සිය සැමියාගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ගබඩා කොට තිබූ රූමත් කාන්තා රුවක් ඇතුළත් දුරකතන අංකයක් නිසා අලුත් වෙලා තිබූ පැරණි මිතුදම නැවතත් පරණවීමට ගිය අපූරු පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු සහේට ගෙන තිබුණේ නොම්මර එකේ බඩු කෑල්ලකි. ඇය කුමක් හෝ අරඹයා සැමියාට වදදෙන එකේ සීමාවක් නොතිබිණ. සැමියා පිළිබඳ සැකය ඒ අතරින් ප්‍රධානය. පළමු තැනය. මහ පාරේ දෙන්නා එකට ගමන් බිමන් යනවිට දී දන්නා හඳුනන ලඳක් කතා කළොත් හමාරය. කතා කිරීම නොව සිනාසුණත් ඇයට ඒත් ඇතිය. අඩු තරමින් නිවසේ සිටිනා විටදී ඔහුගේ ජංගම දුරකතනයට කාන්තාවක බැරිවෙලාවත් ඇමතුවොත් ඉතිං ඔහුට දෙවියන්ගේම පිහිටය.
සැමියාගේ ජංගම දුරකතනය සෝදිසි මෙහෙයුමේ සිටියදී රූමත් කාන්තා රුවක් ඉදිරියේ කාන්තා නමක් යයි සිතිය හැකි නමක් ගබඩාවී තිබිණ. බිරිය දුම්මල වරම අතට ගත්තාය. සිය ජංගම දුරකතනයෙන් සැමියාගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ගබඩා කොට තිබූ අංකයට දුරකතන ඇමතුමක් ගත්තාය. එහා කෙළවරින් ඇසුණේ ලතාවකට කතා කරන නාරිලතාවකගේ කටහඬය. ඒ සමගම ඇය යක්ෂාරූඩ වූවාය. ඔහේ කවුද. හරි කතාවක්නේ මගේ පෝන් එකට කෝල් එකක් අරන් මෙහේම අහන ඔහේ කවුද ඇය ඇසුවාය.
මම කවුරුවුණත් කමක් නැහැ ඔහේ මේ මොන සක්කර වට්ටමක් ද කියනවකෝ. එහා කෙළවරේ කෙනාගේද සීමාව ඉක්මවා ගියාය. යකෝ හරි කෝලමක්නේ මට සක්කර වට්ටමක් කියන තමුසේ මොන ගෑනියෙක්ද ඕයි. ඔව් මම ගෑනියෙක් තමයි. එක මිනිහෙක් ඉන්න ගෑනියෙක්. තමුසේ වගේ අනුන්ගේ ගෑනුන්ගේ මිනිස්සු දපනේ දාගන්න ගෑනියෙක් නෙමෙයි. වැරදි කර කර තව කතා කරන්නත් එනවා. මේ ආකාරයට දෙන්නා නවත්වන පාටක් ද නැත. අනන්‍යතාවය පසෙක තබා ඒ වනවිට දෙන්නාම ජංගම දුරකතනයෙන් කෙහෙවලු පටලගෙන හමාරය. ඒ පැටලිල්ලේ හැටියට දෙන්නට දෙන්නා ළඟ සිටියේ නම් මේ වනවිට දෙන්නාගෙන් අයෙක් රෝහලේය. අනෙකා කූඩුවේය.
එදා නිවාඩු දිනයක් නිසා කඩ පිලට ගොස් එනවිට සිය භාර්යාව දුරකතනයෙන් කාවහරි කාන්තාවක එක්ක කෙහෙවලු පටලගෙන ඇති බව අත්දැකීමෙන්ම ඔහුට දුර තියාම අවබෝධ විය. හනි හනිකට නිවසට පැමිණ ඇයගෙන් බැනුම් අහගෙනම කාරණය විමසන්න ගිය තැනේදී සිය භාර්යාව වලිගෙ පාගාගෙන හමාර බව දැනගත්තේය.
ඔය මගේ පරණ යහලුවෙක්ගේ නොම්මරයක්. කාලයකින් තමයි ඔහු හම්බ වුනේ. එයාගේ නම ප්‍රභාත්. අපි එදා ඉඳං එයාට කිව්වේ පබා කියලා. මේ එයාගේ නොම්මරය. මේ එයාගේ බිරිඳගේ පොටෝ එක.
ඇයට කාරණය අවබෝධ කරන විට ඔහුට පරණ මිතු දමට තිත තියන්න සිදුවූයේ ඒ වනවිටත් සිය භාර්යාවගේ චරිතය ඝාතනය කොට ඇත්තේ තමාගේ පරණ මිතුරාගේ භාර්යාව බව එහා කෙළවරින් ඇමතුමට සම්බන්ධ වූ පාර්ශවය දැනගත් නිසාලු.
කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සැමියගෙ ෆෝන් එකට කතක් ඇවිත්