තිහගොඩ උපසේන ලියනගම
අබලන් බසයක නැගී ගමන් ගත් මගියකු ගමනාන්තයේ දී ඇඳ සිටි සරම බසයේ දමා අඩ නිරුවතින් බසයෙන් බැස යාමේ අපූරු පුවතක් දකුණු පළාතේ උප නගරයකින් අසන්නට ලැබිණි.
ග්‍රාමීය උප නගරයක සිට මාතර බලා දිවෙන පෞද්ගලික තරමක් අබලන් බස් රථයකි. ගමන් ගන්නා විට එතරම් අබලන් බවක් නොපෙනුණත් එය නවත්වන විට මගී ආසන මෙන්ම දොර කවුළුවලින්ද නැගුණේ අමිහිරි හඬකි.
නගරාසන්න බස් නැවතුමක දී සරම සහ කමීසය ඇඳි මගියකු ගමන් මලු කීපයක් අතින් සහ උරයෙන් දරාගෙන බැසීමට විත් පඩි පෙළෙන් බසින විට එහි මතුව තිබූ ඇලුමිනියම් පටියක සරම ඇමිණී වේගය නිසා කරකැවී ගියේය. අසල වූ ආධාරක බටයක් අල්ලාගෙන නොවැටී බේරුණත් ඒ වේගයටම ඔහු බිමට පය ගසාගත් අතර සරම ඇලුමිනියම් පටියේම එතිණ. රියැදුරු වහාම තිරිංග තද කර බසය නවතා ගත්තත් මගියා අඩ නිරුවතින් බිමය. සරම බසයේය.
බසයේ සිටි කීප දෙනකු තිගැස්සී සිටි අතර කාන්තාවන් සිනාව තද කර ගත්තේ අතින් කට වසාගෙනය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සරම බසයේ තියා මගියා බැස ගිහින්
ganegoda Friday, 16 December 2022 10:13 AM
සරම නැතුව හරි මේ ලැබුන අලුත් ජීවිතයට අපි සුභ පතනවා .තව හුඟාක් බයානක විදිහට අවසන් වෙන්න තිබුන අනතුරක්