IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


සර්කස් කණ්ඩායමේ සිංහයා වළහාට කතා කරලා

එදා රටේ නගරබද තැනින් තැන සර්කස් දර්ශන ප‍්‍රදර්ශනය කිරීම විලාසිතාවක් බවට පත්ව තිබුණි. මේ නගරයට ද සර්කස් කණ්ඩායමක් පැමිණ නගරයේ ඉඩකඩ ඇති පිට්ටනියක මඩු කූඩාරම්  ගසා ප‍්‍රදේශය පුරා මේ බැව් ප‍්‍රචාරය කෙරිණි. අඩි අසූවක් උඩ සිට ගිනි තබාගෙන ළිඳට පැනීම, මාරක ළිඳේ සයිකල් ධාවනය, කැරකෙන ඔන්චිල්ලා පැදීම, කම්බිය මත සයිකල් පැදීම, කම්බියේ යෑම, සිංහයා හා වළසා සමග පොරබැදීම හා විකට ජවනිකා ආදී දහසකුත් එකක් විචිත‍්‍රාංග මෙම සර්කස් කණ්ඩායම සතු විය. දහවල් තිස්සේ වෙහෙස මහන්සියෙන් තම රැකියාවන් කරන කොයි කවුරුනුත් තම අඹුදරුවන් ද සමග රාතී‍්‍ර කාලයේ මෙම සර්කස් දර්ශන නැරඹීම සඳහා සුළු මුදලක් වැය කිරීමට අදි මදි නොකරන ලද්දේ හුඟ කලෙකින් මෙවැනි විනෝදයක් නොලැබුණ බැවිනි. මේ අතරතුර එක් දිනක සර්කස් කණ්ඩායමට එදිනම අලූතෙන් එක්වූ ගැටවරයකුට වළස්ලෝගුව ඇඟලාගෙන වළහා ලෙස රංගනයේ යෙදීමට සර්කස් කණ්ඩායමේ ප‍්‍රධානියාගෙන් හදිසි අණක් ලැබුණි. දිනපතා වළහා ලෙස රංගනයේ යෙදෙන මාටින් අයියා එදින රාති‍්‍රයේ හිටිහැටියේ අසනීප වූ නිසා එම රංගනයට වෙන අයකු සිටියේ නැත. එහෙත් බොරු සිංහයින් හා වළසුන් ගැන මෙලෝහසරක් නොදන්නා ගැටවරයාට දෙළෝ රත් වූයේ කූඩුවේ සිටින්නේ ඇත්තම සිංහයෙක් යයි සිතුන නිසාය. එහෙත් දැන් කුමක් කළ යුතුද? තම ස්වාමියාගේ අණ පිළිපැදීම හැර වෙනත් විකල්පයක් නැත. මේ වෙන විට නරඹන්නෝ ”සිංහ වළස් පොරය” නැරඹීමට කෑකෝ ගසමින් විසිල් ගසමින් පී‍්‍රති ප‍්‍රමෝදයෙන් බලා සිටිති. මේ නිසා දෙවියන් බුදුන් සිහි කරගත් ගැටවරයා වළස් ලෝගුවට බැස හෙමින් සීරුවේ ඉමහත් බියකින් හා චකිතයකින් සිංහයා සිටි ඉසව්ව කරා පියමැන්නේ ”වෙන දෙයක් වුණාදෙන්” යයි තම ජීවිත ආශාව ද තුරන් කරගෙනය. ගෙරවිලි හඬ සමග ආ සිහින් කෙඳිරිලි හඬකින් සිංහයා පැවසුවේ ”ඈ බං මාටියෝ උඹට මේ හැටි ඉක්මනට සනීප වුණා”දැයි කියමිනි. ගැටවරයාගේ සිත තුළ මෙතෙක් පැවැතියා වූ මරණ බිය පහව ගියේ සිංහ ලෝගුව තුළත් ඉන්නේ තමන්ගේම සගයකු බව හැඟුණු බැවිනි.



අදහස් (0)

සර්කස් කණ්ඩායමේ සිංහයා වළහාට කතා කරලා

ලාල් ගලබඩ.... Thursday, 24 May 2012 11:07 AM

ඔබලා අප අතරද විස්‌වාසය පලුදු වේගෙන එනවා වාගේ,

:       0       0

ශශික Friday, 25 May 2012 04:41 AM

මීට නරකද අපේ නූතන ගැමුණු කුමාරයාගේ කතාවක් දැම්ම නම්

:       0       0

චන්දි Thursday, 24 May 2012 11:18 AM

මොනවද අනේ මේ විකාර?

:       0       0

ෆාරු Thursday, 24 May 2012 12:07 PM

මේක දෙයියෝ සාක්කිද? නැත්නම් අපිව තරහ ගස්සන සාක්කිද?

:       0       0

තිලක් Thursday, 24 May 2012 05:56 PM

මේවා සුරංගනා කතා

:       0       0

අසන්ක Friday, 25 May 2012 09:01 AM

ඇත්තම කියන්නකෝ අනේ මේක උනේ කෝට්ටේ පාර්ලිමේන්තුවෙද ?

:       0       0

සෑම් Saturday, 26 May 2012 04:00 PM

හහ්... හහ්.. හහ්... හා.....

:       0       0

රුවන් Thursday, 24 May 2012 12:23 PM

අයි‍යෝ සල්ලි.......ඊ.....

:       0       0

අමිල කටුනායක Thursday, 24 May 2012 12:26 PM

හා හා කළබල වෙන්න එපා...

:       0       0

වසන්ත රත්නායක Thursday, 24 May 2012 12:36 PM

අයියෝ ..ඔය කතාව මම අහලා තියෙනවා අවුරුදු 30කට විතර ඉස්සරලා.

:       0       0

තෙපානිස් Friday, 25 May 2012 05:26 PM

කරෝලිස්‍, ඔයාට හදිකරන්න හදපු වලහගෙන් කැලේ ඉන්න අනිත් වලස්සුන්ට හරිම කරදර ඇති නේද?

:       0       0

කරෝලිස් Thursday, 24 May 2012 12:45 PM

හිනාවෙලා පණ යනව අප්පා..

:       0       0

අසන්ක Friday, 25 May 2012 05:53 PM

අම්මපා කියහං මල්ලියේ

:       0       0

රුක්ශාන් Thursday, 24 May 2012 01:07 PM

විකාර

:       0       0

දුනිල් Thursday, 24 May 2012 01:15 PM

අනේ තව විහිළුවක් කරනවද? හිනාව නවත්ත ගන්න බෑනේ

:       0       0

සෝමදාස Thursday, 24 May 2012 01:15 PM

අයියෝ,අපිට පත්තරෙත් එපා කරන්නද හදන්නේ?

:       0       0

වස්නත Thursday, 24 May 2012 01:39 PM

මීට වඩා දෙයක් තිබුණෙම නැද්ද අනේ

:       0       0

සකල බුජන් Thursday, 24 May 2012 08:23 PM

ඔයාලට හිනා.වලහා බය වෙලා.සිංහයා නිදියලා

:       0       0

සිංහයා Thursday, 24 May 2012 01:45 PM

මීට වඩා හානායන ඒවා රටේ කොයිතරම් තියනවද ?

:       0       0

නිලන්ත Thursday, 24 May 2012 02:09 PM

මේව සුරංගනා කතා වගේ..

:       0       0

රජිත් මංජුල, Thursday, 24 May 2012 02:19 PM

මීට වඩා හරවත් දේ දැම්මොත් හොදයි නේද ?

:       0       0

ඒ.බී.සී. Thursday, 24 May 2012 02:21 PM

අයියෝ,අපිට එපා කරන්නද හදන්නේ?

:       0       0

නිරංජන් Thursday, 24 May 2012 02:32 PM

පොඩි උන්ට බත් කවනකොට කියන්න නම් හොදයි ..මොකද පොඩි එකා උනත් මේක ලියපු එකා ගැන දුක හිතිලා.. බත් ටික කේන්තියටම කයි

:       0       0

අලිබබා Thursday, 24 May 2012 03:05 PM

කරෝලිස් මල්ලි ඕක දවල්ද වුනේ?

:       0       0

බාතිය Thursday, 24 May 2012 10:02 AM

ඇයි දැන් දාන්න දේවල් නැතුවද බොරු කතා දාන්නෙ

:       0       0

ප්‍රසන්න Thursday, 24 May 2012 10:14 AM

දෙයියෝ සාක්කි මොකද වෙනස්වුනේ..? මේකනම් පරණ සීන් එකක්...

:       0       0

බාතිය Thursday, 24 May 2012 10:16 AM

ජනපති කාර්යභාරයට ලාංකිකයෝ 91%ක් සතුටින්

:       0       0

බාතිය Thursday, 24 May 2012 10:18 AM

ඇමැති කෙහෙළිය හෙට එයි

:       0       0

වසන්ත Thursday, 24 May 2012 10:27 AM

කට්ටිය එවන කමෙන්ට්ස් කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ ඒවනේ...

:       0       0

චමින්ද Thursday, 24 May 2012 10:39 AM

හා .... හා...... අනේ මට තම හිනාව නතර කරගන්න බැ....... බඩ පැලෙන්න වගේ අප්පා........

:       0       0

ගිරිගෝරිස් අප්පුහාමී Friday, 25 May 2012 01:27 AM

@කරොලිදස් ... ලොක්කා .වලස්සු උනත් පිරිමින්ට හදි කොරන්නෑ ..නිකම් කෝලම් කතා නොකිය ඉදින්කෝ .

:       0       0

ජයසිංහ Friday, 25 May 2012 01:38 AM

අපි ඔය කතාව අහල තිබ්බෙ එක්දහස් නවසිය බර ගණන්වල ඉස්කෝලෙ පහේ පන්තියෙ ඉන්නකොට

:       0       0

සින්හළේ කරෝලිස් Thursday, 24 May 2012 04:20 PM

අනේ හිනා යන කතාවක් කියන්නකෝ

:       0       0

කරෝලිස්‍ Thursday, 24 May 2012 10:50 AM

බොලව් මට මේවගේ දෙයක් වුණේ වනන්තරේදි...වළහෙක් ඇවිදින් හදිකරන්න හදද්දි මම මළා වගේ බිම වැටිල හිටිය .වළහ ළඟට ඇවිත් අනේ මූට නිදාගන්න පැදුරක්වත් නෑ කියල යන්න ගියානේ බොලේ අම්මපා.....මේ අමූලික ඇත්ත.....

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 94 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 495 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 966 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9195 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 833 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 300 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 466 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 696 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1971 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site