IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සූර්පිට බලු සුරතල් බලද්දි කට සපාකාලා

(ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න)
සුරා මතින් හොඳ හැටි පදම්ව දඩාවතේ ගිය බල්ලකුට ආලවන්තකම් පා සුරතල් කිරීමට ගොස් අන්තිමේදී එම බල්ලා ලවා තම කට සපාගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් වාර්තාවේ.


වයඹ පළාතේ ප්‍රදේශයක වෙසෙන අවිවාහක තරුණයෙකි. මොහු උදේ සිට සවස් වනතුරු කය වෙහෙසා වැඩ කරමින් මුදල් උපයන කම්මැලිකම යනු කුමක්දැයි වත් නොදන්නා හිත හොඳ තරුණයෙකි. නමුත් දිනපතා සවසට ඇඟේ මහන්සිය නිවා ගැනීමට යැයි කියමින් මධුවිත පොදක්
තොලගෑම මොහු කාලයක සිට පවත්වාගෙන එන පුරුද්දකි.


එසේ මත්පැනින් සප්පායම් වූ විට මොහු ඉතාමත් හැඟුම්බර පුද්ගලයෙක් බවට පත්වන අතර අසල සිටින ඕනෑම කෙනෙකු වැළඳගෙන සිප ගනිමින් මිතුරුකම් පෑම ඔහුගේ ස්වභාවයයි. දිනක් මෙසේ සුපුරුදු පරිදි හොඳහැටි මත්පැන් පානය කර ගමේ කඩමණ්ඩිය වෙත පැමිණි අපේ මිත්‍රයා ඒ අසල කොටයක් මත වාඩි වූයේ කවුරුන් සමඟ හෝ කතා කිරීමේ අදහසින්ය.


නමුත් ඒ මොහොතේ කිසිවකුත් අසල නොසිටි බැවින් දඩාවතේ යන බල්ලකු නගුට වනමින් මොහු අසලට ආ අතර ඔහු උගේ හිස අතගාමින් මැක්කන් කඩමින් බල්ලා සුරතල් කිරීමට පටන් ගත්තේය. බල්ලා ද හදිසියේ හමු වූ මේ අපූරු අමුත්තා කෙරෙහි ස්නේහයෙන් තව තවත් තුරුලට ළං වූ අතර ඔහු බල්ලාගේ මුහුණ තම මුහුණට තබා සිප ගන්නට පටන් ගත්තේ වෙරි මතත් සමඟ එන සත්ව කරුණාව ඉහවහා ගිය බැවිනි. බල්ලා ද කෙඳිරි ගාමින් නගුට නොනවත්වා වනමින් සතුටු වූ අතර අවසානයේ අපේ මිතුරා බල්ලාගේ හොම්බ තම කට තුළට දාගෙන සෙමෙන් සපන්නට විය.


එවිට නම් බල්ලාගේ නාසය ඔහුගේ දත්වලට අසු වූ බැවින් බල්ලාට තරු පෙනිණි. බල්ලා දඟලමින් වැරෙන් පොරෙන් තම හොම්බ අපේ මිත්‍රයාගේ කටින් එළියට ගත් අතර සැණෙකින් පැන මිතුරාගේ මුහුණ සපා කෑවේය. අපේ මිත්‍රයාගේ අවාසනාවට බල්ලාගේ දත් පහරට ලක් වූයේ ඔහුගේ තොල් දෙකයි.



අදහස් (0)

සූර්පිට බලු සුරතල් බලද්දි කට සපාකාලා

හේමන්ත Friday, 24 June 2016 12:53 AM

කොහේද ඉතින්, අනුමානයක් නැහැ කුලියාපිටියේ වෙන්න ඇති. (නි)

:       0       0

උපාලි Friday, 24 June 2016 02:37 AM

මම නම් හිතන විදිහට නිකවැරටියේ කොල්ලෙක් වෙන්න ඇති (නි)

:       0       0

අසෝකා Friday, 24 June 2016 10:10 PM

මේකෙන්වත් පාඩමක් ඉගෙනගෙන මත්පැන් නතරකරලා හම්බ කරන දෙයින් දෙපයින් නැඟීසිටින්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 25 June 2016 12:57 PM

ඉතින් මොනවා කරන්නද? බල්ලන් සිපගන්නේ එහෙම තමයිලු (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 24 June 2016 10:53 AM

මේ බල්ලත් ඩෝප් සීන් එකේ කොත්තු කන්න ගිය කතාවේ මුදලාලිට දෙවෙනි නැහැනේ (නි)

:       0       0

නුවන් Friday, 24 June 2016 06:01 AM

පව් අහිංසක කොල්ල. කොච්චර මහන්සි වෙලා වැඩ කළත් වැඩක් නැනේ මත්පැන් නිසා විනාශ වෙනවා ජීවිතේ. (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 26 June 2016 06:13 PM

බල්ලා මොකාද මිනිහා මොකාද කියලා තේරෙන්නේ නැහැ ඔය ජරාව බිව්වහම (නි)

:       0       0

දුමින්ද Friday, 24 June 2016 07:16 AM

සුරාවේ ආදීනව! (නි)

:       0       0

බස්නායක පේරාදෙණිය. Friday, 24 June 2016 07:17 AM

තරුණයා නම් ඉබ්බාගමුවේ පැත්තේ වෙන්න ඇති. බල්ලා නම් ඔය කියන විදිහට පිට පළාතකින් ආව එකෙක් වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 753 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 766 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1135 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9449 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 334 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site