කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
ගොළු තරුණයකු ලෙසින් රඟ පෑ තරුණයකු තමාට උපකාර කළ තරුණයන් දෙදෙනකුට ගොළු වෙන්නම දුන් අපූරු උපකාරයක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල කුඹුක් ගහ යටට විවේක වේලාවෙ දී එන තරුණයන් අතර මේ දෙන්නා ද සිටියහ. ඔවුනට මේ ස්ථානය නුහුරු නුපුරුදු තැනක් නම් නොවේ.
එහෙත් දින දෙක තුනක සිටම මේ ස්ථානයේ අපිරිසුදු ඇඳුම් ඇඳගත් තරුණයකු ගැවසෙනු මේ තරුණයෝ දෙදෙනා දුටුහ. ඔවුන්ගේ කරුණාව ඔහු වෙත ඇදී ගියේ මේ ආගන්තුක තරුණයා ඉන්නා විලාසය දුටු විටය.
ඒ නිසාම මේ දෙන්නා මේ ආගන්තුක තරුණයා ළඟට කිට්ටු වූහ. වංහුං ඇහූහ. ඔහුගෙන් නෝ කතා නෝ සිනාය. පසුව බැලීමේ දී ඔහු කථන ආබාධිත බව ඔවුහු දෙදෙනාම අවබෝධ කරගත්හ.
මෙම තරුණයාගේ කැමැත්තෙන්ම අපිරිසුදුව සිටි ඔහු මෙම දෙදෙනා එක්ව නෑවූහ. ඒ විතරක්ම නොවේ ඔහුට අලුත් ඇඳුම් පැලඳුම් ද මිලදී ගෙන දුන්හ.
ඔහුට පාපැදි අලුත්වැඩියා කිරීමට හැකි යැයි දැනගත් මේ තරුණයන් දෙදෙනා අම්බලන්ගොඩ නගරයේ පාපැදි අලුත්වැඩියා කරන සිය මිතුරකුට හඳුන්වා දී එතැන රැකියාව ද ලබා දීමට ක්‍රියා කළේය.
මෙම තරුණයන් දෙදෙනා පිළිබඳව තිබූ විශ්වාසය නිසාම පාපැදි අලුත්වැඩියා කරන මිතුරා ගොළු ගෝලයා සිය නිවෙසේ ද නවතා ගත්තේය. ඒ ඔහුගේ අහිංසක බව අවබෝධ කර ගැනීමෙන් අනතුරුවය.
ඒ අතර තුර පාපැදි අලුත්වැඩියා කරන තැනැත්තාගේ ජංගම දුරකතනයේ මුරපදය පවා මතක තබා ගැනීමට තරම් ඔහු සූක්ෂම වූයේය. ගත වූයේ දින දෙක තුනකි. කතා කිරීමට නොහැකිව සිටි තරුණයා අතුරුදන් වූයේය. ඒ විතරක්ම නොවේ පාපැදි අලුත්වැඩියා කරන මිතුරාගේ රුපියල් දෙලක්ෂයකට වැඩි නවීන පන්නයේ ජංගම දුරකතනය ද මේ සමගම අතුරුදන් වී තිබිණ.
පාපැදි අලුත්වැඩියා කරන මිතුරා ඔහුට ගොළු තරුණයා මුණ ගැස්සූ තරුණයන් දෙදෙනාට සිය ජංගම දුරකතනය සොයා දෙන්න උදව්කරන ලෙස ඉල්ලන්නේ ගොළු තරුණයා වටේටම සොරකම් කරන ලද ජංගම දුරකතනයෙන් වොයිස් මැසේජ් දමමින් සිටින බව ද කියමින්ලු.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සයිකල් හැදිල්ලෙන් ගොළු රඟපෑම එළිවෙලා
Pradeep Kumara Thursday, 08 February 2024 12:36 PM
මේ වගේ හොරු නිසා ඇත්තටම උපකාර අවශ්‍ය පුද්ගලයෙකුට වුනත් උපකාර නොලැබී යන්න පුළුවන්.