IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ස්වභාවික විපත් ගැන ලියු රචනාවේ පාසල් යාමත් විපතකැයි ලියලා

රජරට ප‍්‍රධාන නගරයක පාසලකි. එහි පස්වන ශ්‍රේණියේ සිසුනට නියමිත ශිෂ්‍යාධාර විභාගය වෙනුවෙන් පෙරහුරු ප‍්‍රශ්න පත‍්‍රයක් ගුරුවරියක විසින් දෙනු ලැබුවාය.
එම ප‍්‍රශ්න පත‍්‍රයේ අවසාන ප‍්‍රශ්නයෙන් ”අපට සිදුවන ස්වභාවික විපත්” ගැන වාක්‍ය හතරක් ලියන්නැයි සඳහන් කර ලැබීය.
පන්තියේ සිසුවෙක් ඊට පිළිතුරු ලියා තිබුණේ මෙසේය.
1. අපට සිදුවන විපතක් තමයි සැමදාම පාසල් යාම.
2. අපි ස්වභාවික විපතෙන් ගොඩඒමට අවරුදු ගාණක් සිටියෙමු.
3. අප ශිෂ්‍යත්වය ලියා සාමාන්‍ය පෙළ ලිවීමෙන් පසු විපත අවසන් වේ.
4. මම අපේ පාසලෙන් ගොඩට ඒමට මහන්සි ගන්නෙමි.
පිළිතුරු පත‍්‍රය බලමින් සිටි ගුරුවරියට සිනහව මතුවූවත් එය ආයාසයෙන් මැඩගත්තාය.



අදහස් (0)

ස්වභාවික විපත් ගැන ලියු රචනාවේ පාසල් යාමත් විපතකැයි ලියලා

සම්පත් Thursday, 20 June 2013 04:10 PM

ෂෙරිෆ් ඉතිරි ටිකට මම උදවු කරන්නම්, තම්බි එකකට එකක් පෙන්න මේ ධර්මද්වීපයේ පල්ලි හදනවා. සිංහල කෙල්ලන්ට බොරු ලනු දීල බන්දගෙන් ලිංගික සුරකමට ලක් කරනවා. එදා සිරි ලක කුබුරු වැඩට උදවු කරපු හරකව මරාගෙන කනවා.ඔය වගේ තියෙද්දී ළමයන්ට පරිසරය නෙවි සමජයවත් පෙන්නන්න පුලුවන්ද නේද? (අ)

:       0       0

රන්ජනී ලන්ඩන් Wednesday, 19 June 2013 11:06 PM

මේ දරුවා ලියල තියෙනවා හරිනේ. විනෝදයක්, නිදහසක් නැහැ. ඉස්කෝලෙන් පස්සේ පන්ති. ඔය ගුරුවරු ඉස්කෝලෙන් පිටවෙන්නේ බාගෙට උගන්වලා දරුවන්ටත් කලින්. මොකද බාහිර පන්තිය පටන් ගන්න.එතැනදී ඉතුරු ටික සල්ලි වලට.මමත් අවුරුදු තුනක් මගේ දුව අරගෙන ගියා.වයස අවුරුදු දහයෙන් එංගලන්තෙට ආවේ කිසිම ඉංග්‍රීසි දැනුමක් නැතුව. පස්වැනි පන්තියේ සති දෙකක් ඉගන ගත්තා.අවුරුදු 21 වෙනකොට උපාධි දෙකක් අරගෙන.දැන් පී එච් ඩී කරනවා.මෙහෙ ඔය බාහිර පන්ති කිසිම තැනක තිබුනේ නැහැ.හවස තුනට ස්කොලේ ඇරලා ගුරුවරු පැය දෙකක් විදුහල්පතිත් එක්ක ඉස්නෝලේ සාකච්චා කරන්න ඕනෑ. නිවාඩු නම් නිවාඩු. හැම බැංකු නිවාඩුවක්ම සදුදා දවසක් ගන්නේ දවස් තුනක් දිගටම දරුවන්ට විනෝදවෙන්න.ලංකාවේ අධ්‍යාපනය අනාගන්නවා. ගහනවා නොවේ දරුවන් විසින් ගස්සවා ගන්නවා.දරුවෝ පව් පුරවා ගන්නවා. (නි)

:       0       0

රූපවතී Tuesday, 18 June 2013 01:57 AM

දරුවන් හරි. ඔවුන් මනසින් හැසිරෙන්නේ, ප්‍රශ්න කරන්නේ, අවට පරිසරයෙන් දකින දේ අධ්‍යයනය කරමින් ජීවත් වෙන්නේ. ළමා මනසට තේරුම් කරලා දෙන වැඩිහිටියො ගුරු දෙගුරුන් මේ බව තේරුම් ගන්න ඕනෑ. පොතපතට පෙර ළමයව පරිසරයට යොමු නොකිරිමේ වරදයි මේ. (නි)

:       0       0

ධම්මික Tuesday, 18 June 2013 02:00 AM

දැන් දණ ගස්සන විදියට පාසල් යන එක විපතක් තමයි ! (නි)

:       0       0

කමල්ගොඩ Tuesday, 18 June 2013 10:29 AM

මේ දරුවාව ශිෂ්‍යත්ව විබාගෙට නොතියාම ජාතික පාසලකට දාන්න. ශිෂ්‍යත්වයකුත් දීලා උගන්වන්න. මොලේ තියෙන ළමයෙක්. (නි)

:       0       0

වාසල Tuesday, 18 June 2013 07:03 PM

අපි අපේ ළමා කාලයට අනුරූපව ළමයින් තක්සේරු කරන්න යෑම අනුවන ක්‍රියාවක්. දැන් ළමයින් හරිම බුද්ධිමත්. ඒ අයට තොරතුරු ලැබෙන මාර්ග ගොඩක් තියෙනවා. ඒවා ගැන දෙමාපියන් අවබෝධයෙන් සිටිමෙන් තම දරුවන් යහපත් ගමනාන්තයකටත් නොදැන සිටිම ඔවුන්ගේ අනාගත අදුරු විමටත් බලපානවා. පාසල් තරගය වැඩිවිමටත් එක හේතුවක් වෙන්නේ ළමයින් අතර ඉගනිමට තිබෙන තරගයයි. මේ තරගයට සමහර ළමයින් සුදානම් නැහැ. ඔවුන් ඒක දකින්නේ කරදරයක් විදියට. හැබැයි ඒක ළමයින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. කොහොමත් මගේ පිලිගැනිම නම් බලෙන් හරි ළමාකාලය සෙල්ලම්ට සහ විනෝදයට ගන්න දරුවෙක් අන් සෑම දෙනා අභිබවා ඉදිරියට යනවා කියන එක.(නදී)

:       0       1

උපාලි Tuesday, 18 June 2013 04:11 AM

කාට බොරු කලත් පොඩි එවුන් ඇත්ත කියනවා. පහේ ශිෂ්‍යත්වය මහා විපතක් බව දෙමවුපියෝ නම් සැහෙන කලක පටන් දන්නවා. පොඩි එවුනුත් ඒක දන්නා බව දැන් පේනවා. ඇත්තම කියනවා නම් මේක හිනාවෙන්න නෙමෙයි අඬන්න කාරණයක්. (නදී)

:       0       0

සංජීව Tuesday, 18 June 2013 11:24 AM

මේ දරුවා අනාගතයේ පාර්ලිමේන්තුවට යන ලකුණු ප්‍රදර්ශනය කර තිබෙනවා. මෙය දරුවාගේ බුද්ධිමත් බව කෙසේ වෙතත් මෝඩකම හොදින් ප්‍රදර්ශනය කල අවස්ථාවක් (නි)

:       0       0

ජයලාල් Tuesday, 18 June 2013 03:21 PM

අවුරුදු ගානක් පාසලට වී සිටීම තමයි අපේ ලංකාවේ තියන ප්‍රධාන විපත. පොතට හුරුවී අන්තිමට ජීවත් වීමට හැකියාව නැති වෙනවා. පාසැල නමය වසරෙන් ඉවරකර ඉන් පසු වෘත්තීය පුහුණුවට යොමු කල යුතුයි . එතකොට රට දියුණු වෙනවා.(නි)

:       0       0

මංගලා Tuesday, 18 June 2013 08:04 PM

පහන් කොහෙද අනේ ඔයා ඉන්නේ ?කොහේ උනත් එතන රස සාගරයක් කියල මට හිතෙනවා.(නදී)

:       0       0

වරුණ Tuesday, 18 June 2013 11:41 AM

ඊට පස්සේ ටීචර්ව දණගස්සවයිද දන්නෙ නැහැ තාත්තට කියලා? (නි)

:       0       0

රසිකා Tuesday, 18 June 2013 11:45 AM

අනේ දරුවෝ හ‍රී පව්. ඇත්ත කියලා තියෙන්නේ. දරුවෝ මොන තරම් පීඩනයකින් ද ඉන්නේ කියලා තේරෙනවා. නමුත් විපත පටන්ගන්නේ උසස් පෙළින් (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 18 June 2013 11:47 AM

අපේ කාලෙ ඉස්කෝලෙ 8 වසරෙ බුද්ධාගම ප්‍රශ්න පත්තරේ තිබුන තුන් දොර නම් කරන්න කියලා. ඒකට මගෙ මිත්‍රයෙක් ලිව්වා, …පන්සලට ඇතුල්වෙන දොර …බුදු ගෙට ඇතුල්වෙන දොර …දේවාලෙට ඇතුල්වෙන දොර කියලා (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 18 June 2013 03:48 PM

ඒ වගේ තමා දරුවෙක් ගදකිළිය යන පදයට සමාන පදයක් ‍ලෙස ලියා තිබෙනවා වැසිකිළිය කියලා(නි)

:       0       0

රිටිගල Wednesday, 19 June 2013 02:25 PM

පුංචි ළමයි හරිම විවෘතයි (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 18 June 2013 12:09 PM

රජරට උපන් දරුවෙක්. පන්තිය 5 හේ වුනත් ,රජ කියමන් ටිකක් ලියලා තියෙන්නේ. සැබැවින්ම දක්ෂයෙක් බව පෙනී යනවා.හොඳ නිර්මාණයක්! (නි)

:       0       0

පහන් Tuesday, 18 June 2013 12:11 PM

වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ජාතික වීරයෙක් කියලා ටීචර් කිව්වහම ළමයා අහලා ටීචර්, එයා හයේ පාරවල් කීයක් ගහලා තියනවද කියලා.ඇයි දැන් නිතරම ඇහෙන්නේ තරගයේ වීරයා ,තරගාවලියේ වීරයා කියලනේ (නි)

:       0       0

සමන් Tuesday, 18 June 2013 09:16 PM

මටත් පොඩිකාලෙ හිතුනෙ එහෙමයි (අ)

:       0       0

පහන් Tuesday, 18 June 2013 12:15 PM

ටීචර් කෙනෙක් දවසක් කිවුවලු භෞමික අඛණ්ඩතාවය ,පරමාධිපත්‍යය , සෛවරීභාවය වගේ වචනයක් කියන්න කියලා. කොල්ලා කිව්වලු කන්‍යාභාවය කියලා (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 18 June 2013 09:25 PM

ජයලාල් හදන්නේ මැතිනිගෙ කරත්තේ ආයෙමත් දක්කන්නයි.(අ)

:       0       0

ලලිත් Tuesday, 18 June 2013 09:44 PM

දරුවන්ට විතරක් නෙවේ දෙමාපියන්ටත් ඒකම තමා වෙලා තියෙන්නේ. එක එක දේවල් වලට මුදල්. පන්තියේ ටිචර්ගේම හවස පන්ති. අමතර පන්ති. හවසට ළමයා ගෙදර ආපුවම ගෙදරදී කරන්න දීලා තියන හෝම්වර්ක්..........අනේ මන්දා ?? (නි)

:       0       0

චින්තක Tuesday, 18 June 2013 04:12 PM

පහන්ගේ කතාවට ඔක්කොටම වැඩිය හිනා යනවා. (නි)

:       0       0

රූපා Thursday, 20 June 2013 02:28 PM

රංජනී ලන්ඩන් ..මම ඔයාගේ කීම 100%ක් නිවැරදි කරනවා ...! මමත් වැඩ කරන්නේ රෝයල් කෑම්ප් එකක මගේ දරුවත් 12,මෙහෙට ,ඈවිත් මාස 9යි ලංකාවෙන් එන විට ඉංග්‍රීසි කොහෙත්ම බැහැ, දැන් හොදට අධ්‍යාපනය හදාරණවා මෙහෙ ළමය වගේම ...ඒ අධ්‍යාපනය ළමයිනට දෙන ක්‍රමයේ නිවැරදි කමය ...? (අ)

:       0       0

චමත් Wednesday, 19 June 2013 08:11 PM

කතාවනම් ඇත්ත. දැන් පොඩි ළමයින්ට ළමා කාලයක් නැනේ? ඉස්කෝලෙයි, බාහිර පන්තීයි, දෙක හැර වෙන ජීවිතයක් ළමයින්ට නෑ. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුයි. නැත්නම් අනාගතයේදී බිහි වෙන්නේ හැගීම් දැනීම් නැති රොබෝලා.(නදී)

:       0       0

නාලක Tuesday, 18 June 2013 08:35 AM

ගුරුවරියන්ටත් දැන් පාසල් යාම ස්වභාවික විපතක් නොවැයි? විශේෂයෙන් නවගත්තේගම පැත්තේ (නි)

:       0       0

නුවන් Tuesday, 18 June 2013 01:04 PM

දෙයියෝ සාක්කි, පාසල් ළමයිම මෙහෙම කියනවානම් අපි මොකද කියන්නේ (දී)

:       0       0

හේමන්ත Tuesday, 18 June 2013 09:03 AM

මේක සම්පුර්ණ බොරුවකි. පහේ ඉන්න ළමයෙක් සාමාන්‍ය පෙළ ගැන කතා කරන්නේ නැත. (දී)

:       0       0

සමීර Wednesday, 19 June 2013 12:54 AM

දවසක් ටීචර් ළමයින්ට හරකා තණ කනහැටි අදින්න කිවුවලු. හැමෝම ලස්සනට චිත්‍රය ඇදලා තිබුනලු. ඒත් එක කම්මැලි ළමයෙක් සුදු කොලයක හතරැස් හිස් කොටුවක් පමණක් ඇදලා ටීචට දුන්නලු. ඊට පසු ටීච ඇහුවලු කෝ ළමයෝ හරකා කියලා. හරකා තණකොළ ටික සේරම කාලා යන්න ගිහින් කියලා ළමයා උත්තර දුන්නලු. (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 18 June 2013 09:45 AM

පොඩි එක්කෙනාට ලකුණු සියයම දෙන්න වටිනවා අදහසට. (ත)

:       0       0

ෂෙරිෆ් Wednesday, 19 June 2013 02:01 AM

රූපවතී අක්කට බාගෙට පිස්සු, පොත පතට පෙර ළමයව පරිසරයට යොමු නොකිරිම වරදක්ලු. වර්තමාන පරිසරය බලන්නත් බය හිතෙනවා. පළාත් සභා ගුටි කෙලි, ගව ඝාතනාගාර, නීති විරෝධී කස්ස්පු පෙරන තැන්, නීති විරෝධී නැති තැබෑරුම්, සූදූ පොළවල් සංඝයා වහන්සේලාගේ පෙළපාලි, අනේ ඉතුරුටික ලියන්න උදව් කරන්නකෝ.(නදී)

:       0       0

අරුණ Wednesday, 19 June 2013 11:55 AM

ළමයාගේ ඇති නිවැරදි චින්තනය , දැක්ම, තර්කානුකූල භාවය මෙවන් යමක් ඉගෙනීමට තිබේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 460 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 631 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1039 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9355 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 851 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 319 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1988 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site