සැමියා රිය අනතුරකට පත්වෙන අවස්ථාවේදී විවාහක බිරිය සැමියාගේ රෝගී තත්ත්වය ගැන විමසීම පසෙක තබා ඇය මිලදී ගත් වාහනය බදාගෙන හඬා වැටුණු පුවතක් යාපහුව අවටින් අසන්නට ලැබුණි.
ඔහු මවුපිය සෙනෙහස අහිමි වූ දරුවෙකි. නමුත් ඔහු කිරි අම්මා රැක බලා ගත්තාය. පුංචි නිවහනක දෙදෙනා කාලය ගත කළහ. ඔහු ජීවත් කරවන්නට කිරි අම්මා අපා දුක් වින්දාය.
කාලය ටිකෙන් ටික ගත වෙද්දී තරුණ වියට පත් ඔහු තනි කැමැත්තට සහකාරියකගේ අත ගත්තේය.
එම විවාහයට කිරි අම්මා දැඩි සේ විරුද්ධ වුවත් මුණුපුරාගේ කැමැත්තට අනුව ඇයට එම පුංචි නිවහනේ වාසය කරන්නට ඉඩ ලැබුණේය.
දෙදෙනා සතුටින් කාලය ගත කළත් පසු කාලීනව මතු වූ ආර්ථික අගහිඟකම් හමුවේ ඇයට සැමියා නිවසේ තබා විදෙස් ගතවීමට සිදු විය. ඒ ගෘහ සේවිකා රැකියාවකට යාම සඳහාය. ඇය එහි ගොස් වසර කිහිපයක් රැඳී මෙරටට පැමිණියාය. ඇය රැස්කළ මුදලෙන් ත්‍රිරෝද රථයක් මිලදී ගත්තාය.
ඒ වැසි කාල වකවානුවකි. දැදුරු ඔය ජලාශයේ දොරවල් විවෘත කර තිබුණි. දෝරේ ගලා යන වතුර බලන්නට සතර දෙසින් ජනතාව එහි ළඟා වෙති. ත්‍රිරෝද රථයක් තිබෙන නිසා එහි අසිරිය බලන්නට යාමට ඔවුනවද අවැසි විය. යාමට සිටින පිරිස වැඩිය. මේ නිසා ගමනට යාබද නිවසක ත්‍රිරෝද රථයක් ද එක් වුණි.
අලුත ගත් ත්‍රිරෝද රථයට එහි අයිතිකාරිය හා ඇයගේ සැමියා හා සැමියාගේ ඥාති සහෝදරියක ගොඩ වෙන අතරේ ආගන්තුක ත්‍රිරෝද රථයට යාබද නිවසක අය කැටුව රථ දෙකම ගමනට පිටත් විය. අලුත ගත් ත්‍රිරෝද රථයේ හිමිකාරියගේ සැමියා එය පදවන්නේය.
නුහුරු නුපුරුදු අතුරු මාවත් අතරින් දැදුරු ඔය ජලාශය සීමාව පෙනි පෙනී එම රථය මාවතෙන් ඉවතට පැන කරණම් ගසා පෙරලුණි. ත්‍රිරෝදයේ ඉදිරිපස වීදුරුව ගැලවී ඉවතට විසි වුණි. එය පැදවූ රියැදුරා වූ සැමියා අසුනේ හිර වී සිටියේය. ඔහුට සිහියක් නැත.
එහි සිටි සහෝදරියක තම සහෝදරයා බදාගෙන “අනේ මල්ලී මල්ලී ” කියා විලාප නැගුවාය. ඒ ශබ්දය ඇසී අවට අයත් එහි පැමිණ ඔහු බේරා ගැනීමට කටයුතු කරනා අතරේ වාහනය මිලදී ගත් ඔහුගේ විවාහක බිරිය සැමියාගේ අසනීපය ගැන සොයා බැලීම පසෙක තබා අනතුරට පත් රථය බදාගෙන“ අනේ මගේ වීල් එක ”යනුවෙන් කෑ ගැසුවාය.
එය දුටු පිරිස් ඇයට දොස් නගනා විට කඳුළු පිසදා ගත් ඇය නැති සෙනෙහසක් පා සැමියා රෝහල් ගත කිරීමට ගෙන ගිය බවත්, එම සිද්ධිය ඇසූ දුටු ගම්වාසීන් දැන් ඔච්චමට මෙන් ඇයට “අනේ මගේ වීල් එක” යනුවෙන් විහිඵ තහළු කිරීමේදි රතු කට්ට පනිනා ඇය ඔවුන්ට තිත්ත කුණු හරුපයෙන් බැන වදින බවටත් තොරතුරු අනාවරණය වෙයි.
මොරගොල්ලාගම සිසිර කැලේගම
ස්ථාන මාරුවක් ලබාගැනීමට රැගෙන එන්න යයි කියූ දොල පිදේනිය අජිවී බව දැක යක්ෂාවේශවූ ආයතන ප්‍රධානියකු ගැන අපූරු කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
අපූරු රෑ වැඩ මුරයක් කළ උපස්ථායිකාවක පිළිබඳ කතාවක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබේ.
මුදල් අයකර පෙන්වන ලද සංගීත සංදර්ශනයක් සංවිධායකයන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් පළමු දිනයේදී විශාල පිරිසක් නොමිලේ නැරඹූ පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානය
පොඩි මස්සිනා ඇතුළු පවුලේ අයගේ සුවදුක් බැලීමට ගෙට ගොඩ වූ ලොකු මස්සිනා ඇතුළු පිරිසක් පොඩි මස්සිනාගේ බිරියගේ කටට බිය වී පස්ස දොරින් පලා ගිය පුවතක් කලාවැව
රන් බඩු සාප්පුවේ රන් මුදුව මුදල් නොගෙවාම තමන් සතු කර ගැනීමට රන්වන් රන් ගැටයක් ගැසූ කතක පිළිබඳව කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
හෙතෙම දරුවන් හත් අට දෙනකුගේ පියෙකි. මාළු විකුණා එදිනෙදා ජීවිතය සරි කර ගන්නා මොහු දරු පවුල රැක ගැනීමට නොයෙකුත් උත්සාහයන් ගන්නේය. මොන ප්‍රශ්න තිබුණත් ඉඳ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සැමියාට වැඩිය ත්‍රිරෝදය ලොකු වෙලා