IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සැමියාගේ බෑගයෙන් අමුතු කෑමක් අහුවෙලා

උණවටුන - ඩී.ජී. සුගතපාල
ගාල්ල දිස්ත්‍රික්කයේ ගම්මානයක පදිංචිකරුවකු වන ඔහු රැකියාව කළේ අගනුවරය. සෑම සති අන්තයේම බිරිය සහ දරු දෙදෙනා බැලීමට නිවෙසට එන ඔහු පැණිරස කෑමක් ගෙන එන්නට අමතක කරන්නේ නැත. ඒ බිරිය පැණි රස කෑමවලට ආසා නිසාය. සැමියා පැමිණි වහාම ඔහුගේ ගමන් මල්ල අවුස්සා ගෙනෙන ලද පැණි රස කෑම සෙවීම ද බිරියගේ සිරිතය.
පසුගිය දිනවල වැඩ පොළේ තිබු කාර්යය බහුලත්වය නිසා ඔහුට මසක පමණ කාලයක් නිවෙසට ඒමට නොහැකි විය. නිවාඩු ලද වහාම ඔහු නිවෙසට පැමිණියේය. ඔහු එන බව දැනගත් බිරිය සහ දරුවෝ මහත් සොම්නසට පත්වූහ.
කොළඹ සිට බසයෙන් පැමිණි ඔහු හන්දියෙන් බැස ත්‍රි රෝද රථයක නැගී ගෙදර ගියේය. ඔහු එනතුරු බිරිය සහ දරුවන් සිටියේ උළුවස්ස උඩය.
ගත වූ මාසය සැමියාටත් බිරියටත් දරුවන්ටත් කල්පයක් තරම් විය. නිවෙසට පැමිණෙන විටම අත සෝදා ගැනීමට බිරිය සියලු‍ කටයුතු සූදානම් කර තිබිණි. කොළඹ  සිට පැමිණෙන නිසා විශේෂයෙන් ඇය ඒ ගැන සැලකිලිමත් වූවාය. දෑත් සෝදාගෙන නිවෙසට පැමිණීමෙන් පසු  සියල්ලෝම එකිනෙකා බදා ගනිමින් සතුටු වූහ.
ඔහුට පළමුවෙන්ම අවශ්‍ය වූයේ ඇඟ සෝදා ගැනීමටය. එනිසා ඔහු නාන කාමරයට වැදුණේය. මේ අතර බිරිය ඔහුගේ ගමන් මල්ල අවුස්සන්ට විය. එහි එක සාක්කුවක තිබී ඇයට හමුවුයේ පැණි රස කෑමක් නොව ඇය කිසි දිනෙක බලාපොරොත්තු නොවු දෙයකි. එහි තිබුණේ කාන්තාවකගේ තන පටියකි. එය අතට ගත් ඇයට ඉවසුම් නැතිවිය.
ඒ සමගම යාබද නිවෙසේ පදිංචි ඥාති සොහොයුරිය ආවාය.“අක්කේ අයියා ආවද?” ඥාති සොහොයුරිය ඇසුවාය. “ආව තමයි. ඇයි නංගි මොකද?” බිරියගේ කට හඬේ තිබුණේ ශෝකය හා කෝපය මුසු ස්වරයකි.
“අක්කේ අයිය එදා ඉල්ලගෙන ගිය  බෑග් එකේ මගේ බ්‍රා එකක් ඇති බලන්න. ඒක තියෙනව ද කියලා. මම ටවුමට ගිය වෙලාවේ ඕක ගත්තේ. ඒක එළියට ගන්න මතක නැතුව තමයි අයියට බෑග් එක දීල තියෙන්නේ. ඥාති සොහොයුරියගේ කීම සැබෑවක් බව ඇයට වැට හුණේ එවිටය.
ඔහුගේ ගමන් මල්ල අබලන්වීම නිසා එදා කොළඹ යද්දී යාබද නිවසේ ඥාති සොහොයුරියගේ ගමන් මල්ල ඉල්ලාගෙන ගිය බව ඇයට මතක් විය.
“හා තිබුණ තමයි” ඇය කීවාය. ඒ සමගම ඇඟ පිස දමමින්  සැමියා එනු දුටු ඇයගේ සැකය හා කෝපය පහව ගොස් මුවට නැගුණේ සිනාවකි. “මාර වැඬේ තමයි. ඕක දැකල වැඩ පොළේ යාළුවොත් මට හිනා වුණා” ඔහු සිනාසෙමින් කීවේය.
“මේ තව පොඩ්ඩෙන් මාර වැඩේ තමයි වෙන්නේ” කියමින් ඇය සැමියාට උණු තේ එකක් ගෙනැවිත් දුන්නාය. පවුල් ආරවුලක් වැළකි ගියේ නූලෙනි.



අදහස් (0)

සැමියාගේ බෑගයෙන් අමුතු කෑමක් අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site