පෝද්දල සරත් ආනන්ද ගමගේ
නිවෙසක සවිකර තිබෙන ආරක්ෂිත කැමරාවක මධ්‍යම රාත්‍රියේ වලසකු දර්ශනය වීම නිසා ප්‍රදේශයම වලස් බියකින් වෙලීගිය පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
සිද්ධිය මුලින්ම දැක ඇත්තේ එම නිවෙසේ මව හා දියණියයි. හරියටම මධ්‍යම රාත්‍රී 12.00 පසුවන විටම ආරක්ෂිත රූපවාහිණී තිරයේ වලසා දිස්වී ඇත. බියට පත්වන ඔවුන් දෙදෙනා ගෙදර වැඩිහිටියා ද අවදිකර මේ දර්ශන පෙන්වා ඇත.
පසුදා උදෑසන සිද්ධිය සැලවීමත් සමග බොහෝ දෙනා මෙම නිවෙසට පැමිණ රූපවාහිනි දර්ශන නැරඹූහ. එහි දී නිවෙස් හිමියා සීසීටීවී දර්ශන නරඹමින් එම සත්වයා වලසකු බවට තහවුරු වී ඇති අතර එය නැරඹුවෝ ද ඒ වලසකු බව පිළිගත්හ.
මෙම ගම්මානය ආසන්නයේ වතු සමාගමකට අයත් අක්කර 50කින් පමණ යුතු ඌරන් ගෝනුන් සිටින විශාල කැලයක් සහිත භූමියක් පොල් වගාකිරීමට හෙළි පෙහෙළි කරමින් තිබෙන නිසා එහි වලසුන් ද සිටින්නට ඇතැයි බොහෝ දෙනා අනුමාන කළහ.
සිද්ධිය සැලවීමත් සමග වඩාත් කලබලයට පත්ව සිටියේ වතු සමාගමට අයත් පොල්වගා කිරීමට සූදානම් කරන ඉඩම මුරකරන පුද්ගලයාය. ඔහු ප්‍රදේශයේ වෙසෙන පරිසරවේදියකු හමුවී සිද්ධිය සැලකර පිළිසරණක් පැතීය.
පරිසරවේදියා මිතුරකු සමග එම නිවෙසට පැමිණ අදාළ දර්ශන නරඹා ඒවා ඔහුගේ ජංගම දුරකතනයේ පටිගත කරගෙන පැමිණ ඇත්තේ හෙට උදෑසන වෙද්දී ඒ පිළිබඳව සත්‍ය තොරතුරු පවසන බව පවසමිනි.
ඔහු පටිගත කරගෙන පැමිණි දර්ශන පසුදා උදෑසන අගනුවර ප්‍රසිද්ධ පරිසරවේදියකු හා සත්ව විද්‍යාඥයකු වෙත ලබා දී සතා හඳුනා ගැනීමට සහය පැතීය. අනතුරුව ඔහු පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ ඒ වලසකු නොව විශාල ඉත්තෑවකු බවය. රාත්‍රී කාලයට කළු සුදු කැමරා දර්ශනවල දී සුදු පැහැය ද කලුපැහැ ගැනීම නිසා ඉත්තෑකූරු මයිල් ආකාරයට දිස්වී ඇතිබව පැහැදිලි කර ඇත.
ප්‍රදේශයේ පරිසරවේදියා මෙම කාරණ හෙළිකිරීමෙන් පසු එම නිවෙස් හිමියන්ගේ මුරකරුගේ සහ ගම්වාසීන්ගේ බිය පහව ගියේය.
සිද්ධියෙන් වඩාත් බියට පත්ව සිටි වත්තේ මුරකරුගෙන් ඇතැමුන් ‘වලහ දැක්කේ නැද්දැයි’ අසන්නේ ලුනු ඇඹුල් ඇතිව හොඳ දේශනයක් අසා ගැනීමේ බලාපොරොත්තුවෙනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සීසීටීවියෙන් වලහෙක් එළියට පැනලා