හසලක සුනිල් ඒකනායක
සිය නිවසේ මුළුතැන්ගෙයට අවශ්‍ය වියළි පොල් ලෙලි සමග විෂකුරු සර්පයකු නිවෙසට රැගෙන ආවා යැයි උරණ වූ කාන්තාවක එදින රාත්‍රියේ සැමියාට ආහාරවේල පවා නොදී රැය පහන් කිරීමට ඉදිරි සාලයේ නිදා ගැනීමට සැලස්වූ පුවතක් හසලක පුරවරයෙන් වාර්තා විය.
විදුලිය හා ගෑස් මිල ඉහළ ගොස් ඇති නිසා මෙම නිවෙසේ ආහාර පිසීම කරනු ලබන්නේ දරවලිනි. නිවෙසේ ගෘහමූලිකයා සහ නිවැසි කාන්තාව රැකියාව සඳහා පෙරවරුවේ නිවෙසින් පිටව ගොස් නිවෙසට පැමිණෙන්නේ සවස් කාලයේය. මේ දිනවල සවස් කාලයේ පවතින වර්ෂාව හේතුවෙන් සවස නිවෙසට පැමිණ දර සපයා ගැනීමේ ගැටලුවකට ද ඔවුහු මුහුණ පා සිටිති.
මෙදින සවස ළිපට දැමීම සඳහා දර නොමැති වූයෙන් බිරිඳ සැමියාට පැවැසුවේ ගෙවත්තේ ඇති පොල් ලෙලි ගොඩෙන් පොල් ලෙලි කීපයක් හෝ රැගෙන එන ලෙසය. ඒ අනුව සිරිපොද වැස්සේ ගෙවත්තට දිවගිය ඔහු රැගෙන ගිය මල්ලට පොල් ලෙලි කීපයක් දමාගෙන විත් මුළුතැන්ගෙයි මුල්ලකට දැමීය.
මව සිය පහළොස් හැවිරිදි දියණියට පැවැසුවේ තේ පානය සඳහා ළිප දල්වා කේතලය තබන ලෙසය. ඒ අනුව ළිප ළඟට ගිය දියණිය ඒ අසල දර නොමැති වූයෙන් වටපිට බැලීමේදී පොල් ලෙලි ඇති බව දැක එයින් කීපයක් ගෙන ළිපට දැමීමට සූදානම් වනවාත් සමගම ඇය දුටු දෙයින් දැඩිසේ බියට පත්ව ‘අම්මේ, අම්මේ’ යැයි කියා කෑ ගසන්නට වූවාය.
දියණියගේ කෑගැසීමට දිව ආ මව ද දුටු දෙයින් බියට පත්වූවාය. ඒ වනවිටත් දියණිය අසල බිම වැටී සිටි විෂකුරු සර්පයකු දඟලමින් පිටතට යෑමට උත්සාහ කරමින් සිටි අතර, ඇය ද සැමියාට කතා කර පැවැසුවේ වහා පැමිණ මේ සර්පයා ඉවත් කරන ලෙසය. පැමිණි ගෘහමුලිකයා එම සතා ඉවත් කළත් කිසිදු සොයා බැලීමකින් තොරව පොල් ලෙලි රැගෙන ඒම නිසා තම දියණියට වෙන්නට ගිය මහා විපත ගැනත් කියමින් ඒ මොහොතේ සිට බිරිඳගෙන් එල්ල වූයේ දරුණු වාග් ප්‍රහාරයකි.
සිද්ධියෙන් පසු තේ පානය කිරීම පමණක් නොව රාත්‍රී ආහාරය පිසීම ද ගෘහණිය විසින් අත්හරිනු ලැබූ අතර, රැගෙන විත් තිබූ පොල් ලෙලි සියල්ල ද පිටතට විසි කෙරිණි. ඇය සිය පිරිමි දරුවා අසල කඩයට පිටත් කර දියණියට පුතාට සහ ඇයට පමණක් සරිලන සේ ආප්ප ගෙන්වා ගනිද්දී බිරියගේ ගෝරනාඩුව නිසා නිවෙසේ ආලින්දයට ගොස් පුටුවක වාඩි වී සිටි ඔහුට එම ආසනයේම නින්ද ගොස් තිබුණි. ඇය ඔහු අවදි නොකර කළ වැඩේට දඬුවමක් ලෙස ඔහුට එම ස්ථානයේම සිටින්නට හැර දොරගුලු වසා දමා දරුවා රැගෙන ආ ආප්ප තිදෙනා කා බී නිදාගත් අතර දොර ඇරීමට ඇයට හෝ දරුවන්ට හෝ ඔහු කතා කළත් දොර විවෘත නොවූ තැන සීතලේ ගැහෙමින් කුසගින්නේ නිදි වර්ජිතව රැය පහන් වනතුරු සාලයේ සිටීමට සිදුවූ බව පසු දින සේවයට ගොස් ආපන ශාලාවේදී උදේ ආහාරය ගනිමින් සිය මිතුරන්ට පැවසුවේ සිත් වේදනාවකිනි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සර්පයෙකු ගෙට එක්ක ආවැයි රැයක් තිස්සේ සැමියා එළියේ තියලා
fairoos Wednesday, 29 November 2023 05:45 PM
මෙහෙමත් බිරින්දෑවරු? ලංකාවේ විතරයි.