හේ ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා සංචාරක හෝටලයක කළමනාකරුවෙකි. දිනක් තම අරක්කැමි සේවකයා මෙම කළමනාකාරවරයාගෙන් ඉල්ලා සිට ඇත්තේ තමන් දුෂ්කර ප්‍රදේශයක සිට සේවයට පැමිණෙන හෙයින් තම ස්වාමියාගේ යතුරුපැදිය සේවා ස්ථානයට පැමිණීම සඳහා තමන් වෙත ලබාදීමට හැකියාව පවතීද යන්නයි. පසුව මෙම ඉල්ලීම ගැන සලකා බැලූ කළමනාකාරවරයා තමන් හෝටලය තුළ නේවාසිකව සිටින බැවින් යතුරු පැදියේ අවශ්‍යතාව එතරම් නොවන බැවින් මෙම සේවකයා වෙත තම යතුරු පැදිය ටික දිනක් පාවිච්චිය සඳහා ලබාදීමට අදහස් කළේය.
ඒ අනුව මෙකී කළමනාකාරවරයා තම සේවකයා වෙත යතුරු පැදිය ඔහුගේ පරිහරණය සඳහා තාවකාලිකව ලබාදීමට කටයුතු කළේය. දැන් සේවකයාට ඉතාමත් ප්‍රීතිමත්ය. වෙනදා මාසයේ වැඩි දින ගණනාවක් ගමන් අපහසුතාව හේතුවෙන් ප්‍රමාදවී සේවයට පැමිණෙන මෙකී සේවකයා දැන් නියමිත වේලාවටත් කලින් සේවයට පැමිණෙයි. මේ හේතුවෙන් කළමනාකාරවරයාද සිටින්නේ සතුටු සිතෙන්ය.
දැන් යතුරු පැදිය අදාළ සේවකයාට තාවකාලිකව ලබාදී මාසයක් පමණ ගෙවී ගියේය. දිනක් මෙම සේවකයාගෙන් කළමනාකාරවරයා වෙත දුරකතන ඇමතුමක් ලැබිණි. එම දුරකතන ඇමතුමෙන් කියා සිටියේ තමන්ට වෙනත් තැනක රැකියාවක් ලැබී තිබීම හේතුවෙන් සුපුරුදු සේවා ස්ථානයෙන් අස්වී යන බවයි. එවිට තම යතුරු පැදිය ගැන සිහිවූ කළමනාකාරවරයා අදාළ සේවකයාට පවසා ඇත්තේ තමන් ලබාදුන් යතුරු පැදිය නැවත තමා වෙත ගෙනැවිත් භාරදෙන ලෙසයි. එවිට අදාළ සේවකයා ඊට එකඟතාව පළකර එය ගෙනත් දෙන බවට පොරොන්දු වී ඇත.
දැන් මෙම කතිකාවට දින පහක් පමණ ගෙවි ගියේය. යතුරු පැදිය ගෙනෙන පාටක් නොවූ හෙයින් නැවතත් අදාළ කළමනාකාරවරයා විසින් මෙකී සේවකයා වෙත දුරකතන ඇමතුම් කීපයක් ලබා දුන්නද ඊට ප්‍රතිචාර දැක්වීමක්ද නොවූ තැන කළමනාකාරවරයා අදිටන් කර ගත්තේ මේ ගැන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි.
පසුව මෙම පැමිණිල්ල විභාග කිරීමේ දිනය පැමිණියේය. අදාළ සේවකයා සහ කළමනාකාරවරයා පොලිස් ස්ථානය වෙත පැමිණ සිටි අතර පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරියා වෙත මෙකී සේවකයා පවසා ඇත්තේ තමන්ට මෙම යතුරු පැදිය විකිණීම පිණිස අදාළ කළමනාකාරවරයා තමන්ගෙන් ලබාගත් රුපියල් හතළිස් දාහක මුදල ආපසු ලබාදුනහොත් යතුරු පැදිය නැවතත් කළමනාකාරවරයාට ලබාදීමට හැකියාවක් පවතින බවයි.
මෙම කතාව අසා කළමනාකාරවරයාට තරු විසිවිය. තමන් උදව්වක් වශයෙන් අදාළ සේවකයාට තාවකාලික පරිහරණය සඳහා ලබාදුන් යතුරු පැදිය නැවත තමන්වෙත ලබාගැනීම සඳහා රුපියල් හතළිස් දාහක් මෙම ගුණමකුවාට ලබාදීමට සිදුවීම ගැනයි.
මේ ගැන වෙන කිසිවක් කරකියා ගැනීමට නොහැකිවූ අදාළ කළමනාකාරවරයාට තමන්ගේම යතුරු පැදිය නැවත ලබාගැනීම සඳහා රුපියල් හතළිස් දාහක් අදාළ සේවකයාට ලබාදී නැවතත් තම යතුරුපැදිය තම භාරයට ගැනීමට සිදුවිය.
අනේ කාලේ වනේ වාසේ කියූ මෙම කළමනාකාරවරයා මේ ගැන ඉතාමත් අසතුටට පත්ව මින්පසු මෙවැනි උපකාර කිසිවක් කිසිම කෙනෙකුට නොකිරීමට ගත් තීරණය සමගින් දැන් පසුතැවිල්ලෙන් කාලය ගත කරනවාලු.
කරාපිටිය
ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සේවකයාගේ ගුණමකුකමෙන් හාම්පුතාට ගිනිගෙඩියක් පාත්වෙලා