(හාරිස්පත්තුව - මොහොමඩ් ආසික්)
කුඩා නගරයක වෙළෙඳසලකට භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු සහල් කිලෝ කිහිපයක් මිලදී ගන්නා අතර රුපියල් 500ක් පමණ වටිනා කරවල කෑල්ලක් ද සොරා ගන්නා අයුරු එම වෙළෙඳසලේ සවිකර තිබූ සීසීටීවී කැමරාව මගින් හසු කරගැනීමේ පුවතක් මහනුවරට නුදුරු ගමකින් වාර්තා වේ.
දැනගන්නට ඇති පරිදි සිද්ධිය කෙටියෙන් මෙසේයි.
පසුගිය දිනෙක මහනුවර නගරයට නුදුරු කුඩා නගරයක වෙළෙඳසලකට පැමිණි පුද්ගලයකු තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා භාණ්ඩ තෝරමින් සිටි අතර එම වෙළෙඳසලේ හිමිකරු ද වෙනත් කටයුත්තක නියැළී සිටියේය. ඒ අතරතුර මෙම පුද්ගලයා සහල් කිලෝ කිහිපයක් මල්ලකට දමා ඔහුම කිරාගත් අතර එයට මඳක් දුරින් ඇති කරවල බක්කිය අසලට ගොස් කරවල කෑල්ලක් ද රැගෙන හාල් මල්ලට මඳක් දුරින් තබාගත්තේය. පසුව තමන් කිරාගත් හාල්වලට මුදල් ගෙවා කරවල කෑල්ල හොරෙන්ම රැගෙන වෙළෙඳසලෙන් පිටව ගියේය.
ඔහු මිලදී ගත්තේ හාල් පමණක් වුව ද පිටව යන අවස්ථාවේ අත් දෙකේම පාර්සල් තිබීම ගැන සැක සිතූ වෙළෙඳසල් හිමිකරු සීසීටීවී කැමරා පරීක්ෂා කර බැලීය. එහිදී ඔහුට සියල්ල දැක ගන්නට හැකිවිය. ඒ වනවිටත් වෙළෙඳසල ආසන්නයේ සිටි සැකකරුට කතා කර මේ සම්බන්ධයෙන් විමසා සිටියත් ඔහු එවැන්නක් නොගත් බවම පවසා තිබේ. කෙසේ නමුත් පසුව ඔහුට සීසීටීවී කැමරා දර්ශන පෙන්වීමෙන් පසුව කිසිවක් කරගත නොහැකි වූ විට වැරැදීමක් වී ඇති බව පවසා කරවල කෑල්ල ගෙනැවිත් දී එයින් කෑල්ලක් කපා මිලදීගෙන ගොස් තිබේ.
කෙසේ නමුත් මෙම සිද්ධිය පොලිසියට නොගොස් බේරා ගැනීමට එහි හිමිකරු ඉදිරිපත්ව තිබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සීසීටීවී කැමරාවෙන් කරෝල හොරා මාට්ටු