IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


සුර්පිට රිය පැදවූ රියැදුරුට ඇප දෙන්න මිතුරාත් සුර්පිට ඇවිත්

බීමත්ව රිය පැදවූ පුද්ගලයාට ඇප දෙන්න පොලිස් ආරක්ෂාව පිට පොලිසියට ආ පුද්ගලයකුගේ කතාවක් මීගහතැන්න පොලීසියෙන් ඇසුණි. ඔහු මණ්ඩලයක බස් රථයේ රියැදුරෙකි. රාත‍්‍රී අවසාන ගමන් වාරයෙන් පසු බස් රථය නැවතුමට ගාල් කොට මිතුරන් කිහිපදෙනකු සමඟ මධුවිතින්ද සප්පායම් වී නිවස බලා යමින් සිටියේය. හෝල්ට්! අතර මඟදී පොලිසියේ දෙදෙනක් යතුරු පැදිය නැවැත් වූහ. මත්පැන් පානය කොට මාර්ගයේ යතුරු පැදියක් පැදයාමේ වරදට ඔහුට නතර වීමට සිදු වූයේ පොලීසියේය. හෙට උදේ උසාවි දානවා දන්න කෙනෙක් ඉන්නවානම් කතා කරලා ඇප දෙන්න ගෙන්න ගත්තනම් හොඳයි. පොලිසියෙන් අණ ලැබිණි........ අනේ මහත්තයෝ මේ වෙලාවේ කවුද ගෙන්න ගන්නේ.......අනික මම.....මම හෙට උදේ ටර්න් එකට බසය අරන් යන්නත් තියෙනවා. මම වරද පිළිගන්නම් මට යන්න දෙන්න ඔහු වෙරි මරගාතේ පින්සෙන්ඩු විය. තමුන් කරපු වරද පිළිගත්තත් නැතත් අපි අපේ නීතිය හරියට කරනවා. ඒ නිසා කරුණා කරලා කවුරු හරි ඉන්නවානම් කෝල් එකක් දීලා ගෙන්න ගන්නවානම් හොඳයි......... උසස් නිලධාරියෙක් පොලිසියේ වගකීම සහ රාජකාරිය ඔහුට මෙනෙහි කළේය. මොහොතක් ගතවිය. පොලිසියේ අවසරය ඇතිව මිතුරෙකුට ඇමතුමක් ගත්තේය. අනේ මචං මාර කේස් එක මම පොලීසියේ හන්දියේදී බයිසිකලේ නැවැත්තුවානේ. හෙට උසාවි දානවාලූ උඹට පුළුවන්නම් ඇවිත් මොනවා හරි කරපන් ! උඹට සලකනවානේ  ඕන කෙනෙක්........පොඞ්ඩක් ඇවිත් කතාකරලා ෂේප් එකක් දාලා දියං. හරි ම් ම්.......හරි.........හරි එහෙනම් ඉක්මනට වරෙන් හරි හරි මචං....... සිනාවක් මුවේ තබාගෙන දුරකථනය විසන්ධි කළේය. මොහොතක් ගතවිය. කළු පැහැති මෝටර් රථයක් පොලිසිය ඉදිරිපිට නතර විය. ජනෙල් කූරු අතරින් ඒ දුටු ඔහුට සිනාහවක් පහළ විය. එය මිතුරාගේ වාහනයයි. නමුත් එයින් බැස්සේ පොලිස් භටයෙකි. තමා ගලවා ගැනීමට එන මිතුරාද එහි විය. මාරයිනේ මේකා පොලිස් ගාඞ් පිටින්නේ මා බලන්න ඇවිත් තියෙන්නේ ඔහු තනිවම සිතීය. ම්.......ම් වාඩිවෙලා ඉන්නවා මෙතනින් වෙරි බහිනකං බීලා වාහන පදවා මිනිස්සු මරන්න හදනවා. තමාට ඇපදී ගලවා ගැනීමට පැමිණි මිතුරා ද බීමතින් රිය පදවා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහුට තේරුම් ගියේ එවිටය.



අදහස් (0)

සුර්පිට රිය පැදවූ රියැදුරුට ඇප දෙන්න මිතුරාත් සුර්පිට ඇවිත්

චන්ද්‍රසිරි Wednesday, 07 November 2012 02:55 PM

කමක් නෑ .(ස)

:       0       0

ජේසුස්මි Wednesday, 07 November 2012 10:45 PM

හරිම සුහදශීලී, නීතිය අකුරටම ඉටුකරන මේ පොලිසිය ලංකාවෙ එකක්ද? (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 07 November 2012 11:01 PM

අද නම් දෙයියෝ සාක්කි නියමයි. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 07 November 2012 02:51 PM

හැම නීතියම බලපාන්නේ අපි වගේ අයට. වෙන අය කාර් වල ගිහින් මිනිස්සු යට කලත් තවත් මිනිහෙක් ඉදිරිපත් කරලා බේරෙනවා. .(ස)

:       0       0

සරත් Wednesday, 07 November 2012 03:17 PM

ඔහොම දේවලුත් ජීවිතේට වෙන්න ඕනි. එතකොටනේ රසවත් .(ස)

:       0       0

ෂාෆික් Saturday, 10 November 2012 01:06 PM

මීගහතැන්නත් දකු‍ණෙද ? (ස)

:       0       0

අසෝක Wednesday, 07 November 2012 03:18 PM

මෙතනදී අපි පොලීසියෙ අවංකභාවයට ස්තුතිවන්ත විය යුතුයි. නැත්නම් මුලින් අල්ලපු කෙනාගෙන් ගාණක් කඩාගෙන තමන්ගෙ සාක්කුවට දාගෙන නිදහස්කරන අය ඕනෙතරම් ඕවයෙ ඉන්නවා..(ස)

:       0       0

රෝහිත Thursday, 08 November 2012 12:57 AM

දැන් මත්පැන් ලංකාවේ අත්‍යවශ්‍ය දෙයක් වෙලා ඉවරයි. කිසිම විශේෂ අවස්ථාවක් මත්පැන් නැතුව සමරන්නේ නැහැ නේද? (නි)

:       0       0

හේරත් Thursday, 08 November 2012 10:19 PM

මධ්‍යසාර මද පමණින් මදක් ගත්තට වැරැද්දක් නැහැ පොලිසියේ හාමුදුරුවනේ. (නි)

:       0       0

රවින්ද්‍ර Wednesday, 07 November 2012 09:37 AM

මිතුරු කම

:       0       0

අසාත් Wednesday, 07 November 2012 03:41 PM

බීලා අහු උනේ ලුම්බිණිගෙ කවුරුවත්ද?? .(ස)

:       0       0

ජයලත් Wednesday, 07 November 2012 03:33 PM

ලුම්බිණි, හැම නීතියම බලපාන්නෙ නීතිය කඩපු අයට තමයි. නීතියට පාරෙ යනව නම් 'අරයට මෙහෙමයි මෙයාට මෙහෙමයි' කිය කිය ඔහොම ලතවෙන්න වෙන්නෙ නෑනෙ..(ස)

:       0       0

දයාරත්න Wednesday, 07 November 2012 09:43 AM

මොකද්ඩ් මේ වැඩේට කියන්නේ පිස්සුද මෝඩ කමද

:       0       0

වරුණ Wednesday, 07 November 2012 10:02 AM

මිනිස්සු මේ තරම් දුදනද

:       0       0

රුවන් Wednesday, 07 November 2012 10:02 AM

හා හා කාලෙකින් හොද දෙයියෝ සාක්කියක්...(ස)

:       0       0

හේමන්ත Wednesday, 07 November 2012 04:08 PM

මදැයි....දැන් සාක්කි දෙන්නේ පොලීසියෙන් .(ස)

:       0       0

නිපුණ Saturday, 10 November 2012 10:54 PM

ෂාෆික්, මීලහතැන්න තියෙන්නෙ කොතැනද කියලා මැප් එකෙන් බලලා බෙහෙත් ටිකක් ගන්න. (නි)

:       0       0

සිල්වා Wednesday, 07 November 2012 04:31 PM

බීලා අහුවුණාම නීතිය ක්‍රියාත්මක කරනවා ඇරෙන්න වෙන කෙනෙක් මොනවටද ඉදිරිපත් කරන්නේ? (නි)

:       0       0

නිරාන් Wednesday, 07 November 2012 10:54 AM

කාලෙකින් හොඳ දෙයක් කිව්වා (ස)

:       0       0

වසන්ත Wednesday, 07 November 2012 11:19 AM

එතකොට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නේ පොඩි මිනිස්සුන්ට විතරමද? (නි)

:       0       0

ෂාෆික් Sunday, 11 November 2012 03:14 PM

ඇයි නිපුණ ඔයාට තරහා ගියේ??? ඔයා දකුණෙද ?? (ස)

:       0       0

පනාගොඩ Wednesday, 07 November 2012 05:31 PM

මෙවැනි‍ දේවල් ඉතාලියේ වෙන්නප්පුවේ කට්ටිය අතර සුලභව දකින්න තියෙනවා. (නි)

:       0       0

රාජා Wednesday, 07 November 2012 12:00 PM

තනියම බීපු එකනෙ වැරුද්ද. එයාලටත් හවුල් කර ගත්තානන් සේරම එලියේ. (ස)

:       0       0

සුනන්ද Friday, 09 November 2012 06:16 PM

පනාගොඩ , වෙන්නප්පුවේ අයත් එක්ක මෙච්චර තරහා බිරිඳගේ හුටස්පරයක් හින්දලු. ඇත්ත දන්නෝ දනිති. (නි)

:       0       0

ජයන්ත Wednesday, 07 November 2012 12:05 PM

කාලෙකින් අහපු හොඳම කතාව......! හිනා වෙල පන යනවා!(ස)

:       0       0

හේමසිරි Wednesday, 07 November 2012 05:55 PM

අසෝකා හරි. බලාගෙන යනකොට යකා ඔය කියන තරම් කළු නෑ වගේ. (නි)

:       0       0

සරත් Wednesday, 07 November 2012 11:54 AM

මසුරන් කතා පොජ්ජ්.... මීගහතැන්න තියෙන්නෙත් දකුණෙ ද? (ස)

:       0       0

කිත්සිරි Wednesday, 07 November 2012 06:13 PM

මෙහෙම වැඩකරන මිනිස්සු ඉන්න රටක් වෙන කොහේවත් තියෙනවද මන්දා? (නි)

:       0       0

සිල්වා Wednesday, 07 November 2012 12:10 PM

අපි දෙන්නා..........එක් වීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ (ස)

:       0       0

ලාල් Wednesday, 07 November 2012 06:31 PM

වරදවල් දෙකයි

:       0       0

යොහාන් Wednesday, 07 November 2012 12:34 PM

දැන් ඔය දෙන්නවා බේරගන්න කවුද එන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 315 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 502 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1022 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 881 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2321 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 806 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site