ඇල්ල - ප්‍රසාද් රුක්මල්
බදුල්ල ප්‍රදේශයේ පාසලක අවුරුද්ද අවසානයේ පැවැති වාර්ෂික සුහද හමු සාදයකදී පදමට වැදී සිටි ගුරුවරයකු තැම්බුම් හොදි (රසම්) කියා ඉඳුල් වතුර බීමේ පුවතක් බදුල්ල නගරයට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ.
2023 වසර ගෙවී යමින් පවතින අවස්ථාවේ බදුල්ල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් සිය ගුරු මණ්ඩලය සහ පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය එකතු කරගෙන වාර්ෂික සුහද හමු සාදයක් පැවැත්වීමට කටයුතු කළේය.
මෙම සාදය ප්‍රදේශයේ හෝටලයක පැවැත්වීමට තීරණය කළේ පාසල් නිවාඩුව නිසාය.
සියලුම දෙනා හොඳ ලස්සනට ඇදපැළද හෝටලයේ පැවැති සාදයට පැමිණි අතර එකිනෙකා සෙල්ෆි ඡායාරූප ගනිමින් විනෝදවන්නට වූහ.
පසෙකින් ඩීජේ සංගීතයෙන් සාදය වර්ණවත් වෙද්දී තවත් පිරිසක් මදුවිත තොලගාමින් සතුටුවනු දැක ගත හැකි විය. මෙම පිරිසේ පදම එන්න එන්නම වැඩිවෙත්ම එකා දෙන්නා ඩීජේ සංගීතයට අඟරදඟර දමන්නට පටන් ගත්හ.
මේ අතරේ කාන්තාවන් කල්වේලා ඇතිව ගෙදර යාමේ අටියෙන් හෝටලයේ පසෙකින් සූදානම් කර තිබූ දිවා ආහාරය බුක්ති වින්දහ.
ඩීජේ සංගීතයට අඟරදඟර දමමින් පදම වැඩිවී සිටි අයෙක් එක්වරම හෙමින් දිවා ආහාරය සූදානම් කර තිබූ ස්ථානයට පැමිණ අත් සෝදන භාජනයක තිබූ ඉඳුල් වතුර වීදුරුවකට දමාගෙන උගුරට දෙකට බීගෙන ගියේය.
පසුව ඔහු හෙමින් යළි ඩීජේ සංගීතයට අඟරදඟර දමමින් සිටි මිතුරකු අසලට ගොස් “මචං හොඳ තැම්බුම් හොද්දක් (රසම්) හදලා තියෙනවා.... කෑමට කලින් ටිකක් බීලා වරෙන්.... ඇඟට හොඳයි ....” මිතුරාගේ කනට රහසින් කොඳුරා කීය.
මිතුරාද හෙමිහිට දිවා ආහාරය සූදානම් කර තිබූ ස්ථානයට ගොස් විපරම් කර බැලුවෙ තැම්බුම් හොදි ටිකක් බීමේ ආසාවෙනි.
එහෙත් එහි එවැනි දෙයක් නොතිබුණු අතර කාන්තාවන් කෑම කා ඉවර වී අත්සේදූ ඉදුල් වතුර භාජනයක් තිබෙන අයුරු දැක ඒ බව සිය මිතුරාට කීවේය.
ඉන් වෙරි හිදීගිය මිතුරා “මචං මම තැම්බුම් හොදි කියා මේවා බිව්වේ... කාටවත් කියන්න එපා...” කීවේය. ඔහු එසේ කියා හෙමින් සීරුවේ මාරුවී ගියේ මුහුණට දැමූ දහදිය අතින් පිසදමමිනි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සර් සූර් වෙලා ඉදුල් වතුර බීලා