(තිහගොඩ- උපසේන ලියනගම)
හෝටල් කාමරයක දෙදෙනකු නතරවී සිටීමේ බිල් පතක් තම සැමියාගේ කමිස සාක්කුවේ තිබී හමුවූ බිරියක් සැමියා සමග මහා අඩව්වක් ඇල්ලීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුනේ කළුතර නාගරික ප‍්‍රදේශයකිනි.
පසුගිය සතියේ රාජකාරි ගමනක් ගොස් සිටි ඔහු දින තුනකට පසු ගෙදරට පැමිණ විවේක ගනිද්දී ඔහුගේ කමිස සෝදමින් සිටි බිරිය සාක්කුවේ වූ කොළ කැබැල්ලක් රැගෙන ඔහු වෙත ආවේ දෙ අතේවූ සබන් පෙණද ගසා දමමිනි. ‘‘රාජකාරියෙ ගියාද? හෝටෙල් ගානෙ ගියාද?’’ ඇයගේ වේගවත් ප‍්‍රකාශයෙන් අන්දමන්ද වූ ඔහු ඇයගෙනා බිල්පත පරීක්‍ෂා කළේය.
රාජකාරිය කරද්දී තම හිතවතකුගේ දුරකථන ඇමතුම් අංකයක් ලියා ගැනීමට ඉල්ලාගත් මේ කොළ කැබැල්ල හෝටලයක බිල්පතක් බව ඔහු මේ වනතෙක් දැන හිටියේ නැත. එම බිල්පත පසුපස වූ දුරකථන අංකය පෙන්වා සත්‍ය තොරතුරු කීවත් බිරිය එය පිළිගත්තේ එහිවූ අංකයට කතාකිරීමෙන් පසුවලූ.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සැමියාගේ සාක්කුවෙන් පැන්න බිල්පතට බිරිය අඩව් අල්ලලා
අජිත් Thursday, 09 October 2014 12:24 PM
විරාජ්, මොනවද අනේ "අරවයින් එකක් තමයි" කියලා කිව්වේ.අනේ කියන්නකෝ අපිටත් ඇහෙන්න.... (නි)
නාලිකා Saturday, 11 October 2014 08:47 AM
අපේ ගෙදර දරුවෝ තුන්දෙනා සහ ඔක්කම පස් දෙනෙකුගේ රෙදි හේදිල්ල රැකියාවට යන ගමන් මට දවස ගානේ කරන්න අමාරු නිසා මම මහත්තයට කිව්වා ගෙවන ක්‍රමයට හරි රෙදි සෝදන් යන්ත්‍රයක් ගනිමු කියලා. අපෝ බැහැ කරන්ට් යනවා මදිවට සල්ලි නැහැ කිව්වා. ඊට පස්සේ එක දවසක් රෙදි සෝදන්න කලින් සාක්කු වල හේදිලා යන්න දේවල් බැරි වෙලා තියද කියල බලනකොට බිලක් අහු වුනා. . එයාගේ නංගිට වොෂින් මැෂින් එකක් අරන් දීලා. මම මොනවත් අහන්න ගියේ නැහැ . ඊළඟ සතියේ අපි නංගිලාගේ ගෙදර ගියාම අලුත් රෙදි සෝදන යන්ත්‍රය පෙන්නලා එයා කියනව " අනේ අක්ක මේකට සැහෙන ගානක් ගියා එත් ඉතින් හරි පහසුයි අක්කටත් තියෙන්නේ එකක් ගන්න කියල. " මම ඉතින් පවුලේ සමගිය තකා සද්ද නැතිව හිටියා. (අ)
රේණුකා Saturday, 11 October 2014 10:45 PM
තිලක් මහතා , සල්ලි ගෙව්වේ නැත්නම් බිල අයියාගේ සාක්කුවට යන්න තියන අවස්ථාව ටිකක් අඩුයි නේද? මේ වැඩේ සමජායේ සිද්ධවෙනවා. සමහර උදවිය නෝනලාට හොරෙන් ගෙදර අයට ආර්ථික උදව් කරනවා. දැනුවත් කරලා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර සහෝදරියෝ හිතන්නෙත් හරිම ආත්මාර්ථකාමී විදියට. අයියලා විවාහ වෙන්න කලින් ගෙදරට කළ වියදම් තමන්ට කළ වියදම් ඊට පසුවත් කරන්න ඕනෑමයි කියලා. අනෙක් අතින් නෝනලාත් මහත්තයාගේ නෑයින්ට ඉඳහිට හෝ උදව්වක් කරන එකට විරුද්ධ වෙන එක හරි මදි. (නි)
පද්මේන් Thursday, 09 October 2014 07:34 AM
සැමියා කරන සමහර දේවල් බිරිඳව දැනුවත් කරලා තියන එක හොඳයි. පීටර් ජේම්ස්ට ඩොලර් 100 ක ණයක් දුන්නලු. පීටර් මේක ඉල්ලන්න ගෙදර ගියහම කිව්වලු දැන් නැහැ පස්සේ දෙන්නම් කියල. දවසක් ජේම්ස් සල්ලිත් අරන් පීටර් හම්බවෙන්න ගියාලු. පීටර් ගෙදර නැහැලු. පීටර්ගේ නෝනා ඉන්නවලු. නෝනා ඇහුවලු මොකද පීටර්ව හොයන්නේ කියලා. මොකුත් නැහැ කියල ඩොලර් 100 පෙන්නලා කිව්වලු හාද්දක් දුන්නොත් ඩොලර් 100ක් දෙනවා කියලා. ඩොලර් 100 ට ආස වෙලා හාද්දක් දීලා ගත්තලු. පීටර් ගෙදර ආවහම කිව්වලු බලන්න ජේම්ස් මට එක හාද්දකට ඩොලර් 100ක් දුන්නනේ කියලා. පීටර් කටවහගෙන හිටියලු. (නදී)
රුවන් Wednesday, 08 October 2014 08:34 PM
හොර ගමන් ගියාම බිල්පත් ළඟ තබාගන්නේ මොන මෝඩයද? (නි)
සරත් Thursday, 09 October 2014 07:51 AM
පෙර වැරදි නැත්නම් සැකකරන්නේ නැහැ. හොඳ විශ්වාසයක් ගොඩනඟා ගන්න හොඳට ඉන්නම ඕනෑ කාලයක්.... (නි)
කරුණාපාල Thursday, 09 October 2014 02:00 PM
මොකද පිටිගල එකපාරටම කලබල උනේ? ඔයාගේ නෝනා ළඟ තිබිල හම්බ උන බිල ගැන මතක් උනාද? ගණන් ගන්න එපා ඒක වෙන කෙනෙක් ගෙවපු එකක්. (නදී)
ජනක Friday, 10 October 2014 11:46 PM
බමුණූගේ සාක්කුව ඉරිලා කියලා නොකියා කිවුවා (නි)
බමුණු ආරච්චි Wednesday, 08 October 2014 11:39 PM
ඇති ඔයින් බේරුනා (නි)
තිලක් Saturday, 11 October 2014 11:28 AM
නාලිකා ඒ බිල අයියගේ සාක්කුවේ තිබුනට සල්ලි නංගිගේ වෙන්න බැරිද අයිය ගියේ නංගිගේ උදව්වට වෙන්න ඇති. ප්‍රශ්න හිතේ හිර කරගෙන ඉඳීම සමගිය නොවෙයි. (නදී)
අජිත් Saturday, 11 October 2014 12:15 PM
දවසක්ද අපේ නෝනටත් අහුවෙලා සාක්කුවේ තිබිලා යමක්.පස්සේ මට කනක් ඇහිලා ඉන්න නැති වුණා.(හේ)
ආරියසේන Thursday, 09 October 2014 09:38 AM
නුවණ හැඳි මිටේ දිගයි කියන්නේ නිකන්ද? (නි)
රෙජි-සිඩ්නි Thursday, 09 October 2014 03:10 AM
ඕවා ඔහොම තමා. දෙන්නට දෙන්නා විශ්වාස කරන්න බැරි කාලයක් දැන් උදා වෙලා තියෙන්නේ. (නදී)
චමී Thursday, 09 October 2014 03:20 AM
සාදාරණ සැකයක් (නදී)
සේන Thursday, 09 October 2014 09:53 AM
ඇති ඔයින් ගියා ගුටිකන්නේ නැතුව. (නදී)
තෙන්නකෝන් Saturday, 11 October 2014 02:31 PM
සැකය මේ හැම දේටම මුල.(හේ)
නිමල් ලලිතා Thursday, 09 October 2014 03:43 AM
අැති උන කේන්තිය සාදාරනයි. (නදී)
පිටිගල Thursday, 09 October 2014 10:24 AM
මාර වැඩේ! මටත් දැනුයි මතක් වුණේ. (නි)
ගුණසේකර Sunday, 12 October 2014 09:40 PM
මටත් ඔහොම දෙයක් වුණා මට තරු පෙනුණා ඉතින් එහෙම දෙයක් නැහැ කියල පසුවදාම බිරිදට අලුත් කරාඹු ජෝඩුවක් අරගෙන දුන්න නෝනා හොඳට සතුටු උණා මම යන්තම් ෂේප් දැන් .(අ)
කුමාරි Thursday, 09 October 2014 10:36 AM
ඒ ඇත්ති ඔහොම කෑගහන්න ඇත්තේ ඒ ඇත්තාට තියන ආදරය හින්දනේ. ගැහැනියක් මොන දේ බෙදාගත්තත් තමන්ගේ ස්වාමියාව තව කෙනෙක් එක්ක බෙදාගන්න මනාප නැහැ (නි)
විරාජ් Thursday, 09 October 2014 05:04 AM
ඇත්තටම හෝටලේකට ගියානම් බිලක් ඉල්ලන්නේ නැහැනේ. වැරදිලා හරි සාක්කුවේ තියෙන්න ඇත්තේ එහෙනම් අරවයින් එකක් තමයි (නදී)
මාලන් Thursday, 09 October 2014 07:10 PM
අනිත් කෙනා ගෙවපු බිල නෙමෙයි පිටිගලට හමුවෙලා තියෙන්නේ. නැවත යන්න කාමරයකට ඇඩ්වාන්ස් එකක් ගෙව්ව කොලයක් (නි)
බමුණු Friday, 10 October 2014 04:01 PM
" මම සාක්කු අදින්නේ නැති නිසා" ඔව් සැමියාගේ උනත් සාක්කුවට අත දන්නා එපා සාක්කුව ඉරිලා තිබුනොත්? (නදී)
ගංගා Saturday, 11 October 2014 07:52 AM
මේ වගේ බිරින්දෑවරු අනිවාර්යෙන් සරත් විජේසුරිය මහතාගේ දේශන වලට සවන් දෙන්න. ගැහැණු හරි ඉක්මනට කේන්ති අරගෙන පවුල් අවුල් කරගන්නවා. පොඩ්ඩක් මේක අහලා බලන්න. මහාචාර්ය සරත් විජේසුරිය කියල නෙට් එකේ ගහල බලන්නකෝ. ජීවිතයට හරිම වැදගත් වෙයි (නදී)
නාමල් Friday, 10 October 2014 07:41 AM
මට නම් කවදාවත් ඔය වගේ ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නම් නැහැ! මොකද මගේ රෙදි සෝදා මදින්නේත් මමම නිසා (නි)
ජයනි Thursday, 09 October 2014 11:43 PM
මහත්තයාගේ කලිසම් සාක්කු , පසුම්බිය අදින්නයි ජංගම දුරකතනයෙන් ආ ඇමතුම් මොනවද කියලා හොරෙන් බලන්නයි ගියාම තමයි ගෙවල් වල ප්‍රශ්න වැඩි. මම නම් ඕවා එකක්වත් කරන්නේ නැහැ. එයත් සතුටින්, මාත් සතුටින්. මම කියලා තියෙන්නේ මම සාක්කු අදින්නේ නැති නිසා ඇඳුම් සෝදන්න කලින් ඒවායේ තිබෙන සබ්බ සකලමනාවම අරගන්න, නැත්නම් මම වගකියන්නේ නැහැ කියලා. (නි)
පිටිගල Friday, 10 October 2014 06:41 PM
බලන්නකෝ ඒකෙත් හැටි.අනුන්ගේ දේවල් හොයන තරම! (නි)