කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න
ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගෙන එක කෙල්ලක වෙනුවෙන් කොල්ලන් තුන් දෙනකු කෑගල්ල ප්‍රදේශයේ නගරයක දී ගුටි බැට හුවමාරු කර ගැනීමේ සිද්ධියක් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
ඇය මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට දෙවැනි වරට පෙනී සිටීමට නියමිතව සිටින කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක පදිංචි 20 හැවිරිදි සිසුවියකි. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින මෙම සිසුවිය කෑගල්ල ප්‍රදේශයේ තරුණයන් තිදෙනකු සමග ප්‍රේම සම්බන්ධතා පවත්වා ගෙන ගියේ එකිනෙකාට හොර රහසේය.
එක තරුණයෙක් යුද හමුදා සෙබළෙකි. තව තරුණයෙක් කොළඹ සමාගමක කෑගල්ල දිස්ත්‍රික්කයේ අලෙවි ප්‍රවර්ධනකරුවෙකි. සෙසු තරුණයා විශ්වවිද්‍යාල සිසුවෙකි. සිසුවිය තරුණයන් තිදෙනාම වෙන වෙනම ඇසුරු කළාය.
මීට මාසයකට පමණ ඉහතදී සිසුවිය යුද හමුදා පෙම්වතාට යැයි සිතා යැවූ කෙටි පණිවුඩයක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ දුරකතන අංකයට යැවුණේ අත් වැරදීමකිනි. කෑගල්ල දිස්ත්‍රික්කයේ අලෙවි ප්‍රවර්ධන පෙම්වතාට යැවිය යුතු කෙටි පණිවුඩය ද යුද හමුදා පෙම්වතාගේ දුරකතනයට යැවුණි.
පසුව තරුණයන් තිදෙනාට වැටහී ඇත්තේ තම පෙම්වතියට තවත් පෙම්වතුන් කිහිප දෙනකු සිටින බවය. ඒ බව මීට සති දෙකකට පමණ ඉහතදී තරුණයෝ තිදෙනා පෙම්වතියගෙන් ද විමසීමක් කළහ. එහිදී සිසුවිය පෙම්වතුන් තිදෙනා එල්ල කර ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළාය.
ඉකුත් දිනක දී යුද හමුදා සෙබළා දින කිහිපයක් නිවාඩු ලබා නිවෙසට පැමිණියේය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ද නිවෙසට පැමිණ සිටියේ දින කිහිපයක් ලැබුණු නිවාඩුවටය. ගෙවල්වලට පැමිණ සිටි පෙම්වතුන් දෙදෙනාට එකම දිනක දී වේලාවන් දෙකක දී නගරයේදී එක් තැනක දී හමුවීමට තරුණිය වේලාවන් දෙකක් දුන්නාය. ඒ දහවල් 12 ට යුද හමුදා පෙම්වතාට ද සවස 2.00ට විශ්වවිද්‍යාල පෙම්වතාටය.
දහවල් 12 ට යුද හමුදා පෙම්වතාට වේලාව වෙන් කර තිබුණ ද ඔහු පැමිණියේ පැයක් පසු කර සවස 1.00ටය. සවස 1.00 ට පැමිණි යුද හමුදා පෙම්වතා පෙම්වතියගේ දුරකතන අංකයට ඇමතුම් කිහිපයක් ගත්ත ද කිසිම ප්‍රතිචාරක් දක්වා නොමැත. පසුව යුද හමුදා සෙබළා තරුණිය හමු වීමට හැකි බව කියා තිබුණු ගුරු පාර දිගේ ගමන් කරමින් සිටියදී පෙම්වතිය තරුණයකු සමග දොඩමළුවෙමින් සිටින අයුරු නෙත ගැටුණේය.
හමුදා සෙබළා ඔවුන් දෙදෙනා අසලට ගිය අවස්ථාවේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයා හමුදා සෙබළාට තමුන් කවුද... ඇයි මෙතනට ආවේ... යැයි විමසුවේය. පසුව තරුණයන් දෙදෙනා අතර ඇතිවීයේ උණුසුම් වචන හුවමාරුවකි. තරුණයන් දෙදෙනා බේරීමට තරුණිය කෑ ගසමින් මැදට පැන්නාය.
අසල පිහිටි වෙළෙඳසල් කිහිපයක සිටි තරුණ පිරිසක් ද එතැනට රොක් වූහ. මේ අපේ අලෙවි ප්‍රවර්ධන කොල්ලාගේ කෙල්ල නේද මේ අඬ අඬ ඉන්නේ...? යැයි තරුණ වෙළෙන්දෙක් අලෙවි ප්‍රවර්ධන තරුණයාට සිද්ධිය සම්බන්ධයෙන් දුරකතන ඇමතුමක් දුන්නේය.
පසුව අලෙවි ප්‍රවර්ධන තරුණයා ද පැමිණ තිදෙනා අතර වචන හුවමාරුව පසුව ගුටි බැට හුවමාරුවක් දක්වා දික් ගැසුණි. තරුණිය හෙමින් සැරේ එතනින් මාරු වී ගියාය. පසුව තරුණයෝ තිදෙනා සන්සුන් වී සිදු වූ ගැටලුව සම්බන්ධයෙන් එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගත්හ. එහිදී ඔවුන් තිදෙනාට වැටහී ඇත්තේ තරුණිය හොර රහසේ තිදෙනාටම පෙම් කර ඇති බවය. කරුණු වටහාගෙන ඇති තරුණයෝ තිදෙනා පසුව අතට අත දී යළි දවසක හමු වෙමු යැයි පවසා පිටව ගියහ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිසුවියගේ ප්‍රේම ජාලය ටවුම මැද ගුටි කෙළියක
fairoos Thursday, 28 December 2023 01:32 PM
එහෙනම් කෙල්ලට ළඟදීම සම්බුව හම්බවෙයි...
Pweerasinghe Saturday, 30 December 2023 07:59 AM
කෙල්ල ඇඳගෙන නාලා තියෙන්නේ. ඕවා තමයි මරණයට අත වනන්නේ...?