය අතර සමහරෙක් ඇය කියන දේ වැළඳ ගත්තද සමහරෙක් දෙවියන් කොහෙද මිනිසුන් තුළ යයි කියමින් ඇගේ සිත නොපෑරෙන්න අසා සිටියත් නොපිළි ගත්තේ සැබෑ තතු දන්නා හෙයිනි.
ඇයගේ නිවසට මායිම්ව අනෙක් නිවස පිහිටා තිබේ. එම නිවස අසල විශාල අඹ ගසක්ද ඇත. එම නිවසේ බිරිඳ දරුවන් පාසලට යවා ගෙමිදුල ඇමදීම පුරුද්දක් කරගෙන තිබුණි. උදේ අට නවය වනවිට දේව වරම ලද කාන්තාව මුහුණකට සෝදා පේවී මල්පහන් පුදා දෙවියන් යදිමින් පරළවන අවස්ථාවය.


එම කාන්තාවගේ නිවස ආසන්නයේ පිහිටි නිවසේ කාන්තාව මිදුල අතුගා එක්රැස් කර ගත් කුණු ටික බෑගයක ආධාරයෙන් රැගෙන ගොස් අඹ ගස මුලට දමා නිවස පිටුපසට වී  මුහුණ අතපය සෝදමින්  සිටියදී, දේව දරුවා දේව දරුවා දේව දරුවා, කියමින් දේව වරම ලද කාන්තාව පරළවෙමින් තමන්ගේ  නිවස අසල වැට මායිමට පැමිණ හඬතලන හඬ ඇසී දත් මදිමින් සිටි කාන්තාව කඩි මුඩියේ කට සෝදා දේව වරම ලද කාන්තාව ඉදිරියට ගියේ මොකක්ද මේ නටන නාඩගමයැයි සිතට ආ සිතුවිල්ල ඇතිවය.
එම කාන්තාව දුටු දේව වරම ලද කාන්තාව පරළවීම දෙගුණ තෙගුණවී, දේව දරුවා දේව දරුවා, දේව දරුවා, යයි කාන්තාව දෙසට අතක් දිගු කරමින් යමක් කියන්නට පටන් ගන්නවාත් සමගම, අනේ ….මේ…....... මෙහේ ඇති දේව දරුවෙක් නෑ..... මෙහෙ ඉන්නෙ සිරිපාලගේ.... දරුවො  විතරයි. උන් දෙන්නත් මේ වෙලාවෙ ගෙදර නෑ ඉස්කෝලෙ ගියා. එක පාරටම වරම ඇණ හිටියේය. කියහංකො බලන්න උඹේ ඔය සාස්තරේ දැන්. නන්දාගේ පරළය අමතකය.
‘‘ආ....මේ...... අඹ...... ගස් …. පත්තිනි මෑණියන්ට අයත් ඒව. අඹ ගස් යට කුණු කසළ දමන්න එපා’’
‘‘අනේ මේ ඔය ඉන්න දෙවියන්ට කියපං මේ මම අවුස්සා ගන්නේ නැතුව පාඩුවේ ඉන්න කියලා.’’
මේ පුවත ගමේ ගොඩේ ආරංචි වූයේ අසල්වැසියන් අසා සිටි නිසාය. එදා සිට එම කාන්තාවට ‘‘අඹ දෙයියෝ” යයි ඇමතීමට කොල්ලො කුරුට්ටෝ පමණක් නොව වැඩිහිටියෝද පුරුද්දක් කර ගත්හ.

හංවැල්ල එච්.එස්.ඒ. නන්දන



අදහස් (0)

සැමියගේ දරුවන් දේව දරුවන් කළැයි බිරියට යකා නැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 456 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 579 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1058 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 891 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2346 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 816 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 280 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site