IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සීය පනහට අඩු කරන්න ගිහින් විහින් වළේ වැටිලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රුපියල් සියයේ කුලිය පනහට අඩු කරගන්නට ගිහින් වැඬේ හබක් කරගත් නූතන යුගයේ මට්ටකුණ්ඩලී කෙනකු උදේ හවස පොල් ඇහිලීමේ යෙදී සිටීම පිළිබඳව සියනෑවේ ගම්මානයකින් පසුගියදා වාර්තා විය.


මුදල් හදල් එක් රැස් කරන්නට මිස වියදම් කරන්නට තරමක අකමැත්තක් දක්වන විශ්‍රාමිකයෙකි. තමන් පදිංචි ඉඩමේ කලකින් පොල් කඩා නැත. පොල් කඩන්නන් ගසකට රුපියල් සියයක් අය කරන නිසා ඔහු නිතරම කල් ගෙව්වේ ඊට අඩුවෙන් කරගන්නට පුද්ගලයකු හමුවන අදහසිනි. එහෙත් කිසිවකු හමුවූයේ නැත.


ඔහු අන්තිමේ කළ හැකි දෙයක් නැති තැන පොල් කඩන්නාට කතා කළේය. ගාන කීය ද ඇසීය. ‘සිීයයි මහත්තයා’ පොල් කඩන්නා පිළිතුරු දුන්නේය. ඔහු  ගසකට ගොඩ වෙද්දී විශ්‍රාමිකයා කතා කළේය. ‘පනහ ගණනේ කඩමු හොඳද’ ඔහු කීවේ තරමක් හඬ නගාය. ‘හොඳයි මහත්තයා’ කී පොල් කඩන්නා පොල් කැඩීම පසෙකලා ගසෙන් බිමට බැස්සේය. කිසිවක් නොදොඩා යන්නට ගියේය. 


ඉඩමේ පොල් ඵලදාව නෙළා ගන්නට කිසිවකු නැතිවීම නිසා දැන් අයිතිකරු දිනපතා උදේට වැටෙන වැටෙන පොල් ගෙඩිය ගානේ එකතු කිරීමේ යෙදී සිටී.

 



අදහස් (0)

සීය පනහට අඩු කරන්න ගිහින් විහින් වළේ වැටිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 405 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 886 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 854 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1155 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9488 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 527 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site