(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
තහනම් ගහේ ගෙඩි කන්නට ගොස් විවාහක බිරිඳගේ අතටම අසුවී ඇයට දණ ගසා වැඳ බැගෑපත්ව සමාව ඉල්ලා සිටීමේ සිද්ධියක් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් වාර්තා වූයේය.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු විවාහකයෙකි. ඔහුට දරුවන් දෙදෙනෙක් ද සිටියහ. ඒ පුතකු සහ දියණියකි.
ඔහු සතුටින් විවාහ ජීවිතය ගෙවන අතරේ තවත් තරුණියක සමග අනියම් සම්බන්ධතාවක් ඇතිකර ගත්තේය. ඇයද විවාහකය. ඇයට දරුවන් සිටියේ නැත. ඔහු සිය කුඹුරට යන පාරේ නිවසක ඇය විසුවාය. ඇගේ සැමියා රජයේ සේවකයකු වූ අතර හිමිදිරි පාන්දර නිවසින් පිටත්ව යන සැමියා ආපසු නිවසට ආවේ රාත්‍රී කළුවර වැටෙද්දීය.
මේ නිසා අනියම් ඇසුරක් ගොඩනගා ගත් දෙදරු පියා කුඹුරට යන නියාවෙන් නිවසෙන් පිටත්ව කුඹුරට යනවිට හෝ ආපසු එනවිට අනියම් ඇසුර පවත්වන තරුණියගේ නිවසට ගොඩවැදී තහනම් ගහේ ගෙඩි කන්නට පුරුදුව සිටියේය.
මෙසේ ටික කලක් යද්දී මේ සිද්ධිය අවට ගම්වාසීන් දැනගත් අතර ඔවුන් මාර්ගයෙන් ඔහුගේ බිරිඳ ද දැනගත්තේය.
සිද්ධිය කනවැකුණු ඇය මේ පිළිබඳව කුරුමානම් අල්ලමින් සිට මේ ආරංචිය සත්‍යයක් බව පසක් කර ගත්තාය.
ඉන්පසු ඇය සැමියා හොර අඹුවගේ නිවසට යන වේලාව දැන සිය දරුවන් දෙදෙනාද සමග එම නිවසට ගියාය. ඇය දරුවන් දෙදෙනා සමග එද්දී එම නිවසේ දොර වසා තිබුණි. ඇය ඉදිරිපස දොරට තට්ටු කරද්දී නිවසේ වූ සිය සැමියාගේ අනියම් බිරිඳ දොර ඇරගෙන එළියට ආවාය.
‘‘මෙන්න මගේ මිනිහත් එක්ක මේ දරුවො දෙන්නත් බාර ගනින් කියා’’ දරුවන් දෙදෙනා එහි දමා ඇය ආපසු ගියාය. ඉන්පසු ඇය සිය රෙදිපිළිද බෑගයට දමාගෙන තම මවගේ නිවසට ගියාය.
අනියම් බිරිඳගේ නිවසේ සිටි සැමියා දරුවන් දෙදෙනාද සමග නිවසට පැමිණ බලන විට බිරිඳ නිවසේ නැත. ඔහු බිරිඳ සොයාගෙන ඇයගේ නිවසට ගියේය.
‘‘මාව මොකටද? තමුසෙ දරුවන් දෙන්නවත් බලාගෙන අර ගෑනිත් එක්ක ඉන්නවා’’.
බිරිඳ කී විට තරු පෙනුණ සැමියා යළි එවැනි වැරැද්දක් නොකරන බවට පොරොන්දු වී බිරිඳ ඉදිරියේ දණ ගසා ඇගේ දෙපා වැඳ බැගෑපත්ව සමාව ගෙන නිවසට කැඳවාගෙන ආවේය.
ඉන්පසු කුඹුර අඳ ගොවියෙකුට දී අස්වැද්දුවා මිස ඔහු කුඹුරට ගියේ නැත.
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
459
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැමියා ‘හොරා කෑම’ අසුවී බ්රිඳගේ දෙපා වැඳ සමාව ගනී