මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි
සරුංගලයකට ආදරය කරන්නට යාම නිසා ස්ථිරව තිබූ යෝජිත මංගල්ලය, මංගල ඇඳුම් සඳහා මිමි දීමට ගිය දිනයේ කැඩී බිඳී මනාලිය අහිමි වූ මනාලයකු පිළිබඳ පුවතක් දොම්පෙ ප්‍රදේශයේ ගම්මානයකින් පසුගියදා වාර්තා විය.
ගම්පහට නුදුරු ගමක තරුණියකට මංගල යෝජනාවක් ඉදිරිපත් විය. මනාලයා තරමක් ආසන්න නගරයක පදිංචිකරුවෙක් විය. දෙපාර්ශ්වයේ නෑදෑ හිතවත්හු ගෙවල් දොරවල් බලා මංගල්ලය තීරණය කළහ. මනාලයා මනාලිය බලන්නට ඇගේ නිවෙසට ද වරින් වර පැමිණියේය. ඇය හා අල්ලාප සල්ලාපයේ යෙදී ආපසු ගියත්, කිසි විටක අනාගත බිරියට ත්‍යාගයක් හෝ ගෙනෙන්නට ඔහු කටයුතු කළේ නැත. එහෙත් ඒ ගැන මනාලිය හෝ පවුලේ කිසිවකු ගණනකට ගත්තේ ද නැත.
මෙසේ කාලය ගත වෙද්දී මංගල්ලයට දින නියම කර ගැනිණි. මංගල ඇඳුම් කැඩුම් සඳහා මිමි ලබා දෙන්නට මනාලිය ද සමග එන ලෙස මනාලයාගේ වැඩිහිටියෝ දැනුම් දුන්හ. ඒ අනුව මනාලියගේ පාර්ශ්වයේ පිරිසක් මනාලිය ද සමග මනාලයාගේ නිවෙසට ගියේ උදේ වරුවේය. වැඩිහිටි කිහිප දෙනකු යුවළ සමග පිටව ගිය අතර, දරුවන් කිහිප දෙනකු ඇතුළු සෙසු අය නිවෙසේ රැඳී සිටියහ. නිවෙසේ පැත්තක සරුංගලයක් එල්ලා තිබිණි. එය ඕනෑවට එපාවට සැදූ එකක් බව පෙනුණි.
පිරිසේ සිටි දරුවකු සරුංගලය ගෙන යාබද වෙල්යායට ගියේ සරුංගලය ඉහළ යවමින් විනෝද වන්නටය. හෝරාවක් දෙකක් ගත වෙද්දී මනාලයා මනාලිය ඇතුළු පිරිස නිවෙසට පැමිණියහ. ටික වේලාවක් ගත වෙද්දී දරු පිරිස සරුංගලය ද රැගෙන එනු දුටු මනාලයා යක්ෂාවේෂ වූයේය. සිය මවට බැණ අඬ ගැසූ ඔහු, “මං පණ වගේ ආදරේ කරන සරුංගලය එක එකාට ගෙනියන්න දුන්නේ ඇයි” දැයි ඔහු මවගෙන් ප්‍රශ්න කරද්දී මනාලියගේ පාර්ශ්වයේ පිරිස අන්දුන් කුන්දුන් වූහ.
තැනින් තැනට වී පිරිස කසුකුසු ගාද්දී මනාලිය වික්ෂිප්තව සිටියාය. එකා දෙන්නා පැමිණි වාහනවලට ගොඩ වෙද්දී මනාලයාගේ පාර්ශ්වයේ වැඩිහිටියන් කෑම ටිකක් කාලා යන්නැයි කෙරුණු ආරාධනාව ප්‍රතික්ෂේප කර ආපසු ගියේ, සව් කොළයකට ආදරය කරන්නකුගෙන් තම දියණිය බේරා ගන්නට ලැබීම ගැන ඇති වූ සතුටු සිතක් ද ඇතිවය.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සව් කොළයකට ලව් කරලා මගුල එතැනින්ම නැවතිලා
sampath Tuesday, 18 October 2022 06:51 PM
ගම්පහ සරුංගල් කියන්නේ ඉතින් රටටම ප්‍රශ්නයක් තමයි