IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


සිසුන්ගේ ජංගම දුරකථන අල්ලන්න විදුහල්පතිනියගෙන් අපූරු තාක්‍ෂණයක්

සිසුන්ට අත්බනන හෙවත් ජංගම දුරකථන මුළුමනින්ම තහනම් කළ විද්‍යාලයකි.
විදුහල්පතිවරියගේ උපදෙස් මත විද්‍යාලයේ සාරධර්ම සහ විනය භාර ඇදුරු මඬුල්ල එය තදින්ම ක‍්‍රියාවට නැංවූයේ විද්‍යාලයේ ගුණධර්ම සංවර්ධනයට විදුහල්පතිවරියට උපරිම සහය ලබා දෙමිනි.
එදින පටන් පොත් බෑග් පරීක්‍ෂා කිරීමට අමතරව සිසුන්ගේ සහ සිසුවියන්ගේ සාක්කු පරීක්ෂාව ද අදාළ අංශ භාර ගුරු මහත්ම මහත්මීන් විසින් සිදු කරනු ලැබීය.
ඉන් සතියක් ගත විය.
විද්‍යාලයේ සිසු සිසුවියන්ට මුළුමණින්ම තහනම් වූ ඇතැම් සිසුන් ළඟ රහසේ ජංගම දුරකථන තබාගෙන ඇති බවත් ඔවුනොවුන් බ්ලූටූත් තාක්ෂණය මගින් බොහෝ දෑ හුවමාරු කරගන්නා බවත් විදුහල්පතිනියට දැන ගැනීමට ලැබිණි.
ඇය මේ පිළිබඳ අනෙක් අංශයන්ටද නොදන්වාම රහස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළාය.
මොහොතකින් විද්‍යාලයේ සෑම පන්තිකාමරයකටම ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව සහ ශිෂ්‍යනායකයා පන්තියක් ගානේ ගොස් යම් පරීක්‍ෂාවක නිරත විය. ඊටත් මොහොතකින් පසුව ඇය ඒ සෑම පන්තියකට ගොස් සිසු-සිසුවියන් කිහිප දෙනෙකුගේ නම් වශයෙන් කියා ඔවුන් ගේ ළඟ ඇති ජංගම දුරකථන ඉල්ලා සිටියේය.
එයින් පුදුමයට පත්වූ සිසුන් මොහොතකින් තමා සඟවාගෙන සිටි සියලූ දුරකථන විදුහල්පතිනියට ලබා දුන්නේය.
‘‘කොහොමද මැඩම් හරියටම ඔය ළමයි ෆෝන් ගේනවා කියලා දැන ගත්තේ’’
සාරධර්ම හා විනය භාර මඩුල්ලේ එක් ගුරු මහත්මයෙක් විදුහල්පතිනියගේ කි‍්‍රයාව ගැන මහත් විමතියෙන් ඇසුවේය.
”ඇයි අනේ ඔයාලට තේරෙන්නේ නැද්ද ඔය ෆෝන් වල බ්ලූටුත් වලින් ගනුදෙනු කරන කොට අහල පහළ තියෙන අනෙක් ෆෝන්වලත් ඒ නම් සටහන් වෙනවා මම ශිෂ්‍යනායකයින් දෙන්නෙක් යවලා මගේ ෆෝන් එක දීලා ඒවා හොයා ගත්තා.
ඒ අනුව ලබා ගත්ත නම් තියෙන අයගේ දුරකථන තමයි මම අර ගත්තේ..... විෂ නසන්න විෂ පාවිච්චි කරන්න  ඕන කියලා අහලා තියෙනවානේ.....”



අදහස් (0)

සිසුන්ගේ ජංගම දුරකථන අල්ලන්න විදුහල්පතිනියගෙන් අපූරු තාක්‍ෂණයක්

හේරත් Wednesday, 24 April 2013 08:29 PM

මල්ලි දන්නේ නැතිද බ්ලූ. කටෙත් තියෙනවා තමයි ටූත් නම්. අම්මපා හැබෑව. බ්ලූ කියන්නේ අපේ පක්ෂේ පාට නේ මල්ලියේ. (නි)

:       0       0

ශිහාම් Wednesday, 24 April 2013 08:36 PM

හරිම අසාධාරනයි වැඩේ. බ්ලු ටූත් නැති ෆෝන් හම්බ වෙලා නැතුව ඇති නෝනට. (නි)

:       0       0

මනෝජ් Tuesday, 14 May 2013 11:50 PM

මගේ දරුවා අතට මම ෆෝන් එකක් දීලා තියෙන්නේ ගොඩක් හේතු නිසා. නවීන තාක්ෂණයට අපි බය නැහැ. කාර්ය බහුල අපට ඕනෑ වෙලාවක එයා සම්බන්ධ කරගන්න පුළුවන්. මැය මගේ දරුවාගේ පාසලේ නොවුනේ වෙලාවට. නැත්නම් මම මැයට මෙම වැඩේ ගැන ගොඩක් ප්‍රශ්න දානවා. මම හිතන හැටියට ඉතාම අවම සුදුසුකම් ඇතිව ගුරු වෘත්තියට පිවිසෙන්න පුළුවන් එකම රට ලංකාව. මේ තියෙන්නේ උදාහරණ. හසරක් දන්නේ නැති ගුරුවරු. (නි)

:       0       1

නයන - චිලව් Saturday, 27 April 2013 02:32 PM

හුඟාක් අය කියල තියෙන්නේ පිටරටවල නම් අරහෙමයි මෙහෙමයි කියලා ලමයින්ව පාසල් යවන්නේ පාඩම් කටයුතුවලටයි. පාරේදී අපි දකිනවා අද සෙල් පෝන් එකක් අතේ නැත්තන් කරන්න කිසි දෙයක් මතකෙට එන්නේ නැති 'ජීවීන්' කොටසක්. ඒ නිසා භාවිතාව නොදන්නා ලමයින්ට, පාසල් කාලය තුල ජංගම දුර කථනයක කරන්න තියෙන්නේ මොනවද? අද අපේ රටට වෙලා තියෙන විනාශය තමයි. රට ගිහින් එන අය! එයාලා හිතන් ඉන්නේ පාරවල් නැති උණත් උමංදුම්රිය (මෙට්‍රො) තියෙන්න ඕන කියලා! වගේ මන්ද මානසිකත්වය!(නු)

:       0       0

පවන් Thursday, 25 April 2013 10:39 PM

අද කලේ සිද්ද වෙන දේවල් බැලුවම ජංගම දුර කතනයක් ලග තිබුනට වරදක් නැහැ.,එක තමන්ගේ ආරක්ෂාවට හොද දෙයක්.(නදී)

:       0       0

කාංචන Wednesday, 24 April 2013 02:48 PM

ඔය වයසේදී ඔයවගේ ඒවා නොබලපු අය උපදෙස් දුන්නොත් හොදයි. හැබයි එහෙම වුනොත් උපදෙස් දෙන්න කවුරුත් නැති වෙන්නත් පුළුවන්.(නදී)

:       0       0

වරුණ Wednesday, 24 April 2013 10:21 AM

කොහොමද ටිකිරි මොලේ? (නි)

:       0       0

ඉන්දික Wednesday, 01 May 2013 09:51 AM

මේ රහස හොයාගත්ත විදිය නොකියා ඉන්නයි තිබුණේ (නි)

:       0       0

ශශීමාල් Friday, 26 April 2013 12:35 PM

ඔබ වැනි ගුරුවරියන් තව තවත් බිහිවේවා! ඔබට ජයෙන් ජය විදුහල්පතිනියනි. (නි)

:       0       0

බුද්ධික Wednesday, 24 April 2013 10:51 AM

නියම වැඩේ තමයි. (නි)

:       0       0

කිර්ති Monday, 29 April 2013 09:00 AM

ලෝකයේ මෙච්චර මෝඩයෝ තොගයක් ඉන්න බව දන්නේ අද.(නදී)

:       0       0

නිමල් Saturday, 27 April 2013 08:06 PM

ඇමරිකාවේ හරි ඕස්ට්‍රේලියාවේ හරි කරන දේවල් හරිම දේවල්ද? අපි කරන්න ඕනේ ඒ අය කරන ඒවාමද? (නදී)

:       0       0

බණ්ඩා Friday, 26 April 2013 07:15 PM

ලෝකය සමග ඉදිරියට යන්න. ලෝකයේ දියුණු රටවල ළමයි ඉන්ටර්නෙට් ෆෝන් පන්තියේ පාවිච්චි කරනවා (නි)

:       0       0

නිරෝෂන් Saturday, 27 April 2013 09:27 PM

පුලුවන්නම් වැලිකන්න විදුහලේ විදුහල්පතිනියට කියල දෙන්න.(නදී)

:       0       0

යොහාන් Wednesday, 24 April 2013 11:37 AM

ගරු මාතාවෙනි, සුබ අනාගතයක්! (නි)

:       0       0

නිලුපුලී Monday, 29 April 2013 09:37 AM

බොහොමයක් සංවර්දිත රටවල දරුවෝ බෙල්ල කපා ගන්නේ නැතිව තාක්ෂනය භාවිතා කරනවා. වයස 18 අඩු ලමියි බාවිතා කරන උපකරණ අනවශ්‍ය විදියට බාවිතා කිරීමෙන් වැළකෙන විදියට සකස් කරලා තමා ආයතන විකුනන්නේ. අපේ රටවල වැඩ චාරයක් නැහැ. ෆොනේ එකක් ගත්තත් තිත්ත කුණුහරුප බලන්නේ පුළුවන්. ලෝකය තාක්ෂනය අතින් ඉදිරියට යනවා. අපේ දරුවෝ ලින් ගෙම්බෝ වෙනවා.(නදී)

:       0       0

හේරත් Thursday, 25 April 2013 11:27 AM

සිද්දිය සරලයි ක්‍රියාව අගය කළ යුතුයි.(නදී)

:       0       0

සංජීව Wednesday, 24 April 2013 11:50 AM

බ්ලුටූත් වලින් බ්ලු මොනවහරි ලැබූ නද ලොකු නෝනට?

:       0       0

රත්නායක Monday, 29 April 2013 08:48 PM

ගුරුතුමී හොදයි.(නදී)

:       0       0

ජාකක Wednesday, 24 April 2013 04:39 PM

මීට පස්සේ ළමයි බිලූ ටූත් වලට එයාලගේ නම් වෙනුවට ටීචර්ලගේ නම් දාගනියි.(නද)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Saturday, 27 April 2013 12:53 PM

විදුහල්පතිනිය මෙසේ කලාට නවීන තාක්ෂනය පාසල තුලට ගලා ඒම නවතාලිය නොහැකිය . විදුහල්පතිනියගේ ක්‍රියාව වෙනත් දියුණු රටවල් නොකෙරෙන්නකි. (ස)

:       0       0

සමන් Thursday, 25 April 2013 12:09 AM

කැමරා බ්ලු ටූත් නැති සාමාන්‍ය ෆෝන් වලට අවසර දුන්නොත් හොඳයි. මොකද කාලේ හැටියට වෙනස් වෙන දේවල් තියෙනවා, ෆෝන් අද අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා (නි)

:       0       0

මහින්ද Thursday, 25 April 2013 01:18 AM

ඇය හොද ගුරුතුමියක්. අගය කළ යුතුයි. සුබ පැතුම්! (නි)

:       0       0

නිශා Tuesday, 30 April 2013 03:08 PM

සමන් හරි. මෙරටේ මිනිසුන්ගේ කුහකකම කොපමණද කියනවා නම් තමන්ගේම ළමයින්ටවත් ඉදිරියට එන්න දෙන්නේ නැහැ. (නි)

:       0       0

චමි Wednesday, 01 May 2013 08:06 PM

මැඩම්, වැඩේ නම් හොඳයි. ඒත් බොහොම ප්‍රාථමිකයි. මැඩම්ට අහු නොවුනු බ්ලූටූත් වලින් පනිවුඩ හුවමාරු කරගන්න තවත් බොහෝ දුරකතන පාසලේ ඇති. තියන බව දන්නෙ නැති නිසා ඒව අහුවෙන එකක් නැහැ. (නි)

:       0       0

යොහාන් Wednesday, 24 April 2013 04:59 PM

කාංචන, ඉතින් ඔයාගේ දු දරුවන්ටත් ඕවා දීල සියල්ල කියලා දෙන්නකෝ (නි)

:       0       0

ශිරෝමි Friday, 26 April 2013 02:24 PM

සම්පත් ඔයා දන්නවද දරුවෝ ඕවා ළඟ තියාගෙන මොනවද කරන්නේ කියලා (නි)

:       0       0

ලතික Wednesday, 24 April 2013 05:13 PM

ඕක මොකක්ද? ඔහොම කරලා කියද හොයාගත්තේ? අනිත් ඒවා අල්ලගන්න නම් ඔය විෂ මදිවෙයි මැඩම්. (නි)

:       0       0

ගාමිණී Saturday, 27 April 2013 10:45 AM

වැඩේ නම් හොඳයි. ඒ වුණත් අනේ මන්දා.හොඳට හිටිය මැඩමුත් නරක්වෙයි ඔය බ්ලූ බලන්න ගිහින්. (නි)

:       0       0

ධනවර්දන Thursday, 25 April 2013 06:30 PM

මේ දාල තියෙන අදහස් දිහා බලපුවහම ලංකාවේ මිනුස්සුන්ගේ සිතුම් පැතුම් ගැන හිතා ගන්න පුළුවන්. කීප දෙනෙක් ඇරෙන්න අනිත් සියලුම දෙන ගැන කකගාටුයි. ඇත්තටම එම ගුරු මාතාව රටට වාසනාවන්. අපි පොඩි කාලේ මේ දේවල් අඩුයි. එනිසා තමි අපි මෙහෙම හරි ජීවත් වෙන්නේ. අපිට වගකීමක් තියෙනවා මේ අහිංසක දරුවෝ විනාසයෙන් රැක ගන්න. තෙරුවන් සරණි සැමට.(නදී)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 26 April 2013 08:49 AM

පවන් ජංගම දුරකථනය ලග තබා ගනිමීදී ඔය කියන ආරක්ෂාව ලැබෙනවා තමි. නමුත් එය පාසලට සුදුසු නෑ.(නදී)

:       0       0

හේවාවිතාරණ Sunday, 28 April 2013 01:48 AM

තාක්ෂණය දියුණු රටවල ඕවා අල්ලන්න ස්කෑනර් තියෙනවා (නි)

:       0       0

ශාන් Friday, 26 April 2013 09:06 AM

මේ වගේ කුහක නුගත් මිනිස්සු ඉන්නකම් කවදාවත් ලංකාව දියුණු වෙන්නේ නැහැ. මෙහෙ නම් අවුරුදු 12 විතර අයත් ජංගම දුරකථන භාවිතා කරනවා. ඒක දැන් මුලික අවශ්‍යතාවයක් වෙලා. ඉස්සර ළමයි ලියුම් ලියලා දෙනවා. දැන් ළමයි එස්.එම්.එස් ගහනවා. එහෙම කරනවා කියලා පොත්,දුරකථන තහනම් කරන එක නෙවෙයි කරන්න ඔනේ උපකරණ හරි ආකාරව භාවිතාකරන්න කියාදීමයි.(නදී)

:       0       0

අමාන් Wednesday, 01 May 2013 12:07 AM

ජංගම දුරකථන පාසලට ගෙනගියාට වරදක් නැහැ කියලා අදහස් දැක් වූ අයට මම දෙන පණිවිඩේ තමයි. මම උගන්වන විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ළමයෙක් ළඟ ජංගම දුරකථනයක් අහුඋණා. ඒ කේ තිබුණේ නිල් චිත්‍රපට කිහිපයක්. මෙවැනි ළමයින් ට, සමාජයට හානියක් වෙන්නෙ නැත්ද? කියලා ඔය කියන අයගෙන් දැන ගන්ඩ කැමතියි. කොහොමත් පාසල් ළමුන් ට ජංගම දුරකථන අවශ්‍ය නෑ. විදුහල්පතිනිය හරි(නු)

:       0       0

චින්තක Friday, 26 April 2013 09:18 AM

ජංගම දුරකථන භීතිය ප්‍රින්සිපල් ළඟ තියෙන ලෙඩක්. ඒ අයට ඕන කෙසේ හෝ විදුහලේ ඉන්න කාලය තුල ළමය ෂේප් එකේ තබා ගැනීම. සමාජෙට ගියාට පස්සේ මොනවා උනත් ඒ අයට ප්‍රශ්නයක් නැහැ. හරි නම් වෙන්න ඕන උපකරණ ප්‍රවේසමෙන් භාවිත කරන අයුරු සමාජ ගත වීමට පෙර පුහුණු කිරීමයි. මෙහෙම හණමිටි ගුරුවරු ඉන්නේ ලංකාවේ. දරුවන් කි දෙනෙක් දිවි නසා ගත්තද මේ ප්‍රින්සිපල් ලා නිසා.(නදී)

:       0       0

පැතුම් Wednesday, 24 April 2013 05:53 PM

කාංචන, හොරෙක් වුණත් කවදාවත් කැමති නැහැ තමන්ගේ දරුවත් හොරෙක් වෙනවා දකින්න. හොඳ දේ අගය කරන්න පුරුදු වෙන්න. විදුහල්පතිතුමියට මගේ ආචාරය. (නි)

:       0       0

ලතික දිල්ශාන Friday, 26 April 2013 10:53 PM

ඇත්ත. ඒක ඇත්ත.ලෝකයේ සමහර රටවල පරිඝණක තාක්ෂණයෙන් තමයි පාසලේ ඉගෙන ගන්නෙත්. (නි)

:       0       0

සමන්-මෙල්බෝර්න් Thursday, 25 April 2013 06:58 PM

මේ රටවල් වල නම් ජංගම දුරකතන වලට අමතරව ළමයින්ට ඇපල් අයිපෑඩ් අනිවාර්ය දෙයක් කරලා තියෙන්නේ. එහෙම කරන්නේ මේ රටවල් වල කුහක මිනිස්සු නැති නිසා සහ මේ රටවල් තාක්ෂනය සමග ඉදිරියටම යන නිසා.(නදී)

:       0       0

ලතික Friday, 26 April 2013 10:55 PM

සම්පත් නියම කතාව. ඕක තමයි ඇත්ත කතාව. (නි)

:       0       0

යොහාන් Wednesday, 24 April 2013 01:06 PM

සංජීව, ඔන්න ඔන්න ඉතින් මෝඩයා වෙන්න යනවා (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 24 April 2013 05:58 PM

මගේ කටෙත් තියෙනවා ටූත් නම්. බ්ලූ නම් අනේ මන්දා? (නි)

:       0       0

ලතිකා Friday, 26 April 2013 11:08 PM

පැතුම්, අගය කරන්න නම් අගය කරන්න තරම් වටිනා වැඩක් කරන්න එපැයි (නි)

:       0       0

දිසානායක Saturday, 27 April 2013 04:41 PM

අයිත් ලේසි නෑ. (ස)

:       0       0

දිසානායක. Saturday, 27 April 2013 04:41 PM

එයත් ලේසි නැහැ...(නු)

:       0       0

සමන්තික Saturday, 27 April 2013 04:45 PM

ගුරුතුමිය තාක්ෂණය තැනට සුදුසු ලෙස පාවිච්චි කරන්න දන්නවා අපේ අනිත් අය වගේ නෙමෙයි තාක්ෂණයත් තියෙනවා මොලයත් තියෙනවා හැබැයි ඒ දෙක පාවිච්චි කරන්න දන්නේ නැති අයනෙ ගොඩක් ඉන්නේ.(නු)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 29 April 2013 12:24 AM

අගය කළයුතු දේ අගය කරන්න බැරි කුහක මිනිසුන්... (නි)

:       0       0

දමිත Saturday, 27 April 2013 04:45 PM

ඉතාම නුවණක්කාර ක්‍රියාවක් ඇත්තෙන්ම අගය කළ යුතුයි..!(නු)

:       0       0

ඩුක්කු Wednesday, 24 April 2013 01:14 PM

යොහාන් , ඇත්තමයි. (නි)

:       0       0

සමිත Saturday, 27 April 2013 04:45 PM

තාක්ෂණයෙන් ප්‍ර යෝජන ගන්න ඕන ඒක ඇත්ත.. හැබැයි ඒකටත් ණුවන තියෙන්න ඕන..!(නු)

:       0       0

නන්දලාල් Wednesday, 24 April 2013 06:34 PM

කාංචන, මේ පුවත වැරදියට තේරුම් අරන් නේද? මේ ළමුන් නරක දර්ශන බලපු කතාවක් නොවේ කියන්නේ. කොහොම වුණත් විනයගරුක ළමුන් පිරිසක් පාසලෙන් එලියට දමන්න ගුරුතුමිය ගන්න උත්සාහය ප්‍රශංශනීයයි (නි)

:       0       0

සමිපත් Friday, 26 April 2013 10:24 AM

මම නම් මේ වැඩේට දැඩිව විරුද්ධයි. ඕක මහම මහා මෝඩ වැඩක්. තාක්ෂණයට වැට බදින එක නෙමෙයි කරන්න ඕනේ තාක්ෂනයෙන් ප්‍රයෝජන ගන්නයි. මේ දුරකතන ළමයින් ගන්නේ දෙමාපියෝ දැනුවත්ව. පාසලේ ප්‍රධාන කාර්ය ගුණ නැන ලබාදීම. ළමයින් දැනුම්වත් කරන්න ඕනේ අනිසි බාවිතයෙන් වලකින්නයි. .තකතීරු වැඩ නිසා ළමයි මානසික ගැටලු වලට ලක්වෙලා. ඒ විතරක් නෙවෙයි කී දෙනෙක් දිවි නසා ගත්තද? (නදී)

:       0       0

රොක් Wednesday, 24 April 2013 06:43 PM

බ්ලු ටූත් වලින් ෆොටෝ හරි ටෝන්ස් හරි යවන කෙනා සම්බන්ධ කරගන්නකොට අදාල දුරකනතයේ අයිතිකාරයාගේ නමද වැටෙන්නේ? නැත්නම් කෝඩ් එකද? අනික ඩිවයිස් 10 ක් විතර සම්බන්ධ වුනාට පසුව තවත් ඒවා සම්බන්ධ වෙන්න මුල් 10 න් කිහිපයක් මැකිය යුතුයි නේද? (නි)

:       0       0

චන්දු Friday, 26 April 2013 10:32 AM

සමහර අයට මම කියන්නේ හැම දේම නරක විදියට හිතන්න එපා. ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න?(නදී)

:       0       0

දයාවංශ දෙකුම්පිටිය Saturday, 27 April 2013 11:41 AM

ලන්කාවේ එන්න එන්න හින්සනය,ලමා අපචාර,කුඩා දරුවන් පවා,අපචාර, වලට යොමුවන,කාලයක,ඔවුන් ඒවායින් මුදවන්න, එම විදුහල්පතිනිය ගත් උත්සාහය අගය නොකර ඈයව, අවමානයට,ලක් කරමින්,අනෙක් රටවල,තාක්ෂනය, සමග සසදමින්,මෙම ක්‍රියාව, අඩු තක්සේරු කිරීමට් ඈතමුන් පලකල විවෙච්න,ඉතාම කනගාටුදායකයි......අද ජාතින් ආගම් අතර, බේද ඈති කරන ඇත්තෙන්ම ක්‍රියාකලයුත්තෙ,අප, සිංහල බෞදයන්ගේ, සීග්‍රයෙන්,පිරිහෙන, ගුණධර්ම නැවත යතා තත්වයට ඈති කර යහපත් සමාජයක් ඈති කිරිමයි(නු)

:       0       0

සොලොමන් Wednesday, 01 May 2013 03:33 PM

මැඩම්, මීට එහා ගිය වැඩ තියෙනවා (නි)

:       0       0

අනෝජ් Wednesday, 24 April 2013 01:27 PM

ඔහොම තමයි වෙන්න ඕනෑ. (නි)

:       0       0

විපුල Wednesday, 01 May 2013 03:42 PM

විශිෂ්ට කාර්යයක්. (නි)

:       0       0

සුජීව Sunday, 28 April 2013 06:50 AM

මේක ලංකාව මිසක් ඕස්ට්‍රේලියාව නෙමෙයි. පිටරට වලට ගියහම අපේ අය ගොඩ සුද්දෝ වෙනවා. (නි)

:       0       0

ස්ට් Friday, 26 April 2013 04:34 PM

දැන් ඔය දුරකතන ටිකට මොකද කළේ? (නි)

:       0       0

දුල්මිනී Monday, 29 April 2013 12:22 PM

අනේ මන්දා වැඩේ හොදයි. ඒ උනාට ළමයින්ගේ මානසිකත්වය ගැනත් හිතලා වැඩ කරන්න.(නදී)

:       0       0

ඉෂාක් Thursday, 25 April 2013 09:12 AM

හොඳ වෙලාවට අපි ඉස්කෝලේ යන කාලේ අපේ විදුහල්පතිලට ඔය දැනුම තිබුණේ නැහැ. බ්ලූ ටූත් ආපු අලුත නිසා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 409 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 604 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1027 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9338 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 847 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 316 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 484 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1983 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site