IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


සොරකමෙන් බේරෙන්න බොරු ආරූඪයක් අරන්

ගලහ ඩබ්ලිව්.ඒ. අසේල


නිවසේ මේසය මත  තිබූ  රුපියල් හැත්තෑපන්දහසක් වටිනා තම  මුද්ද නොමැති බව දැක ඒ බව ගෙදර සිටි මෙහෙකරුගෙන් විමසීමේදී එක් වරම ඔහුට දේවාරූඪයක් ඇඟට විත් දේව දිෂ්ටියෙන් මෙම මුදුව නිවසට පැමිණ වෙනත් අයකු විසින් ගෙන ගොස් ඇති බවටත් දින අනූවක් ඇතුළත නැවත මුද්ද ලැබෙන බවත් පැවසූ පුවතක් ගලහ පුපුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ. 
පුපුරැස්ස ලැගුම්දෙණිය  ප්‍රදේශයේ පදිංචි නිවෙස් හිමි මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා හා  දරුවන් දෙදෙනා විදේශගතවී  ඇති බැවින් තමා තනිවම නිවසේ වාසය කරන නිසා නිවසේ වැඩට කාන්තාවක නිවසේ නතර කරගෙන ඇත. 
ඇය හදිසියේ අසනීප වී ප්‍රතිකාර ගැනීමට මාසයකට පමණ පෙර නිවසින් ගිය බැවින්  තනිව නිවසේ වැඩ කර ගැනීමට අමාරු නිසා දන්නා හඳුනන පුද්ගලයකු මාර්ගයෙන් ගලහ ප්‍රදේශයේ පදිංචි පිරිමියකු නිවසේ වැඩ ගෙන්වාගෙන ඇත. 


මැයට කොළඹ ප්‍රදේශයේ  ද නිවසක් ඇති නිසා එම නිවසට ගොස් දින දෙකකින් පමණ නැවත පුපුරැස්ස නිවසට ආ අතර නිවසේ  පහත මාලයේ ප්‍රධාන කාමරයේ මේසය මත තිබූ මුදුව නොමැති බව දැක ඇත. එම මුදුව ඇයගේ මව විසින් ඇයට ලබා දුන් එකක් බව ද ඇය පවසයි. 
පසුව නිවසේ  මෙහෙකරුගෙන් තමාගේ නැතිවූ මුද්ද පිළිබඳ විමසා ඇති අතර  ටික වෙලාවකට පසු ඔහු එක් වරම දේවාරූඪයෙන් දිෂ්ටි වී මෙම මුද්ද නැතිවීමගැන තොරතුරු පවසා ඇත.  එහිදී දේවාරූඪයෙන් පවසා ඇත්තේ නිවසට පැමිණි පුද්ගලයකු මුද්ද රැගෙන ගොස් ඇති බවත් දින අනූවක් තුළ නැවත මෙම මුද්ද ලැබෙන බවත්ය.
දිගින් දිගටම මෙහෙකරුගේ  ක්‍රියා කලාපය පිළිබඳ සැක සිතුණු නිසා මුද්ද නැතිවීම  පිළිබඳ පුපුරැස්ස පොලිසියට මැය විසින් පැමිණිලි කර ඇති අතර නිවසේ මෙහෙකරු පුපුරැස්ස පොලිසියේ නිලධාරි කණ්ඩායමක් මගින්  සැකපිට අත්අඩංගුවට ගෙන  ප්‍රශ්න කොට ඇත. 
එහිදී මෙහෙකරු පවසා ඇත්තේ එම මුද්ද තමා සොරකම් කළ බවත් මහනුවර ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස් කළ බවත්ය. ඒ අනුව පුපුරැස්ස පොලිසියේ නිලධාරි කණ්ඩායමක් ගොස් උකස් මධ්‍යස්ථානයේ තිබූ මුද්ද ලබාගෙන ඇති අතර අදාළ සැකකරු සමග මුදුවද ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

සොරකමෙන් බේරෙන්න බොරු ආරූඪයක් අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 379 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 537 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1038 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 886 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2331 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 809 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 105 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site