සොරකමක් සම්බන්ධව පොලීසියට පැමිණිලි නොකර දෙවියන්ගේ පිහිට පැතූ වඩුබාස්වරයකු පිළිබඳ පුවතක් පදියතලාව පොලීසියෙන් වාර්තා වේ.
අගතියට පත් වඩුබාස්වරයාගේ අඩක් වැඩ නිමකළ නිවසට තිබුණේ කුස්සියක් සහ එක් කාමරයක් පමණකි.
පසුගිය දිනෙක ඔහු කාමරය වසා බැහැරක ගොස් නැවත නිවසට පැමිණෙන විට කාමරයට සවිකර තිබුණ ලෑලි දොර කිසිවකු විසින් ගලවාගෙන ගොස් ඇති බව දැක ඇත.
ඒ සමඟ ගෙතුළ තිබුණ උදළුතල දෙකක්, ප්ලාස්ටික් පුටු තුනක්, සහ ගමන් මල්ලක්ද සොරාගෙන ගොස් තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධව පොලීසියට පැමිණිලි කරනවාට වඩා නැතිවූ භාණ්ඩ සොයාදෙන ලෙස දෙවියන්ට බාරයක් කිරීමට තීරණය කළ වඩුබාස් උන්නැහේ දේවාලයක කපුවා මුණගැසීමට ගියේ බුලත් හුරුල්ලක් සහ පඬුරු ද රැගෙනය.
නැතිවූ භාණ්ඩ පිළිබඳ දුක්ගැනවිල්ල ඇසූ කපුවා ඒ ගැන පෙන්නුම් කර දීමට වැඳගෙන සිටින්නැයි කියා දෙවියන්ට යාතිකා කරමින් සිටින අතර, සෝදිසියෙන් බලා සිටි වඩු බාසුඋන්නැහේට තමන් විසින් සාදන ලද දොරට සමාන දොරක් එම දේවාලයේ කාමරයට සවිකර තිබෙනු දැක ඇත.
වඩාත් හොඳින් සැක හැර දැන ගැනීමට එය නිරීක්ෂණය කිරීමේදී ‘බාලගිරි දෝෂය අද නෙමේ හෙට’ යනුවෙන් තමන් දොරේ ලියා තිබූ අකුරු පෙළ මකා දමා තිබුණත් එම සළකුණ ඔහුට මනා ලෙස දැක ගැනීමට හැකි වී ඇත.
එය කපුවා සීනුව සොලවමින් සුවඳ දුම් අල්ලා දෙවියන්ට කන්නලව් කරමින් සිටි උච්චතම අවස්ථාවය.
‘මේ හොරාට බුලත් සහ පඬුරුවලට ලොකු ගානකුත් වියදම් කළේ අපරාදෙ’ කියමින් වඩු බාස්වරයා පිම්මේ ඇවිත් පැමිණිළි කිරීම සඳහා නතරවුණේ මුලින්ම තමන් නොසලකා හරින ලද පදියතලාව පොලීසියේය.
සිද්ධිය ගැන විමසූ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝෂාන් බන්දුල මහතා උපපොලිස් පරීක්ෂක සුනිල්, පොලිස් සැරයන් 6040 ලලිත් සහ 28479 ජානක යන නිලධාරීන්ට වහාම එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කරන ලෙස උපදෙස් දුන්නේය.
ඒ අනුව එහි ගිය නිලධාරීන් දේවාලය පරීක්ෂා කිරීමේදී සොරාගත් ලෑලි දොරට අමතරව අනෙකුත් භාණ්ඩද සමග ඒවා සන්තකයේ තබාගෙන සිටි සැකකාර කපුවා පොලීසිය භාරයට ගෙන ඇත.
සැකකරු වරද පිළිගත් අතර වරද කියාදීමෙන් පසුව ඔහුට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය අධිකරණයේ නඩු පැවරීමට පියවර ගැනිණි.
හිඟුරානේ නවරත්න සමරතුංග, දිගාමඬුල්ල විශේෂ ඩී. ඥාණසිරි හෙට්ටිආරච්චිගේ
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සොරාගත් දොර හොයාගන්න දෙයියො පිහිටවෙලා