මොරගොල්ලාගම සිසිර කැලේගම
දෙවියන්ගේ පිහිට පතා ගිය අයකු රැස්ව සිටි පිරිස මැද ආරූඪව සිටි කපුවා අසරණතාවයට පත් කළ පුවතක් යාපහුව පුරවරයෙන් අසන්නට ලැබුණි.
විවාහක තරුණ යුවළකි. ඔවුනට එක් අත දරුවෙක් සිටී. ජීවත්වීමේ අරගලයට මුහුණ දීම සඳහා දෙදෙනාම උත්සහා කරති.
බිරිය පෞද්ගලික රැකියාවක නියැළෙන අතරේ සැමියා රාජ්‍ය සේවයේ යෙදී ඇත. අත දරුවා මවගේ මව් පාර්ශවය විසින් රැක බලා ගනියි.
කෙසේ හෝ ඔහුගේ බිරියට යම් ඉහළ වැටුපක් ලබන රැකියාවකට යාමේ මංපෙත් විවර වෙයි. ඒ සඳහා දන්නා හඳුනන දේශපාලකයන් මෙන්ම ඊට සම්බන්ධ අය උදව් උපකාර කරති.
රැකියාවට සම්මුඛ පරීක්ෂණ සඳහා යාමට දින වකවානු පවා ඇවිත් ඇත. මේ නිසා විශ්වාසයක් ඇති දේවාලයක දෙවියන්ගේ පිහිට පැතීමට ද ඔවුනට අවැසිය.
ඒ සම්බන්ධව දන්නා අයගෙන් බලගතු දේවාල ඇත්තේ කොහිදැයි දෙදෙනාම විපරම් කරමින් සිටින අතරේ කීප දෙනෙක් එවැනි ස්ථානයක් ගැන පවසා සිටියහ.
ඒ අනුව බිරිය සුපුරුදු රැකියාවට ගිය පසුව සැමියා කෙම්මුර දිනයක තම අත දරුවාත් වඩාගෙන දේවාලය සොයා ගියේය.
දේවාලයේ විශාල පිරිසක් රැස්ව සිටිති. අංක පෝලිමට ඇතුළට යා යුතුය. එය එසේ වුවත් මොහු අත දරුවා වඩාගෙන එනවා දුටු ආරූඪව සිටි දේව ගැති කපුවා හූ කියමින් කඩුල්ලෙන් ඇතුළට එන මෙම තැනැත්තාට එන ලෙසට අණ කළේය.
ඇතුළත ආවතේව කරන අය මෙන්ම පිටත සිටි අයත් ඔහුට දෙයියෝ කතා කරනවා කියා ඉක්මනට එන්න කීවේය.
වහා දිව ගිය ඔහු බුලත් අත කහ දියරයෙන් සෝදා රුපියල් පන්සියක් තබා එය යහන මත තැබුවේය.
බුලත් කොළයක් අතට ගත් කපුවා පැමිණි තැනැත්තාට දොස් කියමින් සාස්තරේ එකින් එකට කියන්නට වුණි.
“තෝ යන්න පුළුවන් හැම තැනටම ගියා නේද? බැරිම තැන සොහොන් කාලි සොයාගෙන ආව එක හොඳයි. මම කරකෙන් හරි කෙමනෙන් හරි තොගේ ප්‍රාර්ථනාව ඉටු කරනවා කරනවාමයි.
හැබැයි ඒකිගේ නාඩගම් නිසා මේ අත දරුවා තමයි දුක් විඳින්නේ. මං ඕකි ගෙනැත් දෙන්නම්. තොගෙත් වැරදි තියෙනවා. ඒකිගෙත් වැරදි තියෙනවා. ඒ හින්දා ආයේ තෝ වැරදි කරන්නේ නැති බවට යහනේ අත තියලා දිවුරපිය.”
දෙවොලේ හාස්කම් බලන්නට රැස්ව සිටි අයත් ඒ වටා රොක් වී බලා සිටිති.
අත දරුවා කැටුව ගිය තැනැත්තා දෙවියන් ඉදිරියේ කට හඩ අවදි කළේය.
“මමයි, මගේ ගැනියි කිරියි පැණියි වාගේ ඉන්නේ. අපි කවදාවත් දබර වෙලා නැහැ. අත දරුව වඩාගෙන එනවා දැකල ඔය වාගේ බොරු කියන්න එපා. මං ආවේ බිරියගේ රැකියාව ගැන අහන්නයි. මේ වාගේ බොරු කියලා අසරණ අය තවත් අසරණ කරන්න එපා. මට කරන්න පුළුවන් දෙයක් කරපන්.” කියා යහනේ තැබු රුපියල් පන්සියත් අරගෙන ඔහු එතැනින් නික්ම ගියාලු.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාස්තරේ වැරදී කපුවාගේ රෙදි ගැලවිලා