නාඋල - ඉන්දික අරුණ කුමාර
කැස්ස හෙම්බිරිස්සාවට පානය කිරීම සඳහා අතීතයේ වෙළෙඳපොළ තුළ අලෙවි වූ ක්ෂණික පානයක් වන ‘අලුප්පුමුරුන්දු’ නම් පානයක් ඉල්ලා සිටි පාරිභෝගිකයකුට ලැබුණු ෂැම්පෝ පැකැට්ටුවක් පානය කිරීමෙන් මහත් කලබලයක් ඇති වූ පුවතක් නාඋලින් වාර්තා වෙයි.
සිද්ධිය වාර්තා වන අන්දමට මෙසේය.
මැදි වියේ පුද්ගලයකු යම් තරමකට සූර් වී ගමේ කඩයකට ගොඩ වී, කැස්ස හෙම්බිරිස්සාවට පානයක් ඉල්ලා ඇත.
වෙනදා වෙළෙඳසලේ සිටි මුදලාලි වෙනුවට එදා සිට ඇත්තේ ඔහුගේ පුත්‍රයායි.
“මේ ළමයා, මට දෙනවකෝ අලුප්පුමුරුන්දු පැකැට් එකක්.”
ඇසූ පළමු වචනයෙන්ම අන්දමන්ද වූ තරුණයා, “එහෙම එව්වා මෙහෙ නෑ” යනුවෙන් පවසා ඇත.
“මොකද නැත්තේ? ඔය කැස්සට හෙම්බිරිස්සාවට බොන බෙහෙතක් ඕක.”
දන්නා තරමින් සිය වෙළෙඳසලේ එසේ නම සඳහන් නිෂ්පාදනයක් නැති බව පැවැසුවත්, මැදි වියේ පුද්ගලයා වෙළෙඳසලෙන් ඉවත්ව නොයෑම හේතුවෙන් “අන්කල්, අලුප්පුමුරුන්දු නම් නෑ. වෙන බේතක් නම් තියෙනවා. ඒක නම් ගොඩක් අය අරන් යනවා කැස්ස හෙම්බිරිස්සාවට. මේක පොඩි පැකැට් එකක් කඩලා බොන්න තියෙන්නේ. දෙන්න ද?” යනුවෙන් අසා ඇත.
“හා ළමයෝ. එහෙනම් දෙන්නකෝ බලන්ඩ ඒකවත්. කැස්ස වැඩියි හොඳටම. අඩු වෙයි කියලා මේ පොඩි ෂොට් එකකුත් දැම්මා, අඩු වුණේ නෑ.”
මැදි වියේ පුද්ගලයාගේ ඉල්ලීම මත කොලුවා ද තමන්ගේ හිසට ඉහළින් එල්ලා ඇති විවිධ පැකැට් අතරින් කොළ පැහැති කුඩා පැකැට්ටුවක් මැදි වියේ පුද්ගලයාට කඩා දී තිබේ. ගත්තු ගමන් පැකැට්ටුවේ මුල්ලක් කඩා එක හුස්මට ගිල දැමූ ඔහු ඔක්කාරයෙන් කෙළ ගසා, යටිගිරියෙන් කෑගසා පවසා ඇත්තේ, “මේකා මට සබන් වතුර දුන්නෝ” යනුවෙනි.
කලබලය අස්සේ වෙළෙඳසලේ හිමිකරු ද වෙළෙඳසලට පැමිණ ඇති අතර, කලබලයට සිය දරුවා ෂැම්පෝ සහ සබන් කුඩු වර්ග වැල් වශයෙන් එල්ලා ඇති ස්ථානයෙන් ෂැම්පෝ පැකැට්ටුවක් මැදි වියේ පුද්ගලයාට ලබා දී ඇති බව හෙතෙම අවබෝධ කරගෙන ඇත.
මේ පැකැට්වලට යාබදින් කැස්ස සඳහා පානය කරන, වෙළෙඳපොළේ ජනප්‍රිය කුඩා පැකැට් විශේෂයක් පැවැති අතර, ඒවා වෙනුවට සිය දරුවා ලබා දී ඇත්තේ ෂැම්පෝ පැකැට්ටුවක් බවත්, බාහිර පෙනුමෙන් මෙම වෙළෙඳ නිෂ්පාදන දෙකම එකම පැහැයක් ගැනීම ගැටලුවට හේතු වී ඇති බවටත්, මැදි වියේ පුද්ගලයාට කරුණු කාරණා පැහැදිලි කර දී ඇත.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සූර් පිට කැස්සට ෂැම්පු පැකට්ටුවක් බීලා