(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
හදිසියේ ක්ලාන්ත බවට පත්වූ උපකාරක පන්ති ගුරුවරයකු මහ මග අයිනේ තිබූ දන්නා හඳුනන අයකුගේ නිවෙසට නොදන්වාම ඇතුළු වී නිදාගෙන සිටීමෙන් සිදුවන්නට ගිය මහත් අලකලංචියක් අනූ නවයෙන් බේරුණු පුවතක් පුලතිසිපුරය පෙදෙසින් පසුගියදා වාර්තා විය.
ඔහු කාගේත් සිත්ගත් උපකාරක පන්ති ගුරුවරයෙකි.
කලක සිට සිරුරේ සීනි පාලනයට ප්‍රතිකාර ලබාගන්නා ඔහු නිවෙසක පැවති පන්තියක් අවසන් කර එමින් සිටියදී හදිසියේ ක්ලාන්ත බවට පත්වී ඇත්තේ එදින ඔහු මාත්‍රාව ඉක්මවා බෙහෙත් ලබාගෙන තිබීම හේතුවෙනි .
තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බව තේරුම්ගත් මේ ගුරුතුමා මහ මග අයිනේ වූ දන්නා හඳුනන අයකුගේ නිවෙසට ගමන් කර ඇත්තේ රැකවරණය පතා ය. නිවෙසට ගියත් කිසිවකු පෙනෙන්නට නොසිටි හෙයින් ඔහු ඉදිරිපස කාමරයේ ඇඳට වැටුණේ තමන්ගේ දිවි ආරක්ෂා කරගැනීම පිණිසය.
හෝරාවක් පමණ ගත විය. ගුරුතුමන් තරමක් සුවය ලබා ඇත. ඔහු නැගිට දනි පනි ගාද්දී නිවැසි කාන්තාව ඒ හඬ බලන්නට ආවාය. තමන්ගේ නිවෙසේ ඉස්තෝප්පු කාමරයේ පිරිමියකු නිදා සිටිනු දුටු ඇය වික්ෂිප්ත වූවාය.
‘අනේ නෝනා සමාවෙන්න. මට හදිසි අසනීප ගතියක් ඇති වුණා. මම ඇවිල්ලා නිදාගත්තා. කරදරයක් වුණා නම් සමාවෙන්න’යි ඔහු බැගෑපත්ව ඉල්ලා සිටියේ කාන්තාව පුදුමයට මෙන්ම බියට පත්ව සිටින බව දැකීමෙන් පසුවය.
‘අනේ සර් ඒකට නං කමක් නැහැ. මේ අල්ල පනල්ලේ අපේ මහත්තයා ආවනං මොනවා හිතයිද කියලයි මං මේ කල්පනා කළේ’ ඇය කීවාය.
‘මං හීනෙකින්වත් හිතපු දෙයක් නෙමෙයි’ පැවසූ ඔහු නිවෙසින් පිටත්ව යාමට සැරසුණේ කාන්තාවට දැඩි යටහත්පහත් කමක් පාමිනි.
‘මහත්තයා බේත් ගන්නකොට තරමට ගන්න, වැඩිය ගන්න එපා. ආයෙත් අසනීප වුණොත් හැමදාම මෙහෙම ආරක්ෂාව ලැබෙන එකක් නැතැ’යි ඇය කීවේ කට කොනකට ගත් සිනාවක් ඇතිවය.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සර්ට ලෝක ලෙඩක් වැටෙන්න ගිහින්