නිවසේ අල්මාරියක තිබූ ලක්ෂ හතරක් පමණ වටිනා රත්රන් භාණ්ඩ සොරකම්කර මාසයකට පසුව එම නිවසේම ජනේලයක් මතට ආපසු පැමිණීමේ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
වැඩිහිටියන් සහ දූ දරුවන් සියල්ල රජයේ සහ පෞද්ගලික අංශයේ උසස් රැකියාවල නිරතවන පිරිසකි. ඔවුහු නවීන පන්නයට ඉදිකළ නිවසක ජීවත් වූහ. යාන වාහන කීපයක් ද ඔවුන් සතු වූ අතර ප්‍රධාන මාර්ගයට සැතපුම් කිහිපයක් දුරින් නිවස පිහිටා ඇති අතර නිවැසියන් ගමන් බිමන් යාමේ දී සහ රැකියාවලට යන අවස්ථාවල දී වාහනවල කෙතරම් ඉඩ තිබුණත් ගමේ අයට ඒවායේ යාමට අවස්ථාවක් ලැබුණේ නැත.
නිවසේ සාමාජිකයන් අතර සිටි හැඩකාර තරුණියක පමණක් බොහෝ අවස්ථාවල රැකියාවට යාමේ දී ප්‍රධාන මාර්ගය දක්වා පා ගමනින් යන අතර ඇය භේදයකින් තොරව ගමේ සියලුම දෙනා සමග සුහදව ආශ්‍රය කළාය. එම හැසිරිම් රටාව නිවසේ අනෙක් අයට වහකදුරු වී තිබුණි.
තරුණියගේ සොහොයුරා ද විවාහ වී බිරිය සමග මහ ගෙදර ජීවත් විය. නිවසේ තිබූ ලක්ෂ හතරක් පමණ වටිනාමකින් යුතු තමන්ගේ රන් ආභරණ සොරා ගෙන ඇති බවට එම කාන්තාව දිනක් උදෑසන හඩා වැළපෙන්නට වූවාය. නිවසේ සිටි සෙසු පිරිස ද ගෙදර දෙවනත් කරමින් සොයා බැලුව ද ඒවා සොයා ගැනීමට නොහැකි විය.
අවසානයේ රන්බඩු සොරකම පිළිබඳ පැමිණිල්ල පොලිස් පොතේ ද ලියවුනේය. පොලිසිය පැමිණිල්ලට අනුව පරීක්ෂණ කළ අතර සොරෙකු පැමිණි බවට කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි වීම නිසා ඔවුහු ද උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි වී සිටියහ.
රත්රන් බඩු සොරකම සිදුවී මාසයකට වැඩි කාලයක් ගතවූ අතර පැමිණිලිකරුවන් පොලිසියට පැමිණ ‘‘රත්රන් බඩු ටික ගෙදර ජනේලයක් උඩට ගෙනවිත් දමා තිබුණා’’ යනුවෙන් සිදු කළ ප්‍රකාශත් සමග නිලධාරීහු පුදුමයට පත් වූහ. නිලධාරීන් පිරිසක් නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී රත්රන් බඩු සොරකම් කර නොමැති බව පැහැදිලි වූ නිසා නිවැසියන් ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඔවුනට සත්‍යය වමාරන්නට සිදුවිය.
නිවසේ සිටි තරුණිය සොරකමට කොටු කිරීම සඳහා ඇයගේ නෑනා විසින් සිදුකළ ක්‍රියාවක් බවට හෙළිවීමත් සමග පොලීසිය බොරු පැමිණිල්ලක් කිරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ අතර නිවැසියෝ හඬා වැළෙපෙමින් සමාව අයදින්නට වූහ.
පොලිසිය පිරිසට දැඩිව අවවාද කළ අතර පැමිණිල්ල ද ඉවත්කරගත් බව පැවසේ. කිහිප වතාවක් පොලීසිය එම නිවසට පැමිණීම හේතුවෙන් සිද්ධිය ගමපුරා පැතිර යාමට වැඩි වෙලාවක් ගත නොවූ අතර තරුණිය හැර නිවසේ අනෙක් පිරිස ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් වැළකී සිටින බව ද සැලවේ.
හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සොරාගත් රන්බඩු ආපහු ජනේලෙ උඩට ඇවිදින්