(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
සංචරණ සීමා පනවා තිබූ කාලයේදී දරුවාගේ ත්‍රිපෝෂ කාඩ්පත රැගෙන මිතුරෙකු හමුවීමට ගිය අපූරු පියෙකු පිළිබදව දකුණු පළාතේ සුන්දර ප්‍රදේශයකින් වර්තාවේ.
වෘත්තියෙන් විදුලි කාර්මිකයකු වූ මෙම පුද්ගලයා දරුවන් කිහිප දෙනෙකු සිටින මැදිවිය ඉක්මවූ මත්පැන් පානයට ඇබ්බැහිවූ අයෙකු බවට ප්‍රසිද්ධියක් උසුලයි. සති කිහිපයක් සංචරණ සීමා පනවා තිබූ නිසා නිවසට වී අපහසුවෙන් කල්ගත කරමින් සිටින විට නගරය සමීපයේ සිටින සිය මිතුරෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබුනේ තමන් නිවාඩු ලැබ නිවසට පැමිණි බවත් හැකිනම් නගරයට පැමිණෙන ලෙස පවසමිනි. සංචරණ සීමා නිසා මිතුරා හමුවීමට යාමට නොහැකිව කල්පනා කරමින් සිටින විට ගෙදර මේසය මත තිබූ තම දරුවාගේ ත්‍රිපෝෂ කාඩ්පත දැක ඇති අතර බිරිඳටද නොකියාම එම කාඩ්පත රැගෙන යතුරුපැදියේ නැගී මිතුරා හමුවීමට ගොස් ඇත.
මිතුරා සමග සවස් වනතෙක් පදමට මදුවිත සප්පායම් වී පෙරළා නිවසට එන විටදී ආරක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වී ඇති අතර එහිදී සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක කුමන කරුණක් සඳහා යන්නේදැයි විමසා තිබේ. දරුවාට අවශ්‍ය බෙහෙත් මිලදී ගැනීමට පාමසියට යන බව පැවසීම නිසා ඇතිවූ සැකය මත බෙහෙත් තුන්ඩුව පෙන්වන ලෙස ඔහුට පවසා ඇති අතර එවිට ඉනෙහි සඟවාගෙන තිබූ ත්‍රිපෝෂ කාඩ්පත පෙන්වා ඇතැයි පැවසේ. නිලධාරීන් එම කාඩ්පත පරීක්ෂා කිරීමේදී දින කිහිපයකට පෙර ත්‍රිපෝෂ ලබාගෙන ඇති බව එහි සඳහන් වීම නිසා සංචරණ නීති කඩකිරීම හා බීමත්ව යතුරුපැදියක් ධාවනය කිරීමට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.
තමන්ට සිදුවූ අලකලංචිය ගමේ අයගෙන් වසන් කරගැනීමට කෙතරම් උත්සාහ දැරුවද බිරිඳගේ දැඩි දෝෂාරෝපණය හා අඩදබර නිසා දින කිහිපයක් යාමට පෙර කතාව ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබුණු අතර මගතොටේදී මෙම පුද්ගලයා දුටුවිට ත්‍රිපෝෂ ගෙන ඒමට යනවා දැයි බොහෝ දෙනා විමසන්නට පටන් ගෙන ඇත.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සූර්වෙන්න මායිම පනින්න ත්‍රිපෝෂ කාඩ්පත පෙන්නලා