IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සාරි කටුවකින් කෙහෙවලු පැටලිලා

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන

කාන්තා දිනයේ දී අනියම් පෙම්වතියට ලබාදීමට ගත් තෑගි පාර්සලය බිරිඳට හා දරුවන්ට හමුවීම නිසා විශාල අකරතැබ්බයකට මුහුණ දුන් සැමියකු පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙයි.

තරුණ වියේ පසුවන සේවකයා උපතේ සිට මරණය දක්වා ජනතාවට සේවය සැපයෙන ආයතනයක සේවය කරන අතර ස්ථාන මාරුවීමක් ලැබුණත් කෙසේ හෝ එය අවලංගු කර ගැනීමට හැකියාව ඔහු සතුවිය.

දේශපාලන ශක්තිය විදහා දැක්වීමට නිතර උත්සාහ දරන ඔහු රාජකාරියට වඩා කතාවට දක්ෂ පුද්ගලයකු ලෙසට නළුවකු ලෙස හුවා දක්වන අයකු වශයෙන් ද ප්‍රසිද්ධියක්ද උසුලයි.

කාර්යාලයේම සේවය කරන තවත් කාන්තාවක සමග පෙම්හබයක පැටලී සිටී. විවාහකයකු වන මොහුට කුඩා දරුවෝ දෙදෙනෙක්ද සිටිති. කාන්තා දිනයට සිය පෙම්වතියට තෑගී දීම සඳහා අලංකාර සාරිකටුවක් රෝස මලක් සහ කුඩා අත් බෑගයක් මිලදීගෙන අලංකාර ඇසුරුමක අසුරා සිය ගමන් බෑගයේ සුරක්ෂිතව තබාගත්තේය.

සති අන්තයේ දරුමල්ලන් සමග නිවෙසේ කාලය ගතකළ අතර බිරිය ලියාදුන් බඩු ලැයිස්තුව රැගෙන ඒමට ඉරිදා උදේ ඔහු සතිපොළට ගියේය.

කුඩා දරුවන් දෙදෙනා පියාගේ කාමරයට ගොස් සෙල්ලම් කරන අතරතුර වැඩිමල් ළමයා තාත්තාගේ බෑගය වෙනදා මෙන් විවෘත කර බැලු‍වේය. ලස්සන පාර්සලයක් දුටු දරුවෝ දෙදෙනා එය ඔසවාගෙන අම්මා සොයා දිව ගියහ. දරුවන් අත ඇති පාර්සලය දුටු කාන්තාව පුදුමයට පත්ව පාර්සලය විවෘත කර බැලු‍වාය.

ඇසුරුමේ තුළ ඇති දේවල් දුටුවිට ඇයට දෙලොව රත්විය. කාන්තාවකගේ නමක් සඳහන් කරමින් ලියා තිබූ වැකි කිහිපයක් නිසා ඇයගේ කේන්තිය දෙගුණ තෙගුණ වූ අතර පොළට ගොස් පැමිණෙන විට බිරිඳ හා දරුවන් නිවෙසේ පෙනෙන්නට නොසිටි අතර ගමන් මල්ලේ තිබූ පාර්සලයේ කවරය පමණක් කාමරයේ මේසය මත ඇති අයුරු ඔහු දුටුවේය.

දරු දෙදෙනා සමග සිය මහගෙදරට ගිය කාන්තාව සැමියා රැගෙනවිත් තිබූ තෑගිද රැගෙන කාන්තා දිනයේදී ඔහුගේ කාර්යාලයට ගොස් වැකිවල නම සදහන් කාන්තාව සොයා සාරිකටුවක් රෝස මලක් සහ කුඩා අත් බෑගයක් තෑගි කළාය.

රෝස මලට අමතරව දරුදෙදෙනාද බාරගන්නා ලෙස ලු‍ණු ඇඹුල් සහිතව කාන්තාවට ආමන්ත්‍රණය කළ ඇය පිටව යාම නිසා කතාව කාර්යාලය පුරා පැතිරයාමට වැඩි වේලාවක් ගත නොවීය.

සිද්ධිය ආයතන ප්‍රධානියාට වාර්තාවීම නිසා දෙදෙනාට ස්ථාන මාරුවීම් ලැබුණු බවද පැවසේ.

 



අදහස් (0)

සාරි කටුවකින් කෙහෙවලු පැටලිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site