නිකවැරටිය ප්‍රියාණි මංගලිකා
මග හැරුණු දුරකතන ඇමතුමකින් හිතවත් වූ පෙම්වතා සමඟ පැනගිය කාන්තාවක නැවත ගෙදර කැඳවාගෙන යමින් සිටි සැමියාට අතරමග දී පහර දී ත්‍රිරෝද රථයකින් පැමිණි මිස් කෝල් පෙම්වතා සමඟ යළි පැනයාමේ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
මෙම කාන්තාව වයස අවුරුදු තිස් පහක හතළිහක පමණ වයසක පසුවන වසර කීපයක් විදෙස් ගතව සිට පැමිණි අයෙකි. එදිනෙදා කුලී වැඩ කරමින් දරුවන් තිදෙනෙකු සමග ජීවත් වූ සැමියාගේ ඇඳුම් පැලඳුම්, හැඩරුව පවා නොරිස්සූ ඇය, අඬ දබර කරමින් සිටින මොහොතක, ඇයට අවුරුදු 25 පමණ වූ මිස් කෝල් පෙම්වතා හමු වන්නේ මේ අතරතුරදීය.
වයස අවුරුදු විසි පහක පමණ තරුණ මිස් කෝල් පෙම්වතා ඇය සමඟ පෙමින් බැඳෙන්නේ කාන්තාවගේ සිතුම් පැතුම් ඉටු කරමිනි. පෙමින් බැඳී ටික දිනකින් ඇය බාල වයස් පිරිමි දරුවා සහ ගැහැනු දරුවන් දෙදෙනා ද අතහැර දමා මිස් කෝල් පෙම්වතා සමඟ රහසින් පැන යන්නේ කාටත් හොර රහසින්ය.
බිරියට පණ මෙන් ආදරය කළ සැමියා මේ කිසිත් නොදැන හඬා වැළපෙමින් බිරිය සොයන්නට විය. එහෙත් කිසිඳු තොරතුරක් නොමැතිව කල් ගත කරමින් සිටින අතරේදි බිරියගේ අතුරුදන්වීම පිළිබඳව සැමියා පොලීසියට කර තිබූ පැමිණිල්ලකට අනුව පොලිසියද මහත් වෙහෙසක් දරා බිරිය අත්අඩංගුවට ගනු ලැබීය.
බිරිය ලාබාල දරුවන් තිදෙනෙකු දමා වෙනත් අයකු සමඟ පැනගොස් සැඟවී සිටි බවට අනාවරණය කරගත් පොලිසිය ඇය අධිකරණය ඉදිරිපත් කිරීමෙන් රක්ෂිත බන්ධනාගාර ගත වන්නේ සැමියාට ද ඉමහත් දුකක් ඇති කරමිනි.
දින දාහතරකට පසුව බිරිය යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇයට ඇප ලබා දීමට ඉදිරිපත් වන්නේ පැරණි සැමියාය. සැමියා බිරියට ඇප ලබාදී මුදාගෙන, බිරිය කළ වැරදි සියල්ල අමතක කර දමා සමගි සමාදාන වී පෙර පරිදි දරුවන් සමඟ ජීවත් වීමේ අරමුණින් බිරිය සමඟ යළි නිවසට යෑමට දෙදෙනාම මගට බසින්නේ මහත් සතුටිනි.
මද දුරක් ගිය බිරිය සැමියාට බුලත් විටක් රැගෙන එන ලෙස කියා ඇත. සැමියා අත තිබූ මුදල් සහ ලියකියවිලි සහිත බෑගය ද බිරිය අතට දී බුලත් විටක් මිලදී ගැනීමට පාර පැන එය මිලදී ගැනීමට උත්සහ කරන විටම බිරිය ත්‍රීරෝද රථයකට නගින අයුරු දැක ඇත. වහා ක්‍රියාත්මක වූ සැමියා පාර පැන ත්‍රීරෝද රථයේ එල්ලී එයට නැග ගෙන ඇත. කාන්තාවගේ මිස් කෝල් පෙම්වතා ත්‍රීරෝද රථයේ සිටිනු දුටු සැමියාට දවල් තරු පෙනිනි.
බිරිය සැමියාට පහර දී, ත්‍රීරෝද රථයෙන් බිමට තල්ලු කර දමා මිස් කෝල් පෙම්වතා සමඟ යළි පැන යන්නේ සැමියාගේ සියලු බලාපොරොත්තු සුන් කරමිනි. පසුව සිරුරේ තැවරුණු වැලි පිසදා ගත් සැමියා පොලීසියට ගොස් තමාට වූ අකරතැබ්බය පිළිබඳව පැමිණිල්ලක් ද සටහන් කර හිස් අතින්ම ආපසු නිවසට පැමිණියේලු.
ස්ථාන මාරුවක් ලබාගැනීමට රැගෙන එන්න යයි කියූ දොල පිදේනිය අජිවී බව දැක යක්ෂාවේශවූ ආයතන ප්‍රධානියකු ගැන අපූරු කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
අපූරු රෑ වැඩ මුරයක් කළ උපස්ථායිකාවක පිළිබඳ කතාවක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබේ.
මුදල් අයකර පෙන්වන ලද සංගීත සංදර්ශනයක් සංවිධායකයන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් පළමු දිනයේදී විශාල පිරිසක් නොමිලේ නැරඹූ පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානය
පොඩි මස්සිනා ඇතුළු පවුලේ අයගේ සුවදුක් බැලීමට ගෙට ගොඩ වූ ලොකු මස්සිනා ඇතුළු පිරිසක් පොඩි මස්සිනාගේ බිරියගේ කටට බිය වී පස්ස දොරින් පලා ගිය පුවතක් කලාවැව
රන් බඩු සාප්පුවේ රන් මුදුව මුදල් නොගෙවාම තමන් සතු කර ගැනීමට රන්වන් රන් ගැටයක් ගැසූ කතක පිළිබඳව කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
හෙතෙම දරුවන් හත් අට දෙනකුගේ පියෙකි. මාළු විකුණා එදිනෙදා ජීවිතය සරි කර ගන්නා මොහු දරු පවුල රැක ගැනීමට නොයෙකුත් උත්සාහයන් ගන්නේය. මොන ප්‍රශ්න තිබුණත් ඉඳ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සැමියාට කොකා පෙන්වා බිරීද මිස් කෝල් පෙම්වතා එක්ක ඉගිලිලා
himal Sunday, 22 December 2024 10:29 AM
මේ කාන්තාව වෙනත් කෙනෙකු සමඟ ගියා කියලා රිමාන්ඩ් කරන්නේ ඇයි? එහෙම කොහොමද පොලිසියෙන් අත් අඩංගුවට ගන්නේ? මොකක්ද චෝදනාව? ගොතපු කතාවක්ද කොහේද?
Lalla Monday, 23 December 2024 07:26 AM
එක එක රසයට පුරුදු වූ ගෑනි හෝ මිනිහ නැවත ගෙදර ගේනව කියන්නේ ලෙඩරෝග සහ පවුලේ ඉතිරිව තියෙන දේත් විනාශය. කුණු වූ ආහාර පරිභෝජනය කරන්න බෑ.... මියගිය ලෙස සලකා ඉවත්කර දමන්න ඕන.