(හසලක වාර්තාකරු)
සැමියා සමග ඇති කරගත් ගැටුමකින් පසු සිත් තැවුලට පත්ව සියදිවි හානි කර ගැනීමට වැවකට බැස්ස තරුණ බිරිඳ කබරයකු දැකීමෙන් බිය වී දිවිනසා ගැනීම පසෙක තබා පෙරළා නිවස බලා දිව ගිය සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
ඇය 27 හැවිරිදි තරුණ දෙදරු මවකි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඇය තම යෙහෙළියක සමග කොළඹ ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක රැකියාවක් සඳහා ගොස් තිබිණි. එහිදී දැනහැඳින ගත් කොළඹ ප්‍රදේශයේම තරුණයකු සමග දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද විවාහ විය. විවාහයෙන් අනතුරුව දෙදෙනා ආයතනයට නුදුරු ප්‍රදේශයක කුලියට ගත් කාමරයක පදිංචි වූහ.
ඇය පළමු දරුවා ලැබීමෙන් පසු රැකියාව අතහැර ගමට පැමිණි අතර සැමියා කොළඹ එම ආයතනයේම තවදුරටත් රැකියාව කරගෙන ගියේය. ඔහු මාසයකට වරක් දරුවා සහ බිරිඳ බැලීමට ගමට පැමිණීම සිරිතක් කරගෙන තිබිණි. වර්තමානයේ ඇය දෙදරු මවකි. බිරිඳ හා දරුවන් බැලීමට පැමිණෙන සෑම දිනකම ඔහු ඇයට පවසන්නේ දරුවන් දෙදෙනා රැගෙන කොළඹ තම මව්පියන්ගේ නිවසට යමු කියාය. මෙම යෝජනාවට ඇය විරුද්ධ වන නිසා ඔහු පෙරළා නිවසින් පිටව යන්නේ සිත් අමනාපයෙනි. මෙදින ද පැවති එම කතා බහෙන් පසු ඇති වූ ගැටුමේදී ඇය පැවසුවේ මේ කරදරයෙන් බේරීමට ඇති එකම විසඳුම නිවස අසල ඇති වැවට පැන දිවි නසා ගැනීම බවය. එම ප්‍රකාශය කිරීමෙන් අනතුරුව ඇය තම කුඩා සිඟිති පුතු සැමියා අතට දී නිවසින් එළියට පැන හඬා වැළපෙමින් කෙළින්ම දිව ගියේ වැව දෙසටය. වැවට දිව ගිය ඇය වැවට බැස වැවේ ගැඹුරු දෙසට පියමැන්නේය. ඒ වෙන විට ඇයගේ ඉණ දක්වා ජලය තිබුණි. ඇය එහිදී දුටු දසුනින් බියට පත් වූවාය. තමන් ඉදිරියට වේගයෙන් දිය කබරයකු එන අයුරු දැක ගත හැකි විය.
සියදිවි නසා ගැනීම පසෙකට තැබූ ඇය ‘අම්මේ දිය කබරයෙක් එනවෝ ’යැයි කියා කෑ ගසමින් ජලයෙන් ගොඩටවිත් පෙරළා නිවස බලා දිව යන්නට වූවාය.
මැයගේ මෙම සියදිවි නසා ගැනීම ගැන වැව අසලට විත් රහසේ බලා සිටි සැමියාටත් ඇයගේ මවටත් ඇයගේ මෙම දිව යෑම නිසා ඇති වූ සිනහව නතර කර ගැනීමට විනාඩි ගණනාවක් ගත විය. එදිනෙන් පසු ඇයගේ සියදිවි නසා ගැනීමේ සිහිනයත් සැමියා ඇය සමග රණ්ඩු වීමත් අවසන් වූ බව තරුණියගේ මව සිය ඥාතීන්ට පවසා තිබුණි.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සැමියා එක්ක ඔරොප්පුවී වැවේ පනින්න ගිය බිරිඳ කබරයාට බයවෙලා