IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සැමියාගේ ලාබ සෙරෙප්පුවෙන් බිරියගේ මඟුල් ගමන හබක්

හාරිස්පත්තුවේ  මොහොමඩ් ආසික්


සැමියාගේ ලෝබකම හින්දා බිරියට සිය හොඳම මිතුරියගේ දියණියගේ විවාහ උත්සවයට සහභාගිවීමට නොහැකිවීමේ අපූරු  සිද්ධියක් ලංකාදීපයට වාර්තා විය.
ඔහු කන්ද උඩරට ප්‍රදේශයේ  ගම්මානයක පදිංචි මැදිවියේ පසුවන  මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරියද අසල ගම් පළාතක පදිංචි වැදගත්  පවුලක කාන්තාවකි.
 සැමියාට මුදල් හදල් යහමින් තිබුණද ඔහුගේ උපන් ලෝබකම නිසා ඇය  එම මුදල් වියදම් කරන්නේ අරපරිස්සමෙනි. 
අරපරිස්සමින් කිව්වත් අත්‍යාවශ්‍ය දේකට පවා ඔහු මුදල් වියදම් කරන්නේ බාගෙටය. ඒ මුදල් ඉවර වෙතැයි ඇති බිය නිසාය. දරුවන් දෙදෙනකුද සිටින මෙම පවුලේ දරුවන්ද සිය පියාගෙන් අධ්‍යාපන කටයුතු සඳහාද මුදල් ඉල්ලාගන්නේ ගලකින් පට්ටයක් ගන්නා මෙනි.
මේ අතර පසුගිය දිනෙක බිරියගේ හොඳම මිතුරියගේ දියණියගේ විවාහ උත්සවයට පවුලේ සියලු‍‍ දෙනාට ආරාධනා කර තිබුණේය. මෙම විවාහ උත්සවය පැවැත්වෙන්නේ නගරයේ ප්‍රධාන හෝටලයකය. ඒ සඳහා එසේ මෙසේ යා නොහැකිය. එක පැත්තකින් තෑග්ග සඳහා විශාල මුදලක් වැය කළ යුතුය. 
ඊටත් වඩා බිරිඳගේ ඇඳුම් සඳහාද වැයකළ යුතුය. තමාට නම් තියෙන එකක් හැඳගෙන යා හැකිය. බිරිඳටත් එසේ ඇඳගෙන යන ලෙස ඔහු උපදෙස් දුන්නේය. තම සැමියාගේ හැටි දන්නා බිරිඳ තමන් සතුව ඇති සියලු‍‍ සාරි ඇඳුම් අවුස්සා  තරමක් හෝ ගමනට සුදුසු ඇඳුමක් තෝරාගත්තාය. විවාහ උත්සවයට තව දින කිහිපයක් තිබෙන නිසා ඇය සියල්ල සුදානම් කර තැබුවාය.  
විවාහ උත්සවය දිනයේ උදේ ගමනට සූදානම් වනවිට බිරියට සිය පාවහන් මතක් විය. සිය  පාවහන් යුගල මෙවැනි  උත්සවයකට යාමට සුදුසු නොවන නිසා ඇඳුම් මෙන් නොව කෙසේ හෝ පෙරෙප්පු ජෝඩුවක් මිලදී ගෙන එන ලෙස සැමියාට කිවේ අවශ්‍ය මිම්මද ලබාදෙමිනි. සැමියා නිවෙසේ ඇඹරී ඇඹරී එහේ මෙහේ කැරකී කැරකි සිටියත් විකල්පයක් නොවීය.
ඒ නිසාම බිරියට  සෙරෙප්පු ජෝඩුවක්  මිලඳි ගැනීම සඳහා  නගරයට ගියේය. නගරයට ගිය ඔහු එක් වරම වෙළෙඳ සලකට ගොඩ නොවී කීයක් හෝ අඩුවෙන් මෙම සෙරෙප්පු  ජෝඩුව මිලදී ගැනීමට උත්සාහ කළේය. 
නගරයේ සෑහෙන වෙලාවක් ඇවිදීමෙන් පසුව   වෙළෙඳ සලකට ගොඩ වී සෙරෙප්පු ජෝඩුවක මිල ඇසුවේය. එය අසා ඔහුට හීන් දාඩිය දැම්මේය. වචනයක්වත් කතා නොකර වෙළඳ සලෙන් එළියට පැනගත් ඔහු පදික වේදකාව  දිගේ ගමන් කරද්දී  පාර දිගේ විවිධ භාණ්ඩ විකිණිමට තබා තිබෙනු ඔහු දුටුවේය. ඒඅතර  විවිධ  වර්ගයේ සෙරෙප්පුද විය. 
එහි මිලද ඉතා අඩුවෙන්  සටහන්ව තිබුණි. ඒ ගැන විමසා බැලූ ඔහු මේක හොඳයිනෙ කියා එම සෙරෙප්පු ජෝඩුව මිල දී ගෙන හනිකට නිවෙසට පැමිණියේය. සියලු‍‍ ඇඳුම් ඇඳගෙන සැමියා සෙරෙප්පු ජෝඩුව ගෙනඑනතුරු මඟ බලා සිටි බිරිය  නිවෙසේ කඩුල්ල ළඟටම පැමිණ සැමියාගෙන් සෙරෙප්පුව ඉල්ලා ගත්තාය. නිවෙස තුළට ගෙන ගොස් එය  සිය පාදවලට දමා බැලු‍‍වාය. එවිට  ඇයට දෙවියන් සිහි විය. සැමියා මිල දී ගෙන ඇවිත් ඇත්තේ පාවිච්චියෙන් ඉවත්කළ සෙරෙප්පු ජෝඩුවකි. එය තරමක් පාට ගා  තිබුණු අතර දෙක දෙවිදියකි.  පයට කෙසේවත්  පැළඳිය නොහැකිය.  දැන් වේලාවත් ගත වී තිබේ. නැවත නගරයට ගොස් පැමිණ මගුල් උත්සවයට යාමට ද වේලාවක් නැත. බිරිඳ පුප්ප පුප්පා සිය සැමියාට දෙස් තියන්නට වූවාය. 
ලෝබකම හින්දා මට මගේ හොඳම යාළුවගේ දුවගේ මඟුල් ගෙදරවත් යන්න බැරි වුණානේ කියමින් ඇය  ඇඳුම් මාරු කර ගත්තේ  විවාහ උත්සවයට යාමේ අදහස අත් හැර ගනිමිනි.



අදහස් (0)

සැමියාගේ ලාබ සෙරෙප්පුවෙන් බිරියගේ මඟුල් ගමන හබක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 629 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 705 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1089 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9399 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 864 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 326 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site