ගලහ ඩබ්ලිව්.ඒ. අසේල
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පිටත්වී දෙදෙනාම පදමට මත්පැන් පානය කොට ගමට පැමිණ තම නිවස සොයා ගැනීමට නොහැකිව ගමේ බොහෝ ගෙවල්වලට ගොස් තට්ටු කොට ‘මේ අපේ ගෙදර ද?’ යනුවෙන් ඇසූ පුවතක් මහනුවරට ආසන්න ගමකින් වාර්තා වේ.
අවිවාහකයෙකු වන වයස අවුරුදු හැටකට පමණ ආසන්න වූ මෙම පුද්ගලයා දිනපතා බීමට ඇබ්බැහි වී සිටින අතර, තම නිවසින් බැහැරව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන එම වත්තේ කුඩා ගෙයක තනිව ජීවත්වන පුද්ගලයෙකි. වසර ගණනාවකින් තම සහෝදර සහෝදරියන් බැලීමට නිවසට පැමිණ නැති මොහු පසුගිය අලුත් අවුරුද්දට තවත් මිතුරෙකු සමග තම ගමට පැමිණ ඇත. අතරමගදී මිත්‍රයා ද සමග හොඳට මත්පැන් පානය කොට තම ගමට යන අන්තිම රාත්‍රී බසයෙන් පැමිණ ගමට හැරෙන හන්දියේ දී බසයෙන් බැස ඇත.
වසර ගණනාවකින් පැමිණි නිසා රාත්‍රියේ පාරවල් සොයා ගැනීමට මොහුට සෑහෙන අපහසු වී ඇත. එදා පඩිපෙළින් නිවසට යන පාරවල් අද වන විට කොන්‍ක්‍රීට් දමා වෙනස් කොට ඇති අතර සමහර පාරවල් කාපට් යොදා ඇති නිසා මොහුට උතුර දකුණ මාරුවී ඇත. නිවාස කිහිපයකට ගොස් තට්ටු කොට දොර අරින විට ‘මේ මාගේ ගෙදරද’ අසා ඇත. කිහිප දෙනෙකු මොහු හඳුනාගෙන ඇති අතර ඔහුගේ නිවසට තව බොහෝ දුර යායුතු බව පවසා ඇත. එසේ ගම පුරා මිත්‍රයා ද සමග ඇවිද නිවස සොයා ගැනීමට නොහැකිවී ඇති අතර, පාර අයිනේ කඩපිලකට වී ගිමන් හරින ගමන් දෙදෙනාටම නින්ද ගොස් ඇත. උදෑසන එළිය වැටෙනවාත් සමග ඇහැරී ඇති අතර තමන්ට රාත්‍රී සිදුවූ සිද්ධියට මිතුරාට ද තරහ නොවන ලෙස අමතා උදෑසන තවත් බොහෝ දුරක් ඇවිද නිවසට පැමිණ ඇත.
කිසිවෙකුටත් කරදරයක් නොමැතිව ජීවත්වන අහිංසක පුද්ගලයෙකු වන මොහු පෙරදින රාත්‍රියේ වූ සිද්ධිය ඥාතීන්ට හා අසල්වැසියන්ට සිනාසිසී පවසා මත්පැන් බොමින් සතුටින් අවුරුද්ද සමරා ඇත.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා